මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 T…

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.
criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.
පසුගිය කොටසින්
ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා.
මුලින් දෙදෙනා අතර රණ්ඩු ඇති වුනත් අවසානයේදී යාළු වෙනවා. පසුව ආදිත්‍ය මැයව ගෙදරට ගොස් ඇරලවනවා. ඒත් මේ සනායා ෆෝන් එක කාර් එකේ දමා ගොස් තිබූ නිසා ආදිත්‍යට නැවතත් මැයව හමු වීමට යනවා. ඒත් ආදිත්‍යට පාටියට යෑමට නොහැකි වූයේ තමන් නිසා යැයි සිතන සනායා මොහුව තමන්ගේ නිවසට කැඳවාගෙන මත්පැන් පානය කොට හුදෙකලා පාටියක් දානවා. අවසානයේ දෙදෙනා අතර ආදරයක් නොවන සම්බන්ධයක්ද ඇති වෙනවා. මින් අනතුරුව බලන විට සනායා ඇඳ මත මරා දමා සිටිනවා. මෙයින් බියට පත් වන ආදිත්‍ය පලා ගියත් රිය අනතුරක් නිසා පොලිසියට හසු වෙනවා. කතා කිරීමට නඩුවක් සොයමින් යන මාධව් මිශ්‍රා නම් නීතිඥයා මේ ආදිත්‍යව අරගෙන ආපු පොලිස් ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයට සනායාගෙ නිවසින් ආදිත්‍ය පැන යන ආකාරය දකින සාක්ෂිකරුද පැමිණ සිටිනවා. අහම්බෙන් මෙන් මොහු ආදිත්‍යව දකිනවා. සනායාගෙ මිනීමැරුමට ආදිත්‍යව අත් අඩංගුවට ගන්නවා. මෙයාගෙ නීතිඥයා වෙන්නෙ මාධව් මිශ්‍රා.
අද කොටසින්
මාධව් මිශ්‍රා ආදිත්‍යගේ නිවසට පැමිණ පවුලේ අයට මේ විස්තර පවසනවා. බොහෝ කන්නලව්වෙන් පවුලේ අය ආදිත්‍ය හමු වීමට පොලිසියෙන් අවසර ගන්නවා. මින් පසු ආදිත්‍ය සහ මේ නඩුවට කුමක්ද සිදු වන්නේ කියා මේක අරගෙන බලලම තේරුම් ගන්න. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,565 downloadsDownload Criminal-Justice-2019-S01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
9 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
dinusena
supiri kathawa sub eakata thanks digatama denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malisha886
Thanku
Chandima Prasad
Thanks.......
rkkasun
thanx
lakshan
thanks ....................
sahangayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…