Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E13 & E14] Sinhala Subtitles | නොදැනුවත්වම හමුවුනු “ජූලියා” [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E13 & E14] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 13 සහ 14 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

බිබොප් කණ්ඩායමට පහර දුන්නු අභිරහස් අද්භූත ප්‍රහාරයා කවුද කියන එක අපිට දකින්න ලැබුනා. ඇත්තටම විය නොහැකි ආකාරයේ අධිස්වාභාවික අද්භූත කොටසක් වුනු ඒ කොටස ඉවර වුනේ අපි හිතවෙවත් නැති විදිහටයි. මුළු බිබොප් කණ්ඩායමම ලොකු නින්දකට යවන්න ඔන්න මෙන්න හිටපු ඒ සත්වයා අන්තිමට එඩ්වඩ්ගේ කෑමක් වෙලා අවසාන වුනා. කතාව මුලදී අපි අහපු දැකපු ජූලියා කියන්නෙ කවුද, ඒ නම ස්පයික්ට සම්බන්ධ වෙන්නෙ කොහොමද, කියන එක තාමත් අපිට පැහැදිලි නැති වුනත් ජූලියා කියන නම හඹා ගන්න ස්පයික් දෙපාරක් හිතන්නේ නෑ. ජූලියා නමත් එක්ක ග්‍රෙන් කියල නමකුත් ස්පයික්ට හම්බවෙනවා. ඒ වගේම ග්‍රෙන් කියන්නෙ ඇත්තටම කවුද කියලා ෆේයි හොයාගන්නවා. රෙඩ් ඩ්‍රැගන් කියන කල්ලියේ ක්‍රියාකාරී නායකයෙක් වෙන විශස්ගේ එක්තරා හොරබඩු ගනුදෙනුවකට තමයි මේ විදිහට බිබොප් කණ්ඩායම මැදි වෙන්නේ.

ඉතින් මේ ගනුදෙනුවට මැදිහත් වුනු ස්පයික්ට නැවත වාරයක් මුණ ගැහුනු විශස්ගෙන් මින විදිහේ ප්‍රතිචාරයක් ලැබේවිද? ස්පයික් හොයන ජූලියාව ස්පයික්ට මුණ ගැහේවිද? මේක තවත් ක්‍රියාදාමයෙන් පිරුනු කොටසක් බව කියන්න ඕනි. නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

571 downloadsDownload Cowboy-Bebop-1998-S01-E13-E14-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

571 downloadsDownload Subtitles23 KB

2 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P