Watch Trailer

Creature Commandos [S01 : E05] Sinhala Subtitles | නැවත පොකොලිස්තානයට [සිංහල උපසිරසි] [18+]

Creature Commandos [S01 : E01] Sinhala Subtitles Creature Commandos රසික රසිකාවියන් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! සුපුරුදු පරිදි මේ අරගෙන ඇවිත් තියෙන්නේ Creature Commandos කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The Iron Pot” ලෙසයි. පසුගිය කොටසින්… හතරවෙනි එපිස…

Creature Commandos Sinhala Subtitles

Creature Commandos රසික රසිකාවියන් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! සුපුරුදු පරිදි මේ අරගෙන ඇවිත් තියෙන්නේ Creature Commandos කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසියි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “The Iron Pot” ලෙසයි.

පසුගිය කොටසින්…

හතරවෙනි එපිසෝඩ් එකේ අපට හොයාගන්න ලැබුණේ වීසල්ගේ අතීත කතාව. මට නම් දැනුණු සංවේදීම එපිසෝඩ් එක තමයි ඒක. වීසල් පොඩි ළමයි 27ක් මැරුවා කියලා එයා චෝදනාවට ලක්වුණාට එයා ඇත්තටම කළේ එයාලව ගින්නෙන් බේරගන්න උත්සහ කරපු විදිය බව අපි දැක්කා. මං හිතන්නේ ඒ එපිසෝඩ් එක නිසා වීසල් හුඟක් අය ආදරය කරන චරිතයක් බවට පත් වුණා.

මේ අතරේ Creature Commandos ලා සර්සි ව ආපහු එක්සත් ජනපදයට අරගෙන ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට සර්සි කියන්නේ එයා රොස්කොවිච් කුමරියව මරන්න හදන්නේ, එයා තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්න හදන නිසා බව. ඒක සර්සිට පේන්නේ අනාගතය දකින්න එයාට තියෙන බලයෙන්. ඉතින් මේ හරහා අපට අලුත් DC විශ්වයේ Knightmare Timeline එක වගේ දෙයක් මිනිත්තු කීපයකට දැකගන්න පුළුවන් වුණා.

ජෙනරල් ෆ්ලෑග් නම් හිතන්නේ මේක අමූලික බොරුවක් කියලයි. නමුත් මහාචාර්ය මැක්ෆර්සන් වොලර්ව තමන්ගේ පැත්තට නම්මගෙන එයාට පැහැදිලි කරනවා සර්සි මේ එයාලට පෙන්නන්නේ ඇත්තටම ඉස්සරහට සිද්ධ වෙන්න නියමිත දෙයක් බව. ඒ නිසා වොලර් Creature Commandos ලට අණ කරනවා නැවත පොකොලිස්තානයට ගිහින් කුමරියව ඝාතනය කරන්න. මේකට අකමැති වෙන රිචඩ් ෆ්ලෑග් කණ්ඩායමෙන් අයින් වෙලා කුමරියට අනතුරු අඟවන්න උත්සහ කරනවා. මේ අතරේ එයා ෆ්‍රැන්කන්ස්ටයින් එක්ක මිත්‍ර වෙන්නත් සමත් වෙනවා. එපිසෝඩ් එක අවසන් වෙන්නේ දෙන්නා කුමරියව බේරගන්න සැලසුම් කරන අතරේ Creature Commandos ලා එයාව ඝාතනය කරන්න ආපහු පොකොලිස්තානයට යන තැනිනුයි.

ඉතින් එතන ඉඳන් මොකක් වෙයිද කියන එක මේ එපිසෝඩ් එකෙන් හොයාගන්න. සුපුරුදු පරිදි ඊළඟ එපිසෝඩ් එක හෙට ඔයාලට නිර්මාල් අයියා ගේනවා. අපි ආපහු ෆිනාලේ එකෙන් හමුවෙමු. පීස් ✌️.

Creature Commandos, Creature Commandos , Creature Commandos [S01: E01] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,094 downloadsDownload Creature-Commandos-S01-E05-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,094 downloadsDownload Subtitles13 KB

1 comment

  1. Kasun

    Dune prophecy series ekata sub oni bn ❤️