Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E03 & E04] Sinhala Subtitles | ගැහැණු ගෙනෙන අකරතැබ්බ! [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E03 & E04] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

ආරම්භක කොටස් වලින් අපිට දකින්න ලැබුනා ස්පේස් කව්බෝයි කෙනෙක් කියල කියන්නෙ කවුද මොනවගේ කෙනෙක්ද කියලා. මෙයාලගේ රස්සාව තමයි ත්‍යාග මුදලක් නියම කරපු අපරාධකාරයෙක්ව නියමිත කොන්දේසි වලට අනුව අල්ලලා දීලා සල්ලි ගන්න එක. ස්පයික් කියල කියන්නෙ මෙන්න මේ වැඩේ කරන කව්බෝයි කෙනෙක්. මෙයාගෙ සඟයා තමයි ජෙට් කියල කියන්නෙ. ඇහැට වැටෙන එක බිංදුවකින් වියරු වැටෙන පෞරුෂයක් ලැබෙන ඖෂධයක් එක්කම ඇසිමොව් කියන අපරාධකාරයා අන්තිමේදී තමන්ගෙ සහායිකාව අතින්ම මිය යනවා. පස්සෙ සුරතල් සත්ව හොරෙක් වෙන අබ්දුල් හකීම්ගෙ පස්සෙන් ස්පයික් ගියත්, හකීම් අවාසනාවන්ත විදිහට පොලිසියට අහුවීම නිසා එයාව අල්ලගන්න ස්පයික්ට පුලුවන් වෙන්නේ නෑ. හැබැයි මෙතනදි හකීම් හොරකම් කරල තියෙන්නෙ බල්ලෙක්ව. හකීම්ව ස්පයික්ට නැති වුනත් හකීම් හොරකම් කරපු බල්ලා නම් අන්තිමේදි ස්පයික් ළඟ තියාගන්න සිද්ධ වෙනවා.

ස්පයික් සහ ජෙට් දෙන්නාට මීළඟට මුහුණ දෙන්න වෙන්නෙ ගැහැණු මුල් වුනු බවුන්ටියකට. මේකෙදි එක්කෙනෙක් මැර ගැහැණියක් වෙද්දි අනිත් කෙනා දක්ෂ හෙරක්. කවුද ඒ දෙන්නා? ස්පයික් සහ ජෙට් මේ දෙන්නා එක්ක හැපෙන්නෙ කොහොමද? මේ වතාවෙ වත් හොරු අල්ලන් සල්ලි හොයන්න පුලුවන් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

596 downloadsDownload Cowboy-Bebop-1998-S01-E03-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

596 downloadsDownload Subtitles22 KB

3 comments

  1. Nadun

    Mekama patta bro. Anyway thanks

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P