Creature Commandos [S01 : E01] Sinhala Subtitles DC රසිකයින් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! මේක සුවිශේෂ උපසිරසියක්. මොකද මේ අරගෙන ඇවිත් තියෙන්නේ James Gunn ගේ සග Peter Safran ගේ නායකත්වය යටතේ නිර්මාණය වන අලුත් DC විශ්වයේ පළවෙනිම project එක වන “Creature Commandos” කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උප…

Creature Commandos Sinhala Subtitles
DC රසිකයින් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! මේක සුවිශේෂ උපසිරසියක්. මොකද මේ අරගෙන ඇවිත් තියෙන්නේ James Gunn ගේ සග Peter Safran ගේ නායකත්වය යටතේ නිර්මාණය වන අලුත් DC විශ්වයේ පළවෙනිම project එක වන “Creature Commandos” කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි යි. ඉතින් මේක අලුත් DC සිනමා විශ්වයේ පළවෙනිම ප්‍රොජෙක්ට් එක නිසා Creature Commandos ල ගැන කතා කරන්න කලින් අපි අලුතින් හැදෙන DCU එක ගැන කතා කරල ඉඳිමු.
DC Universe (DCU) හි ආරම්භය
සුපිරිවීර රසිකයෙක් නම් අනිවාරෙන්ම DC Extended Universe (DCEU) කියන එක අහලා තියෙන්න ඕනේ. DCEU කියන්නේ MCU එකත් එක්ක තරඟ කරන්න Warner Bros. ලා යටතේ හදාගෙන ගියපු චිත්‍රපටි පෙළටයි. නමුත් MCU එකේ වැදගත්ම දේ වුණු, Kevin Feigeගේ යටතේ සිද්ධවුණු central management එක DCEU එකට තිබුණේ නෑ. ඉතින් ඒ නිසා DCEU විශ්වයේ continuity එක විකාරයක් වෙන්න ගත්තා. ඒවගේම DCEU එක කවදාවත් MCU එක තරම් රසික ආදරයට ලක් වුණේවත්, සාර්ථකත්වයක් අත් කරගත්තේවත් නෑ. ඒ නිසා Warner Bros. ලා තීරණය කළා James Gunn ගේ නායකත්වයෙන් “DCU” නමින් අලුත් විශ්වයක් ආරම්භ කරන්න.
2023 ජනවාරි මාසයේ YouTube ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් James Gunn අලුත් DCU එකේ පළවෙනි කොටස එළිදැක්වුවා. “Chapter 1: Gods and Monsters” ලෙස නම් කරල තියෙන මේ පරිච්ඡේදය යටතේ නිකුත්වෙන ෆිල්ම්ස් සහ ටීවී සිරිස්වලින් කොටසක් මේ වීඩියෝවෙන් අනාවරණය කළා (සම්පූර්ණයෙන්ම පළමු පරිච්ඡේදය ම එළිකළේ නෑ).
- Creature Commandos – TV series / Animated
- Waller – TV Series / Live Action
- Superman – Movie / Live Action
- Lanterns – TV Series / Live Action
- The Authority – Movie / Live Action
- Paradise Lost – TV Series / Live Action
- The Brave and the Bold – Movie / Live Action
- Booster Gold – Movie / Live Action
- Supergirl: Woman of Tomorrow – Movie / Live Action
- Swamp Thing – Movie
ඒවගේම කියන්න ඕනේ මං මෙතන ඉදිරිපත් කළේ James Gunn 2023 ජනවාරිවල එළිකළ චිත්‍රපටි සහ ටීවි සීරිස් කීපය විතරයි. ඊටපස්සේ සැරින් සැරේ තවත් ප්‍රොජෙක්ට්ස් ගැන විස්තර කීපයක් එළියට ආවා. ඒත් ඒවයින් බොහොමයක් ගැන තාම හරියට විස්තරයක් ලැබිල නෑ. DCU එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි එකම චරිතය animated හෝ live action project එකක දකින්න ලැබෙනකොට එයාට හඬ කවන්නේ / රඟපාන්නේ එකම නළුවා/නිළිය වීම. ඒ කියන්නේ මේ සීරිස් එකෙන් Creature Commandosලට හඬකවන නළු නිළියන්ම තමයි ඉදිරියට DCU live action චිත්‍රපටිවල හෝ සීරිස්වල එයාලා විදියට රඟපාන්නෙත්.
Creature Commandos: කොමික් පසුබිම
දැන් අපි බලමු මේ Creature Commandos ලගේ කොමික් පසුබිම දිහා. Creature Commandos ලා මුලින්ම හඳුන්වා දෙන්නේ 1980 නොවැම්බරයේ නිකුත් වුණු Weird War Tales #93 කියන කලාපයෙනුයි. Project M කියන ව්‍යාපෘතිය යටතේ දෙවන ලෝක යුධ සමයේ Creature Commandos ලව නිර්මාණය කරන්නේ මහාචාර්ය මසුර්ස්කි යටතේයි. මුල්ම Creature Commandos කණ්ඩායමේ හිටියේ Warran Griffith (වර්වුල්ෆ් කෙනෙක්), J.A.K.E. (මෙයා තමයි මුල්ම G.I. රොබොට්), Dr. Myrra Rhodes (මෙඩූසා), Lieutenant Matthew Shrieve (කණ්ඩායම් නායකයා), Elliot Taylor (ෆ්රැන්කන්ස්ටයින් වගේ එකෙක්), Sgt. Vincent Velcro (වැම්පයර් කෙනෙක්).
New 52 යන නමින් DC කොමික්ස් තමන්ගේ විශ්‍වය reboot කරනකොට Agent of S.H.A.D.E. යටතේ අපට අලුත් Creature Commandos කණ්ඩායමක් හඳුන්වලා දුන්නා. මේ කණ්ඩායමේ ඉන්නේ Father Time (S.H.A.D.E. එකේ නායකයා), Dr. Ray Palmer (ඇටම්), බ්‍රයිඩ්, ෆ්‍රැන්කන්ස්ටයින්, ඩොක්ටර් නීනා මසුර්ස්කි (වතුරේ විතරක් හුස්ම ගන්න පුළුවන් දියකිඳුරියක් වගේ කෙනෙක්), Vincent Velcoro (වැම්පයර්), Warren Griffith (වර්වුල්ෆ් කෙනෙක්), Khalis (මමියක්)ගෙන් සමන්විත වෙනවා.
ඉතින් අපට මේ කතාමාලාවේ දකින්න ලැබෙන්නේ New 52 continuity එකෙන් inspire වෙච්ච Creature Commandos කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා විදියට ජෙනරල් රිචඩ් ෆ්ලෑග් ත්, සාමාජිකයන් විදියට ඩොක්ටර් පොස්පරස්, වීසල්, නීනා මසුර්ස්කි සහ බ්‍රයිඩ්ව දැකගන්න පුළුවන්. ඒවගේම ෆ්‍රැන්කන්ස්ටයිනුත් මේ කතාවේ ඉන්නවා.
Creature Commandos කතා මාලාවට මේ වෙනකොට IMDb 7.9ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 95%ක අගයකුත් ලැබිල තියෙනවා. ඉතින් මේ බලන්න යන්නේ හොඳ කතාවක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි නේ. මේ කතා මාලාව ෆෑන්ස්ලා හඳුන්වන්නේ “Superman චිත්‍රපටියෙන් ප්‍රධාන භෝජන සංග්‍රහය පටන් ගන්න කලින් දුන්නු කටගැස්මක්” විදියටයි. එහෙනම්, ඔයාලම කතාව බලලා තීරණයකට එන්නකෝ. ඊළඟ එපිසෝඩ් එක හෙට අපේ නිර්මාල් අයියා අරගෙන ඒවි. අපි ආයෙ හමුවෙන්නේ තුන්වෙනි එපියේ සිංහල උපසිරසියෙන්. පීස් ✌️.
Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,174 downloadsDownload Creature-Commandos-S01-E01-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Alan Tudyk
- #Comic
- #Creature Commandos
- #Creature Commandos Sinhala Sub
- #Creature Commandos Sinhala Subtitles
- #David Harbour
- #DC
- #DC Studios
- #Editor's Pick
- #Frank Grillo
- #Indira Varma
- #James Gunn
- #Julian Kostov
- #Maria Bakalova
- #MaxxA
- #Sean Gunn
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Viola Davis
- #Zoe Chao
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
JoneD
Risika Methsan
Thank you brother danakan balan unne.Ithuru epi tikath one anivaren.Jayama wewa!
Dasun Lakruwan
ලිපිය නම් ගින්දර..බලන්න ආසාවෙන් හිටපු එකක්
Nimesh Darshana
Thanks for the sub❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankzz
දෙනකල් බලාන් හිටියේ
♥️♥️