මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 T…

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.
criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.
මෙතෙක් කතාව
ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා. මුලින් දෙදෙනා අතර රණ්ඩු ඇති වුනත් අවසානයේදී යාළු වෙනවා. පසුව ආදිත්‍ය මැයව ගෙදරට ගොස් ඇරලවනවා. ඒත් මේ සනායා ෆෝන් එක කාර් එකේ දමා ගොස් තිබූ නිසා ආදිත්‍යට නැවතත් මැයව හමු වීමට යනවා. ඒත් ආදිත්‍යට පාටියට යෑමට නොහැකි වූයේ තමන් නිසා යැයි සිතන සනායා මොහුව තමන්ගේ නිවසට කැඳවාගෙන මත්පැන් පානය කොට හුදෙකලා පාටියක් දානවා. අවසානයේ දෙදෙනා අතර ආදරයක් නොවන සම්බන්ධයක්ද ඇති වෙනවා. මින් අනතුරුව බලන විට සනායා ඇඳ මත මරා දමා සිටිනවා. මෙයින් බියට පත් වන ආදිත්‍ය පලා ගියත් රිය අනතුරක් නිසා පොලිසියට හසු වෙනවා. කතා කිරීමට නඩුවක් සොයමින් යන මාධව් මිශ්‍රා නම් නීතිඥයා මේ ආදිත්‍යව අරගෙන ආපු පොලිස් ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයට සනායාගෙ නිවසින් ආදිත්‍ය පැන යන ආකාරය දකින සාක්ෂිකරුද පැමිණ සිටිනවා. අහම්බෙන් මෙන් මොහු ආදිත්‍යව දකිනවා. සනායාගෙ මිනීමැරුමට ආදිත්‍යව අත් අඩංගුවට ගන්නවා. මෙයාගෙ නීතිඥයා වෙන්නෙ මාධව් මිශ්‍රා.
මාධව් මිශ්‍රා ආදිත්‍යගේ නිවසට පැමිණ පවුලේ අයට මේ විස්තර පවසනවා. බොහෝ කන්නලව්වෙන් පවුලේ අය ආදිත්‍ය හමු වීමට පොලිසියෙන් අවසර ගන්නවා. පළමු නඩු විභාගය සිදු වෙනවා. මෙහිදී ආදිත්‍ය වෙනුවෙන් නඩුවට කතා කරන්නේ මාධව් මිශ්‍රායි. මේ නඩුවේ තීන්දුව විදියට ආදිත්‍යට තවදුරටත් පොලිසිය භාරයේ සිටීමට සිදු වෙනවා. මාධව් මිශ්‍රා කිසිම ලියවිල්ලකට අත්සන් නොකරන ලෙස පැවසුවත් පොලිස් භාරයේ තිබෙන කාර් එක ලබා ගැනීමේ අරමුණින් සිටින මස්සිනාගේ ඇවිටිල්ල මත නාර්කෝ ටෙස්ට් එක කිරීමට අවසර දී අත්සන් කරනවා. නාම්ඩේ මාර්ගයෙන් නාර්කෝ ටෙස්ට් එකේ වීඩියෝ සහ සිද්ධියට සම්බන්ධ සියළුම තොරතුරු මාධ්‍යයට හෙළිදරවු කෙරෙනවා. සමාජය තුළ මහත් ආන්දෝලනයකට මේ සිද්ධිය පත් වෙනවා. මේ සිද්ධිය නිසා ෆස්ට් කැබ් සේවාවත් බොහෝ ගැටළු වලට මුහුණ දෙනවා. ටැක්සි සංගම් මේ ෆස්ට් කැබ් සේවාව තහනම් කරන ලෙස උද්ඝෝෂණ පවා පවත්වනවා. මේ හේතුවෙන් මේ නඩුවට කතා කිරීමට ෆස්ට් කැබ් සමාගමේ නීතිඥවරිය වන මන්දිරා මාතුර් ඉදිරිපත් වෙනවා. ප්‍රසිද්ධ නීතිඥවරියක් වන මන්දිරා හමුවේ මාධව්ට මේ නඩුවෙන් පසෙකට වීමට සිදු වෙනවා. මන්දිරා ඉදිරිපත් වීමෙන් ආදිත්‍යට බන්ධනාගාරගත වීමට සිදු වෙනවා.
බන්ධනාගාරයට පැමිණීමෙන් පසු ලායක් නැමැති හිරගේ ඇතුළේ යම් තත්ත්වයක් තිබෙන මැරයාගෙන් හිරිහැර සිදුවෙනවා. මේ අතර මාධව් සනායා ගැන විස්තර සෙවීමට සනායා සම්බන්ධ වී සිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හා සමාජ සේවා ආයතනයක් වන LFRDC එකට පැමිණෙනවා. සනායා ගැන සියළුම තොරතුරු හොයා ගන්නා මොහු මන්දිරාගේ සහායිකාව නිකාත්ට කතා කොට මේ තොරතුරු ලබා දීමට ලක්ෂ 3ක් ඉල්ලනවා. ඒත් මැය ඊට අකමැති වෙනවා. ආදිත්‍ය නිවැරැදිබව කීමට මාධ්‍ය ඉදිරියට යෑමට ආදිත්‍යගේ අක්කා අව්නි සිතුවත් ඉන් සිදුවන්නේ ආදිත්‍යගේ කුඩා කල වැරදිද හාරා අවුස්සමින් මාධ්‍යයෙන් ආදිත්‍යව වැරදිකරු කිරීමට උත්සාහ දැරීමයි. හිරගේ ඇතුළේ මහත් බලයක් පවතින එමෙන්ම හිරේ ඇතුළේද ජාවාරම් කරන මුස්තාෆාබායි ආදිත්‍යව ආරක්ෂා කිරීමට කප්පම් ඉල්ලනවා. මේ අතරේදී ලායක්ගෙන් ආදිත්‍යව බේරා ගැනීමට මුස්තාෆාගේ ගෝලයෙක් වන ටක්ලයා ආදිත්‍යට පිහි පහරක් එල්ල කරනවා. මින් බියට පත් වන ආදිත්‍ය මුස්තාෆාගේ ෆෝන් එකෙන් අක්කාගෙන් ලක්ෂ 5ක් ඉල්ලනවා.
තම සැමියාටද හොරෙන් චෙක් එකක් අත්සන් කර ගන්නා අව්නි මුස්තාෆාට සල්ලි දෙනවා. ආදිත්‍ය මුස්තාෆා ළඟට ආරක්ෂාව පතා පැමිණෙනවා. මොහු ආදිත්‍යව කුස්සියේ වැඩට යොමු කරනවා. ඊට අමතරව හිරගේ ඇතුළේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවක්ද මොහුට දෙනු ලබනවා. ආදිත්‍යගේ පවුලේ අයටත් යම් යම් කෙනහිලිකම් වගේම කරදර සිදු වෙනවා. මාධව් දිගටම සනායාගේ ඝාතන සිද්ධිය ගැන තොරතුරු සොයනවා. සල්ලිවලට කෑදර නාම්ඩේගේ උදව්වෙන් මොහු සනායාගේ නිවස තුළද විමර්ශන සිදු කරනවා. මේ අතර නිකාත් මාධව්ගේ උදව් පතාගෙන යනවා. සනායාගේ ඝාතන සිද්ධියේ නඩුව දිගටම සිදුවන අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී නැවත නැවතත් බන්ධනාගාර ගත වීමට සිදු වෙනවා. මාධව් මොනවා කිව්වත් රඝු සාලියන් තවදුරටත් ආදිත්‍ය මේ මිනීමැරුමේ වැරදිකරු කියන මතයේම සිටිනවා.
සිද්ධිය සිදු වී මාස 5ක් ගත වෙනවා. ආදිත්‍යව දිගින් දිගටම උසාවියටත් උසාවියෙන් හිර ගෙදරටත් යනවා මිසක් තවමත් මිනීමැරුමේ නියම වැරදිකරුගේ තොරතුරක් නම් නෑ. මේ සිද්ධියේ තොරතුරු සොයා ගැනීමේ අරමුණින් මාධව් සහ නිකාත් සනායාගෙ කලින් පෙම්වතාගේ පස්සෙන් යනවා. මොහු සනායා ඝාතනය වූ දවසේ නව වතාවක් කෝල් කිරීම නිසා මොහු පිළිබඳව යම් සැකයක් පොලිසියටත් තිබුණා. ආදිත්‍ය වෙනුවෙන් මුස්තාෆාට සල්ලි යැවීම නිසා කාර් එකේ ණය නොගෙවීම හේතුවෙන් අව්නි සහ ඇයගේ සැමියා වන ගෞතම් අතර ගැටුම් ඇති වෙනවා. මුස්තාෆාගේ ආරක්ෂාව නිසා ආදිත්‍ය යම් නිදහසකින් හිරගේ තුළ සිටිනවා. සනායාගේ කලින් පෙම්වතාගේ ප්‍රකාශය අනුව තහවුරු වන්නෙ සනායා බොහෝ සෙයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවත් එයින් මිදීමට ප්‍රතිකාර ලබා ගන්නා බවත්‍ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කරන්නෙ ආදිත්‍ය සනායා සමඟ සුහද ලෙසින් කතා කරමින් සිටිනු දුටු බවයි. මේ නිසා ආදිත්‍ය දූෂණ චෝදනාවෙන් නිදහස් වන නමුත් තවමත් මිනීමැරුම් චෝදනාව තියෙන්නේ ඔහුට විරුද්ධවයි. ආදිත්‍ය නිදහස් කරගැනීමට මන්දිරා මාතුර් මිනීමැරුම කළ බව පිළිගන්නා ලෙස පැවසුවත් ආදිත්‍ය එය පිළිගන්නෙ නෑ. එය සිදු වන්නේ නිකාත් ඔහුට දෙන උපදෙසක් නිසායි. මෙයින් කෝප ගන්නා මන්දිරා නඩුව අතහැර දමයි. අත්දැකීම් නොමැති නිකාත් දෙගිඩියාවෙන් පසුවෙන විට මාධව් උදව් කිරීමට කැමති බව පවසනවා. නැවත බන්ධනාගාර ගත වීමට සිදු වන ආදිත්‍ය මුස්තාෆා සමඟ කතා කරමින් සිටියදී මුස්තාෆාට ප්‍රහාරයක් එල්ල වනවා.
ප්‍රහාරය සිදු වෙද්දී ආදිත්‍ය දුවන ආකාරය දකින මුස්තාෆා ආදිත්‍ය ගැන යම් කෝපයකින් පසු වෙනවා. දිව්වේ උදව් ගෙන ඒමට බව පැවසුවත් එයින් ඵලක් වන්නේ නෑ. පක්ෂපාතීත්වය ඔප්පු කිරීම සඳහා ආදිත්‍යට බොහෝ දේවල් සිදු කිරීමට වෙනවා. මේ අතර නිකාත් මාධව්ගේ සහය ලබාගෙන සනායාගේ තවත් පෙම්වතෙක්සොයා ගන්නා අතර ඔහුගෙන් හෙළි වන කරුණු අනුව නිකාත් නඩුවේදී සනායාගේ සුළු පියා වන රස්ටම්ට චෝදනා කළත් එය පුස්සක් වෙනවා. එදා දවසේ සිදු වූ දේවල් සියල්ලම මුල සිට අගට උසාවියේදී කීමට ආදිත්‍යට සිදු වෙනවා. නැවතත් ආදිත්‍ය මුස්තාෆා සමඟ මිත්‍ර වෙනවා. අව්නි සහ ගෞතම් අතර ගැටුම් උඝ්‍ර තත්ත්වයට පැමිණෙනවා. දූෂණ චෝදනාවෙන් නිදහස් වන නමුත් මිනීමැරුම් චෝදනාවට එරෙහිව වැරදිකරු වන ආදිත්‍යට ජීවිතාන්තය දක්වා හිර ගෙදරට යාමට සිදු වෙනවා.
වරින් වර ආදිත්‍යගේ මවගේ සුවදුක් සොයන්නට මෙන් පැමිණ විස්තර සොයා ගෙන ගිය මාධ්‍යවේදීන් දෙපළ ආදිත්‍යගේ මව හැඟීම්බරව තම පුතා හරිහැටි හදාගන්න තමාට නොහැකි වූ බව පැවසූ වීඩියෝවක් රූපවාහිනියෙන් හිර ගෙදර තුළදී දකින ආදිත්‍ය තමාගේ අත කපා ගන්නවා. අව්නිට දරුවෙක් ලැබුනත් ඇයගේ විවාහ ජීවිතය දෙදරා යන අයුරක් දිස් වෙනවා. රෝහලේ දරුවා ළඟ සිටිද්දීම දෙදෙනාටම දික්කසාදය අවශ්‍ය බව පවසමින් රණ්ඩුවක් ඇති වෙනවා. ආදිත්‍යගේ පවුලේ උදවිය තව තවත් අමාරු අඩියටම වැටනවා. අක්කාගේ රස්සාව නැති වෙනවා. අම්මාගේ කඩේ විකුණන්න වෙනවා. කොන්දේ අමාරුවත් සමඟ තාත්තාට රස්සාවක් කරන්න වෙනවා. මාධව් තමාගේ දදය සඳහා මානසික ප්‍රතිකාර ලබා ගැනීමට යනවා. එහිදී ඔහු කලින් ජය ගත් නඩුවක් ඔහුගේ දැඩි කනස්සල්ලට හේතු වන බවත් එය ඔහු වර්තමානයේදී තව තවත් පල්ලෙහාට යාමට හේතු වන බවත් පැහැදිලි වෙනවා. ඒ නඩුව වන්නේ කාන්තා හිංසනයකට නඩු පැවරූ පුද්ගලයකු මාධව් දැඩි වෙහෙසක් ගෙන නිදහස් කර ගෙන ඇති අතර ඒ පුද්ගලයා නිදහස් වී ගොස් මිනීමැරුමක් සිදු කිරීමයි. මානසික වෛද්‍යවරයාගේ නිර්දේශය වන්නෙ අතීතය අමතක කොට වර්තමානයට මුහුණ දෙන ලෙසයි. ආදිත්‍ය හිර ගෙදර සිටීමට පුරුදු වෙනවා. මුස්තාෆා මොහුට ගහගන්නා ආකාරය පුහුණු කරන අතර ටිකෙන් ටික හිර ගෙදර මැරයන් හා කරට කර යමින් කාලය ගෙවනවා. ලායක් දිගටම අක්කා ගැන කියා ආදිත්‍යට තර්ජනය කරනවා. මේ හේතුවෙන් අක්කාට බැන තවත් හිර ගෙදරට නොඑන ලෙස පවසනවා. මාධව් තවදුරටත් ආදිත්‍යගේ නඩුවේ විස්තරසොයා යනවා. සනායාගේ ෆෝන් එකේ තිබූ නම්බර්ස් හොයා ගන්නා මොහු ඒවායේ මාර්ගයෙන් පුද්ගලයකුගේ පස්සෙන් යනවා. ඔහු මාධව්ට පහර දීමට සැරසෙනවා.
මාධව්ට පහර දීමට හැදුවත් නාම්ඩේ සහයට පැමිණෙනවා. නාම්ඩේගේ සහය ඇතිව සනායා මොහුට කතා කළ හේතුව සොයා ගන්නවා. මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනෙක් වන අතර මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සනායා ඇයගේ තාත්තා ලබා දුන් ඔරලෝසුවත් මොහුට ලබා දී තිබෙනවා. එය ලබා ගන්නා මාධව් සනායාගේ සුළු පියාව මුණ ගැහෙනවා. මත්ද්‍රව්‍යවලින් ඈත් වී සිට නැවතත් ඊට යොමු වීමට යම් හේතුවක් ඇති බව මාධව් පවසනවා. එදින සනායා LFRDC එකේ රැකියාවෙන් ඉවත් වූ බව සුළු පියා පවසනවා. හිර ගෙදර ජේලර් මාරු වීමත් සමඟ අලුතින් ආ ජේලර් සිදුවන ජාවාරම් වලින් වැඩි කොටසක් ඉල්ලීම නිසා හිර ගෙදර තුළ තිබූ මුස්තාෆාගේ බලය ගිලිහී ලායක් වෙතට යනවා. හිර ගෙදර තුළ දැන් අණසක පතුරවන්නේ ලායක්. ආදිත්‍යට අඳුරු කුටියක සිරවීමටත් ඔට්ටුවට සටන් කිරීමට වගේම වැසිකිලි සුද්ධ කිරීමටත් සිදු වෙනවා. ආදිත්‍යගේ තාත්තා පාසල් බස් රථ රස්සාවක් කිරීමට යන අතර අව්නි තම සැමියාගෙන් දික්කසාදය ගැනීමට මාධව්ගේ සහය ලබා ගන්නවා. මාධව් LFRDC එකේ පියන්ට ගාණක් දී සනායා ඉවත් වූ දිනයේම තවත් ගෑනු ළමයි දෙන්නෙක් ඉවත් වූ බවසොයා ගන්නවා. ඉවත් වූ ගෑනු ළමයෙක්ගෙන් විස්තර ලබා ගැනීමට මාධව් උත්සාහ දැරුවත් එය සාර්ථක නොවූ නිසා ඔහු නිකාත්ගේ සහය ලබා ගන්නවා. තවදුරටත් සිද්ධියේ තොරතුරු විමසා බලන මොවුන් දෙදෙනාට සනායා එදා දවසේ කළ කී දෑ ගැන සැඟවුණු රහසක් තිබෙන බවත් සනායාගේ නිවසේ තිබූ පිහි කට්ටලය නිසා තවත් පුද්ගලයකු මීට සම්බන්ධ වී ඇතැයි කියාද සැකයක් මතු වෙනවා.
මේ සම්බන්ධයෙන් උදව් ලබා ගැනීමට මාධව් රඝුව මුණ ගැසීමට ගියත් ඔහුගේ දැඩි විරෝධය එල්ල වෙනවා. අවසානයේ පිහිය පිළිබඳව ගැටළුව හෙළි කළ පසු පිහියේ සත්‍ය අනාවරණය කර ගැනීමට ඩොක්ටර් කුරානා නම් අපරාධ විශේෂඥයාව මුණ ගැහෙනවා. ආදිත්‍යගේ තාත්තාගේ රස්සාවත් නැති වෙනවා. මාධව්, නිකාත්, රඝු යන තිදෙනාට LFRDC එකේ ප්‍රධානියා ගැන සැකයක් මතු වෙනවා. මාධව් සහ රඝු LFRDC එකේ ප්‍රධානියා වන නරේෂ් ලකානිවත් මුණ ගැහෙනවා. සනායා ඉවත් වූ දිනයේම LFRDC එකෙන් ඉවත් වූ පල්ලවී නම් ගෑනු ළමයාව මුණ ගැසීමට නිකාත්ද යනවා. මුලින් විස්තර කීමට අකැමැති වුවත් පසුව සියල්ල පවසනවා. නරේෂ් ලකානි LFRDC එක මාර්ගයෙන් පැමිණෙන ළමයින්ව ගණිකා සේවයේ යොදවා ඇත. නරේෂ් ලකානි ගැන සැකය තහවුරු වෙනවා. ලායක්ගෙන් හිරිහැර විඳින කොල්ලෙකු යාළු කරගන්නා ආදිත්‍ය ලායක් මත්ද්‍රව්‍ය සඟවා ඇති තැන සොයා ගෙන පුච්චා දමනවා.
අද අවසන් කොටසින්
මත්ද්‍රව්‍ය පුච්චා දැමීම නිසා ලායක් ආදිත්‍ය සමඟ වෛර බැඳ ගන්නවා. ඔහුගේ සහචරයන් ආදිත්‍යගේ පවුලේ අය අසල සිටින නිසා පාඩුවේ සිටින ලෙස පවසනවා. පොලිසියෙන් සොයා ගත් පිහිය ඝාතනය සිදු වූ ඇත්තම පිහිය නොවන බව ඩොක්ටර් කුරානා සොයා ගන්නවා. මින් පසු ආදිත්‍ය සහ මේ නඩුවට මෙන්ම ලායක්ගේ වෛරයට සහ හිර ගෙදර තුළදී මුස්තාෆාට කුමක් සිදු වේද යන්න මේ අවසන් කොටස අරගෙන බලලම තේරුම් ගන්න.
අවසාන වතාවට මම මේ දේ කියන්නම්. මෙය බලන ඔබලා දෙමාපියන් වෙන්න පුළුවන්. රැකියාව කරන හෝ ඉගෙනීම ලබන අය වෙන්න පුළුවන්. ඔබලාගේ දරුවන් නගරයට හෝ රටකට යවා ඉගෙනීමට හෝ රැකියාවකට යවා තිබෙන්නට පුළුවන්. ඒත් හැකිතරම් ඔවුන් ගැනසොයා බලන්න. අද සමාජයේ තරුණ තරුණියන් බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වන අයුරු ඔබට දකින්නට පුළුවන්. සමාජ ජාලා තුළින්ද මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය උඩු දුවනවා දකින්න පුළුවන්. ඔබගේ දරුවන් ඔබටද නොදැනී මේවාට ගොදුරු වී සිටින්නට පුළුවන්. ඒ වගේම තරුණ තරුණියන්ද තම මොළයෙන් සිතා බලා තමා කරන දේ කරනවා වගේම ආශ්‍රය කරන්නන්ද සිතා බලා ආශ්‍රය කරන්නට ඕනේ. අද සමාජය තුළ බැටළු හම පොරවා ගත් වෘකයන් හැම තැනම සිටින අතර එවැනි අයගෙන් ඈත් වීමට තම මොළයෙන් සිතා කටයුතු කළ යුතුයි. එමෙන්ම සිතිය යුතු දෙයක් වන්නේ මෙවැනි ජාවාරමකට හසු වූවොත් තම පවුලේ අයට කුමක් වේද කියාය. කවුරු කුමන දේ කීවත් අප සිතාමතා කටයුතු කළ යුතුයි. එම උපදේශය දෙන ගමන් මම සමු ගන්නවා. ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,908 downloadsDownload Criminal-Justice-2019-S01-E10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
18 comments
pathum.mk
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම TV Series වලට සබ් අරන් එමු....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු
ජයdinu
meka supirima kathawak.okkoma sub dunnata bohoma sthutiyi.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි
ncsics
සිංහල උපසිරැසියට ස්තූතියි..................
Shamal manojan
Request -
Raja - 1995
Ram Lakshan - 1989
Jeet - 1996
Mann -- 1999Sasitha Asaranga
a good story. thank you for the subtitles.
Udaya Tharanga
thank you
Chandima Prasad
Thanks...
lakshan
thanks ...................
Vimukthi Fernando
Thank you very much.
R_deshan
කතාව නම් පට්ටයි.කතාවෙ හැම කෙනෙක්ගෙම වගේ රංගනය හොඳම මට්ටමේ තිබ්බා.එපි 10ටම ඉතාම උසස් මට්ටමේ සබ් එකක් අපිට ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝ.නිවැරදිව පිළිවෙළට උපසිරැසි යොදල තිබ්බා.ඒ මහන්සියෙ තරමට කට්ටියගෙන් අගයකිරීම් නම් ලැබිල නෑ.කොහොම උනත් දිගටම වැඩේ කරගෙන යමු.ජයවේවා!!
sahangayantha
thanks a lot sub ekata
SUMITH JAYASEKARA
thanks
Janaka Thushara Weerasinghe
Super story. Thank you very much for your excellent effort.
ksm
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරිම සීරිස් එකක්. subs දුන්නට ගොඩක් ස්තුතියි.