Yu Yu Hakusho [S01 : E02] Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ දෙවනි දිගහැරුම එක්ක තමා එකතු වෙලා ඉන්නෙ මේක මම නම් කරල තියෙන්නෙ යොකායි වරු තුන්දෙනා කියලනෙ. එහෙනම් අපි බලමු මේ යොකායි කියන්නෙ කව්ද?…
Yu Yu Hakusho Sinhala Subtitles
හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ දෙවනි දිගහැරුම එක්ක තමා එකතු වෙලා ඉන්නෙ මේක මම නම් කරල තියෙන්නෙ යොකායි වරු තුන්දෙනා කියලනෙ. එහෙනම් අපි බලමු මේ යොකායි කියන්නෙ කව්ද? කියලා.
✦ Kurama (කුරමා)
කුරමා කියල කියන්නෙ යොකායිලා අතරෙ දක්ෂම වගේම බුද්ධිමත්ම කෙනා කිව්වොත් නිවැරදියි. ඒ වගේම ශාක පාලනය වගේ හැකියාවල් තියනවා. දැන් අර්ධ යොකායි ස්වරූපෙන් ඉන්නෙ. සම්පූර්ණ යොකායි ස්වරූපෙට එන්නත් මෙයාට පුලුවන්. වගේම මෙයාව Stone-cool යොකායි කියලත් හඳුන්වනවා. අන්ධකාරයේ කැඩපත තියෙන්නෙත් මෙයා ගාව. රංගනයෙන් දායක වෙන්නෙ Jun shison.
✦ Hiei (හීයි)
හීයි කියල කියන්නෙ සම්පූර්ණ යොකායි කෙනෙක් වේගය අතින් ගත්තොත් අනිත් යොකායිලා තුන්දෙනාම වඩා වේගවත්. මෙයාගෙ මේ බලයෙන් වැඩි කොටසක් ලැබෙන්නෙ කොන්ජරින් තලය නිසා. ඒ වගේම මෙයාගෙ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Kanata hongo කියන කෙනා.
✦ Goki (ගෝකි)
ගෝකි කියල කියන්නෙත් සම්පූර්ණ යොකායි කෙනෙක්. ඒ වගේම දරුණුම යොකායි කියලත් හඳුන්වන්න පුළුවන් ඇත්ත ස්වරූපය යක්ෂ එකක් උනත් සාමාන්‍ය වෙලාවට ඉන්නෙ මනුෂ්‍ය ස්වරූපයෙන්. ඒ වගේම ආත්ම ගෝලය තියෙන්නෙ මේ යොකායි ගාව. මේකෙන් කෙනෙක්ගෙ ආත්ම ඇදගෙන අනුභව කරන එක තමා මෙයා කරන්නෙ.
⊷දෙවන දිගහැරුම- යොකායි වරුන් තිදෙනා⊶
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
…මුලින්ම අපි කතාවෙ පහුගිය කොටස් ගැන ආයෙත් මතක් කරගෙන ඉමු. යුසුකේ තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් ආත්ම පරීක්ෂකයෙක් වෙන්න තීරණය කළා. ඒ වගේම එයාගෙ පලවෙනි රාජකාරිය විදියට වටපණු රකුසව ඉවරයක් කලා. එයා එයාගෙ ගෙදර අයව බලන්න එන තැනින් තමයි කතාව ඉවර උනේ. අද කතාව ගැන බැලුවොත් මේ ආත්ම ලෝකය පාලනය කරන බලවත් වස්තූන් තුනක් තියනවා. ඉතින් කාලෙකට කලින් යොකායි වරු තුන්දෙනා මේ වස්තූන් තුන හොරකම් කරනවා ඉතින් මේවා ආයෙත් අරගෙන දෙන රාජකාරිය පැවරෙන්නෙ යුසුකේට. මෙයාගෙ පලවෙනි විරුද්ධ වාදියා වෙන්නෙ ආත්ම ගෝලය පාවිච්චි කරලා ආත්ම අනුභව කරන ගෝකි කියන යොකායි. එහෙනම් අපි බලමු යුසුකේද එහෙමත් නැත්නම් ගෝකිද කියලා හැමෝටම සුබ දවසක් ✌️.
ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
930 downloadsDownload Yu-Yu-Hakusho-S01-E02-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Buddhika Lakmal
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement




Thanks Bro sub ekata