Watch Trailer

Criminal Justice (2019-) [S01 : E01] Sinhala Subtitle | මහ රෑ හමු වූ යුවතිය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 T…

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.

criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.

කතාව පැත්තට ගියොත් ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් අතරමගදී කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා. මින් පසු ආදිත්‍ය සහ මේ යුවතිය අතර සිදු වන්නේ කුමක්ද කියා මේක අරගෙන බලලම තේරුම් ගන්න. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

මම පුබුදු ප්‍රසන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,635 downloadsDownload Criminal-Justice-2019-S01-E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

5,635 downloadsDownload Subtitles23 KB

18 comments

  1. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .පුබුදු bro

  2. crazy_chamikim

    ට්කක් පරක්කුයි...මේ සීරීස් එකට සිංහල සබ් නිකුත් වෙලා දැන් ටිකක් කල්..ඒත් ගොඩක් ඩවුන්ලෝඩ්ස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    The Verdict:State VS Nanavati සීරීස් එකට සබ් දෙන්නකෝ...ALT Balaji එකේ එකක්...

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  4. Tharushaperera

    The family man 2019 tv series ekatath sub dennako

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා..!

  7. Thisal

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. jeewantha

    කියන්න දෙයක් නෑ කථාව නම් සුපිරියි. නළු නිළියෝ වැඩිය දැකලා පුරුදු අය නෙවෙයි. ඒත් සුපිරියටම චරිත වලට සාධාරණයක් ඉෂ්ඨ කරලා තියෙනවා. මේක ඉන්දියාවේ හදපු කථාවක් ද කියලා හිතෙයි බලපුවාම. මම නිකමට පලවෙනි episode එක බැලුවා. දවස් දෙනෙක් මුළු series එකම බලලා තමයි නතර වුණේ. ඒ තරම් සුපිරි කථාවක්. දෙපාරක් හිතන්න එපා series එකම download කරගන්න. සබ් වලට ස්තුතියි.

  10. nishannw

    ස්තූතීයි

  11. melinda

    thank you

  12. Chathus

    Patta ❤️

  13. tharidu16

    thANKS BRO

  14. Chandima Prasad

    Thanks

  15. Danesh

    Sub match wenne nahane saho

  16. lakshan

    thanks ................

    1. hash

      mchn me tv series uba gawa tiyed

  17. sahangayantha

    thanks a lot sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.