Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E01 & E02] Sinhala Subtitles | අජටාකාශයේ දඩයම්කරුවෝ [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E01 & E02] Sinhala Subtitles ඇනිමෙ අතර ස්වර්ණමය ඇනිමෙ යුගයට ශ්‍රී ලාංකික ඇනිමෙ රසිකයො හැමෝවම වෙනදා වගේම කොන්නිචිවා කියල පිළිගන්නවා. ලෝක ඇනිමෙ සමාජයේ ඇනිමෙ ස්වර්ණමය යුගය කියල හඳුන්වන 90 දශකයේ නිමවුනු තවත් එක් විශිෂ්ට නිර්මාණයකට ඔබව රැගෙන යන්නයි මේ සූදානම. මේ උපසිරැසි ගැන්වීම කිහි…

Cowboy Bebop Sinhala Subtitles

ඇනිමෙ අතර ස්වර්ණමය ඇනිමෙ යුගයට ශ්‍රී ලාංකික ඇනිමෙ රසිකයො හැමෝවම වෙනදා වගේම කොන්නිචිවා කියල පිළිගන්නවා. ලෝක ඇනිමෙ සමාජයේ ඇනිමෙ ස්වර්ණමය යුගය කියල හඳුන්වන 90 දශකයේ නිමවුනු තවත් එක් විශිෂ්ට නිර්මාණයකට ඔබව රැගෙන යන්නයි මේ සූදානම. මේ උපසිරැසි ගැන්වීම කිහිප දෙනෙක්ගෙන් හුඟ කාලෙක ඉඳන් ආපු ඉල්ලීමක් වෙනවා වගේම අපි අනිවාරෙන්ම සිංහල උපසිරැසි ගැන්වීමට බලාපොරොත්තුවෙන් හිටපු එකක්. කොහොමින් කොහොමහරි ඔන්න ඒ ෆැන්ටසියත් ඇනිමෙ රසිකයින්ට තිලිණ කරන්නයි මේ හදන්නෙ. මේක ඇවිල්ලා Cowboy සහ Bounty Hunting කියන කාරණා දෙක මතම රැදුනු කතාවක්. ඒ වගේම තියෙන විශේෂම කාරණාව තමයි මේක Space Cowboy වරු සහ Space Bounty Hunting මත පදනම් වුනු රසවත් කතාවක් වෙන එක.

“කව්බෝයි” කියල කිව්වමත් අපිට මුලින්ම මතක් වෙන්නෙ මං හිතන්නෙ අපි රූපවාහිනියේ නරඹපු “කව් ද බෝයි” නමින් සිංහල හඬ කවා විකාශය වුනු “Lucky Luke” කියන බටහිර කාටුන් කතා මාලාව වෙන්න ඕනි. ඒ වගේම “කව්බෝයි” කියන වචනෙ ඇහුනමත් දැක්කමත් අපිට මැවෙන්නෙ රවුම් තොප්පියක් දාගත්තු, දිග කලිසමක් එක්ක අත් දිග කමිසයක් ඇඳපු, පිස්තෝලයක් ඉනේ බැඳන් ඉන්න, අශ්වයෙක්ගෙ පිටේ යන කෙනෙක්නෙ. සමහරවිට මෙයා මිනීමරුවො හොරු අල්ලන විදිහෙ කෙනෙක් වෙන්නත් පුලුවන්. ඒ විදිහට අල්ලන්නෙ මුදල් වලට, එහෙම නැත්නම් අදාළ අපරාධකාරයා වෙනුවෙන් නියම කරපු ත්‍යාග මුදලකට වෙන්නත් පුලුවන්. අන්න ඒක අපි හඳුන්වනවා “බවුන්ටි හන්ටින්” (Bounty Hunting) කියලා. ඉතින් ඒ වගේ දේවල් එක්ක, එක එක විදිහට එක එක මාධ්‍යන් ඔස්සේ මේ කව්බෝයි කියන චරිතය අපේ ඇස් ඉස්සරහට අරන් ඇවිත් තියෙනවා.

1998 වසරේදී විකාශය වුනු Cowboy Bebop ඇනිමෙ කතා මාලාව IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙනවා. Sunrise Studio එක විසින් නිර්මාණය කරපු මේ ඇනිමෙ එක Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 ක් පුරා දිව යනවා. R-17 (Violance & Profanity) යටතේ Rate වෙමින් Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු මේ කතාව Original Story එකකට අනුව අධ්‍යක්ෂක Shinichiro Watanabe සෙන්සේ අතින් නිර්මාණය වූවක් වෙනවා. මේ Watanabe සෙන්සේ අතින් නිමවුනු තවත් ජනප්‍රිය නිර්මාණයක් විදිහට Samurai Champloo හඳුන්වන්න පුලුවන්. අධ්‍යක්ෂක Watanabe සෙන්සේගේ විශේෂත්වය තමයි මේ කතාවට western cowboy style එක space එකට අරන් යන ගමන් western jazz music කතාවට ඇතුළත් කරල තියෙන එක. ඒක නිසාම මේ Cowboy Bebop ඇනිමෙ කතා මාලාව කැපී පේනවා කියලයි මගේ පෞද්ගලික හැඟීම. ඒකත් එක්කම ගැලපෙන Music එක්ක The Seatbelts සංගීත කණ්ඩායම අරන් එන “Tank!” නම් Opening Theme එක සහ “The Real Folk Blues” කියන Ending Theme එක මේ කතාවේ unique ගතිය වැඩි කරනවා. ඒ වගේම background music වලින් කතාවේ අමුතු ගතිය තවත් වැඩි කරනවා.


අධ්‍යක්ෂක Shinichiro Watanabe සෙන්සේ

ඒ වගේම මේ Cowboy Bebop ඇනිමෙ කතා මාලාවට අමතරව Cowboy Bebop:Shooting Star සහ Cowboy Bebop නමින් Manga series දෙකක් ඇනිමෙ එක නිකුත් වෙන කාලයේදී නිකුත් වෙනවා. ඒ වගේම “Cowboy Bebop” සහ “Cowboy Bebop: Serenade of Reminiscence” නමින් Playstation Video Game දෙකකුත් නිකුත් වෙනවා. ඉන් පසුව මේ Cowboy Bebop ඇනිමෙ කතා මාලාවට සම්බන්ධ කරමින් Cowboy Bebop:The Movie නමින් ඇනිමෙ චිත්‍රපටයක් 2001 වසරෙදි නිකුත් කරනවා. ඒ චිත්‍රපටයට සිංහල උපසිරැසිය මේ කතා මාලාවෙන් පසුව අරන් එන්නම්. ඊටත් පසුව අවසාන adaptation එක විදිහට 2021 වසරේදී Cowboy Bebop ලෙසින් live action series එකක් නිකුත් කරනවා.


Cowboy Bebop:The Movie (2001) චිත්‍රපටය


Cowboy Bebop සජීවී ක්‍රියාදාම රූපවාහිනී කතා මාලාව (2021)

මේ කතාව අපි දන්න කියන කව්බෝයි කතාවන්ට වඩා බොහෝ සෙයින් වෙනස්. කතාවේ හුඟක් දේවල් Space එක, එහෙම නැත්නම් අභ්‍යවකාශය මුල් කරගෙන සිද්ධ වෙනවා. කතාව නිර්මාණය වුනේ 90 දශකයේ වුනත් කතාවේ කාල රාමුව හුඟක් අනාගතයට දිව යනවා. ස්පයික් ස්පීගල් සහ ජෙට් බ්ලැක් කියල කියන්නෙ එකට කාලා බීලා ඉන්න ස්පේස් බවුන්ටි හන්ටර්ලා දෙන්නෙක්. කිව්වත් වගේම මේ හැමදේම වෙන්නෙ අභ්‍යවකාශයේ. මේ දෙන්නගේ රස්සාව තමයි බවුන්ටි හන්ටින් කරන එක. ඒ කියන්නෙ මුදලක් නියම කරපු අපරාධකාරයෙක්ව අල්ලලා භාර දීලා ඒ මුදල ගන්න එක. මේ දෙන්නගේ යානාව තමයි බිබොප් (Bebop) යානාව. ඉතින් මෙයාලා මේ යානාවෙන් ගිහින් තමයි මේ දඩයම් ඔක්කොම කරන්නෙ. හැබැයි බිබොප් යානාව ඇතුළෙ මේ දෙන්නට වෙන වෙනම පොඩි යානා දෙකකුත් තියෙනවා. ඒක අවශ්‍යතාවය අනුව තමයි පාවිච්චි කරන්නෙ. අපිට ආරම්භක කොටස් වලින් දකින්න ලැබෙන්නෙ බවුන්ටි හන්ටින් දෙකක් තමයි. එක්කෙනෙක් “ඇසිමොව් සොලෙන්සන්” නම් වුනු නීතී විරෝධී උත්තේජක අක්ෂි ඖෂධයක් හොරෙක්. අනිත් කෙනා “අබ්දුල් හකීම්” නම් වුනු අනුක්‍රමික සුරතල් සත්ව හොරෙක්. මනුස්සයෙක් ඇයි සුරතල් සත්ව හොරෙක් වෙන්නෙ? ඒ සත්තුන්ගෙ විශේෂත්වයක් තියෙන නිසාද? නීති විරෝධී උත්තේජක අක්ෂි ඖෂධය මොකක්ද? ඒකෙන් වෙන්නෙ මොකක්ද? ස්පේස් කව්බෝයිවරුන්ට මේ දඩයම් සපුරගන්න පුලුවන් වේවිද? අභ්‍යවකාශය වුනාට සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කිහිපයකම චාරිකාවේ යෙදෙමින් දඩයමේ යන කතාවක් විදිහට මේ කතාව තවත් විශේෂ කරන්න පුලුවන්. ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් වගේම තවත් විටෙක අධි ස්වාභාවිකත්වයෙන්, විද්‍යා ප්‍රබන්ධයෙන් වගේම උපහාසයෙන් පිරුණු මේ කතාව මෙතැන් පටන් නරඹන්න කියල මං ආරාධනා කරනවා.

මේ Cowboy Bebop ඇනිමෙ කතා මාලාව සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Japanese Audio එකට ගැලපෙන විදිහටයි. ඔයා dual audio වීඩියෝ පිටපතකින් කතාව නරඹනවා නම් කොටස් Japanese Audio එකට මාරු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඇතැම් තැන්වල වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් වගේම සිද්ධීනූත් ඇතුළත් වෙනවා. එහෙනම් Cowboy Bebop කතා මාලාවේ බිබොප්හි කව්බෝයිවරුන්ගේ වික්‍රමාන්විත නාඩගම් සමඟින් අපි ඉදිරි කොටස් වලින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,243 downloadsDownload Cowboy-Bebop-1998-S01-E01-E02.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles Cowboy Bebop Sinhala Subtitles

Subtitles

1,243 downloadsDownload Subtitles21 KB

8 comments

  1. Anonymous

    බොහොම ස්තූතියි ලංකන් weebs සෙට් එකට. සුපිරි වැඩක් මචන්ලා.. ජය වේවා...

  2. nadun

    thanks bro . finally inner peace

  3. amith

    arigato bro

  4. Asel

    adarei adarei guys palenna.kochchra kal indanada man balan hitiye,godak thanks .kiyanna wachana naha aththatama godak sathutin.ahamben dakke .umma

  5. nami

    thank u soooooooo much

  6. Ishan Madusha

    නියමයි.බෝහෝම ස්තූතියි...

  7. Anonymous

    Tokyo revengera ekatath dannako

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.