Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E15 & E16] Sinhala Subtitles | නැවත හමුවන අතීතය [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E15 & E16] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 15 සහ 16 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

“ජූලියා” කියන නම ඇසූ පමණින් කලබල වෙන ස්පයික් සුපුරුදු විදිහටම තමන්ගේ යානාවත් අරගෙන මේ ජූලියාව හඹාගෙන ගියත් ඒ පාර අවසානයේ හිටියේ විශස්. අන්තිමේදි ජූලියා කියන්නෙ ස්පයික් හොයපු කෙනා නෙමෙයි, ඒ එක්තරා හොරබඩු ගනුදෙනුවකට පාවිච්චි කරපු කේත නාමයක් බව දැනගන්න ලැබුනා. කලින් කොටසේ වගේම ස්පයික්ව ආපහු වතාවක් විශස් අතින් පරාද වෙනවා. ඊට පස්සෙ අපරාධකාරයො කිහිපදෙනෙක්වම හඹාගෙන යන බිබොප් කණ්ඩායමට හම්බවෙන්නෙ හරි පුදුම දෙයක්. ඒ තමයි ඒ අපරාධකාරයො වැඩ කරන්නෙ යම් කෙනෙක්ගේ උපදෙස් අනුවයි කියන එක. එහෙනම් මහ මොළකාරයෙක් ඉන්න ඕනි. ඒකෙත් ගැට ලෙහාගෙන ලෙහාගෙන යද්දි අන්තිමට හම්බවෙන්නෙ වල පයයි ගොඩ පයයි තියන් ඉන්න වයසක කෙනෙක්. එයා තරුණ කාලයේ කරපු වැඩවල ප්‍රතිඵල තමයි මේ විදිහට එළියට එන්නේ කියලා තේරුම් ගන්නා බිබොප්වරු, ඒ වයසක කෙනාට පාඩුවේ ඉන්න දීලා කිසිම මහමොළකාරයෙක්වත් සල්ලියක්වත් නැතුව ආපහු හැරිල එනවා.

බිබොප් කණ්ඩායමේ සාමාජිකයන් නොයෙක් සිදුවීම් ඔස්සේ එකතු වුනත් අපි තාමත් නොදන්න දෙයක් තමයි මෙයාලගෙ අතීතය මොකක්ද කියන එක. ස්පයික්ගේ අතීතයට විශස් කියන මැරයා සම්බන්ධයි කියල ඇඟෙව්වත් ඒ ගැන හරිහමන් විස්තරයක් තවම නෑ. ඒ වගේම තමයි ජෙට් සහ ෆේයි දෙන්නගෙත් අතීතය තාමත් අපිට කුතුහලයක්. ඔන්න මේ කොටස් දෙකෙන් ඒ ප්‍රශ්නෙට පොඩි උත්තරයක් හම්බ වෙනවා. මේ අතීත කතාව මොන වගේද? අතීතයේ සිද්ධ වුනේ මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන්- හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

587 downloadsDownload Cowboy-Bebop-S01-E15-E16-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles

587 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. chathura

    thanks

  3. Namal

    Demon slayer hashira Training arc ekatath sub dennakoo

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.