ආයුබෝවන් හැමෝටම. මේ තමා The Family Man ඉන්දියානු සිරීස් එකේ හයවෙනි කොටස. Amazon prime සමාගම විසින් එකවර එලියට දාපු වෙබ් සිරීස් එකක් විදිහට ආපු මේ සිරීස් එක ගැන ලොකු හයිප් එකක් ලංකාවේ සමාජේ තුල තිබ්බේ නෑ මුල් කාලයේ. සැප්තැම්බර් 20වෙනිදා වගේ වෙනකොට රිලීස් වුනත් ඒත් එක්කෙනා දෙන්නා නිකමට අරගෙන බලපු මේ…

ආයුබෝවන් හැමෝටම. මේ තමා The Family Man ඉන්දියානු සිරීස් එකේ හයවෙනි කොටස. Amazon prime සමාගම විසින් එකවර එලියට දාපු වෙබ් සිරීස් එකක් විදිහට ආපු මේ සිරීස් එක ගැන ලොකු හයිප් එකක් ලංකාවේ සමාජේ තුල තිබ්බේ නෑ මුල් කාලයේ. සැප්තැම්බර් 20වෙනිදා වගේ වෙනකොට රිලීස් වුනත් ඒත් එක්කෙනා දෙන්නා නිකමට අරගෙන බලපු මේ සිරීස් එක අද හුගක් අය ඇබ්බැහියක් වගේ බලන්න අරගෙන, ඇත්තටම කිව්වොත් ආපු දවස්වලම මම දැක්කා මේක ඇවිල්ලා කියලා. ඒත් මාත් හිතුවේ මොකක් හරි කුණුගොඩක් වෙන්න ඇති කියලා, ඒත් ඉතින් උපසිරසි කරන්න සෙට් වුන නිසා මුළු සිරීස් එකම බාලා දැම්මා. පලවෙනි එපිය නිකමට අරගෙන බැලුවා. හික් ගෑවුනා කිව්වොත් නිවැරදියි. පලවෙනි කොටසම පිස්සුවක්. එක දවසෙන්ම මුළු සිරීස් එකම බලලා ඉවරයක් කරලා දැම්මා. කියන්න වචන දෙකක් නෑ ආයේ පට්ටම පට්ට සුපිරිම සුපිරි සීරීස් එකක් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරනවා මම නම්. ඔය CW ලගෙයි, තව එක එකාගෙයි දිගට ඇදගෙන ගිහිල්ලා වණ කරගෙන තියෙන සිරීස් වලට නිකන් ඩේටා කපාගන්නේ නැතුව නිකමට මේක අරගෙන බලන්න. The Family Man ඔයාලව පිස්සෙක් කරයි. කොටස් දහයයි. ආයේ අවුරුදු ගණන් බලන්න දෙයකුත් නෑ. අපේ සමාජේ තියෙන සිනමා කැමත්ත ගැන නම් කියලා වැඩක් නෑ නේ ඉතින්, අර ගර්ල් කියයි, පුලෑස් කියයි ඕවා නම් උඩ දාගෙන බලයි. ඒත් ඉතින් මේ වගේ ඇත්ත සමාජයේ තියෙන ඇත්ත ඒ විදිහටම පෙන්වන සිරීස් නම් එහෙම හොයාගන්න අමාරුයි, එහෙම බිහිවුන සිරීස් එකක් තමා The Family Man කියන්නේ. මේකේ විශේෂත්වය තමා මේ කතාමාලව පුරාවට කිසිම විදිහකින් කිසිම චරිතයක් උළුප්පලා පෙන්නන්නේ නැති එක. එක චරිතයක් වටා කතාව ගොඩ නැගිලා නැති එක. ඌට ඔක්කම පුළුවන්, ඌ තමා වැඩ්ඩා. කියන දේ ගෑවිලවත් නෑ. සාමාන්‍ය ලෝකයේ වෙන්නේ මොනවද ඒ විදිහටම මේක ලස්සනට පෙලගස්සවලා තියෙනවා. අනික තමා අපිට අමතක දෙයක් නෙමෙයි නේ අප්‍රේල් සිදු වුන මුස්ලිම් අන්තවාදි ප්‍රහාරය. ඒ වගේම ප්‍රහාරයක් තමා මේ ඉන්දියානු වෙබ් කතාමාලවෙන් ඔබට කොටසෙන් කොටස ගෙන එන්නේ.
ආදරය, කුතුහලය, භීතිය රැගෙන එන මේ සිරීස් එකට IDMb පිටුවේ 8.8 ක ඉහල අගයක් කැරකිලා තියෙන්නේ මනාප 11,000ට ආසන්න ප්‍රමාණයකින්. ඒ විතරද Top Rated TV Series අතර 181වන ස්ථානයත් ලබාගන්නේ ලෝකයේම ඉන්දියන් සීරීස් අල්පයක් පමණක් මේ ගොන්නට එකතු වෙලා තියෙන පසුබිමකයි. තවත් මොකාටද අටුවා ටීකා, බලන කෙනාට මේ අදහස් ටික හොදටම වැඩිත් එක්ක. මේ සිරීස් එකේ මැද කොටසක උපසිරසි ගෙනාපු මම මොකටද නේද මේවා කියවන්නේ. ඔව්.. ඒක ඇත්ත. අපිට තියෙනවනේ අමාරුවක්. ඒ ඇත්තටම හොද විදිහේ ගුණාත්මක සිරීස් එකක් ඔයාලට කොහොමහරි පෙන්වීමේ අරමුණ. ලංකාවේ මිනිස්සුන්ගේ සිනමා සංකල්පය වෙනස් කරන්නයි ඒ උත්සහය ගන්නේ. අදවත් මේක දකින කෙනෙක් මේ සිරීස් එක අරගෙන බලයි කියන අපේක්ෂාවෙන් තමා මේ විස්තර ටික කිව්වේ. එහෙනම් ඉතින් බලන නොබලන එක ඔයාලගේ කැමැත්ත. අපි හැරෙමු කලින් කොටස පැත්තට.
පසුගිය කොටසින්..
කලින් කොටසකදී දකින්න ඇති ශ්‍රීකාන්ත් ඇතුළු පිරිස හිතාගෙන හිටියේ කරීම් කියන්නේ කලින් ස්කූටර් ප්‍රහාරයේ සැකකරුවෙක් කියලා. ඒත් ඔහු පස්සේ පන්නලා ඔහුත් තව ඔහුගේ සගයෝ දෙන්නෙකුත් එන්කවුන්ටර් කිරීමකින් මැරුනට පස්සේ තමයි දැනගන්නේ මේ තුන්දෙනා නිර්දෝශයි කියලා, ඒත් ඇත්තම ස්කූටර් ප්‍රහාරයට වග කියන්න ඕන කෙනත් හිටියේ කරීම් හිටිය හොස්ටල් එකේමයි. ඔහු කරීම්ව අදුරනවා ඒ වගේම. ඉතින් මේ සජීඩ්ව සැකපිට මේ අන්තවාදී ක්‍රියාවන්ට අත්අඩංගුවට ගත්තත් කෝමහරි ඉහල ඕඩර් වලට අනුව නිදහස් වෙලා එනවා. ඒ එනකො සජීඩ් නොහොත් ස්කූටර් ප්‍රහාරය කරපු කෙනාට අල්ටාෆ්ව හම්බුවෙනවා, එතනදි තමයි අල්ටාෆ් සජීඩ්ව ෆයිසන් බායිගේ උපදෙස් අනුව ශ්‍රීනගර්වලට යවන්න හදන්නේ බස්රත්ව හම්බුවෙන්න සුල්ෆිකර් මෙහෙයුමේ සජීඩ්ගේ වැඩකොටස භාරදෙන්න. ඒ අතර ශ්‍රිකාන්ත්ව කමීර් සහ අනිත් දෙදෙනා ඝාතනයේ විමර්ශනයකට ලක් වෙනවා. එතනදි සියළුම වරදවල් ශ්‍රීකාන්ත් පිළිගන්නවා. පලවෙනි ඒකකයට වෙඩි තැබීමට අණ කලෙත් ඔහු කියලා එතනදි පිළිගන්නවා. ඔය අතරේ අසීෆ්ට කෝමා එකෙන් සිහිය එනවා. ඕක දැනගන්න මූසා බය වෙනවා. මුසා ඒ රෝහලේ මේරි කියන හෙදිය එක්ක හුටපටයක් පටන්ගත්තනේ. ඒ උදව්වෙන් මූසා මේරිගේ අවසරපත් කාඩ් එක අරගෙන අසීෆ්ගේ කාමරයට රිංගලා මරලා දානවා. ඒ පෙනුන විදිහට මෙතන අහිංසක කියලා හිතාගෙන හිටපු මුසා තමයි මෙතන ප්‍රධාන ඉලක්කය. අසීෆ් කියන්නෙත් මූසා යටතේ ඉන්න ඕන කෙනෙක් වගේ තමා පේන්නේ. ශ්‍රීකාන්ත් කොච්චර ඇහුවත් සුල්ෆිකර් මෙහෙයුම ගැන කිසිම දෙයක් මූසා කිව්වේ නෑ. දන්නේ නෑ කියලමයි ඔහු කිව්වේ, නමුත් අසීෆ් මරන අන්තිම මොහේතේ මූසා කිව්වේ සුල්ෆිකර් මෙහෙයුම ගැන කවුරුත් දැනගන්න බෑ කියලා. හොද හොද සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි වගේ. ඔය අතරේ තමා ශ්‍රිකාන්ත්ව ශ්‍රීනගර්වලට දඩුවම් මාරුවක් විදිහට මාරු කරන්නේ, මතකනේ සජීඩ් බසරත්ව හම්බුවෙන්න යන්නෙත් ශ්‍රීනගර්වලට. කාශ්මීරයේ. බලමු එහෙනම් නේද??
අද කොටසින්..
අද කොටසින් ඇත්තටම මූසා කියන්නේ කවුද කියලා බලාගන්න පුළුවන්. ඔහුගේ නමත්, ඔහුට මේ සුල්ෆිකර් මෙහෙයුමේ තියෙන කාර්‍ය්‍ය මොකද්ද කියලත් දැනගන්න පුලුවන්, අද ඒ වගේම මූසාව රෝහලෙන් පන්නගන්න ISA එකේ හතරදෙනෙක් එනවා. ශ්‍රීකාන්ත් ශ්‍රීනගර් වලට ගිහින් මොනවා කරයිද? ඔහුට එහෙන් මේ සුල්ෆිකර් මෙහෙයුමේ සිටින සජීඩ් ගැන හොයන්න අණ කරලා තියෙන්නේ හෙඩ් ඔෆිස් එකෙන් ඉතින් මොනවා වෙයිද? අරගෙන බලන්නකෝ වැඩිය කියන්න ඕන නෑ කුතුහලය නැති කරන්න. හැබැයි ප්‍රධාන චරිතයකුත් අද සමුගන්නවා. ඒ කවුද? අරගෙන බලන්න එහෙනම්. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
10,196 downloadsDownload The-Family-Man-S01E06-1.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
Prabodha Madhusankha Hettiarachchi
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ayesh Prashan
Thank You
jeewantha
නියම පෙර වදන. ඒවගේම සුපිරිම කථාවක්. මමත් මුලින්ම එක episode එකක් අරන් බැලුවේ. ඒකෙන්ම බොක්කටම වැදුනා. සුපිරිම කථාවක්. සබ් වලට ගොඩාක් ස්තුතියි.
Kapila4499
thanks
Achi
තැන්ක්ස් ඩලා ආදරේයි
Kavindu12345desilva
eeka nam aththa bn cw lagee jarawatma vada mekanam supiri
subodha
Thanks
nadunlahiru
me katha malava dawnload karanna puluwan link akak kauru hari denavada
wenura pasan
kickass torrent site
Kanchana
Thanxsaho
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Bobby
Thank you very much
Hemal
Thank you for ur effort
Thanks TeamBaiscoe
waiting for E7wenura pasan
Excellent work..Waiting for next episode...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
shenaln
Full series eka download karata passe anit episodes wala subtile ganne kohomada???
Suranjan
Thanks jayawewa.....!
DIlshanmapalagama
Patta
harris
Thnks bro sub ekata
Buddi
Thanks.......
Pramukmili
Thanxx bro.........
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga J. Liyanagama
බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!
kodagoda
tnx sahoo sub ekta
kalum0000
Thanks for sub
Dewadithya
Thanks for Sub!
melinda
thank you
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Sachin
Thanx mchn sub ekt.baiscopelk ekt jaya!
sachin
Thanx mchn ජය!
Prasad
thanks kawiya
Anonymous
Thnx for sub ...❤️
Advertisement




Sthuthi obata sahoo sub ekata