Daredevil: Born Again [S01 : E05] Sinhala Subtitles සුබ උදෑසනක් වේවා ඩෙයාඩෙවිල් රසිකයෝ හැමෝටම! කිව්ව විදියටම ඔන්න 5 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේ එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “With Interest” කියලා. මේක නම් ටිකක් විතර ෆිලර් එපිසෝඩ් එකක්, මොකද ප්‍රධාන කතාවට ලොකු සම්බන්ධයක් නෑ. හැබැයි හ…

Daredevil: Born Again Sinhala Subtitles
සුබ උදෑසනක් වේවා ඩෙයාඩෙවිල් රසිකයෝ හැමෝටම! කිව්ව විදියටම ඔන්න 5 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේ එපිසෝඩ් එක නම් කරල තියෙන්නේ “With Interest” කියලා. මේක නම් ටිකක් විතර ෆිලර් එපිසෝඩ් එකක්, මොකද ප්‍රධාන කතාවට ලොකු සම්බන්ධයක් නෑ. හැබැයි හොඳ entertaining එපිසෝඩ් එකක්. දැකල පුරුදු මූණු කීපයක් බලාගන්නත් පුළුවන් වෙයි.
පසුගිය කොටසින්…
හතරවෙනි එපිසෝඩ් එකේ අපට දකින්න ලැබුණා මැට් සහ විල්සන් ෆිස්ක් දෙන්නම තමන්ගේ ඇත්ත ස්වභාවයට එරෙහිව යන්න කොච්චර උත්සහ කළත්, ඒක ටිකෙන් ටික එළියට අරන් එන්න පටන් ගෙන තියෙන බව. මොකද එපිසෝඩ් එක අවසාන වෙන්නේ විල්සන්, වෙනැස්සා එක්ක අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ ඇඩම්ව හිරකරගෙන ඉන්න තැනින් සහ මැට් මර්ඩොක් නැවතත් ඩෙයාඩෙවිල් වෙන්න පුහුණු වෙන තැනින්. ඉතින්, ඩෙයාඩෙවිල්ගේ පුනරාගමනය වැඩි ඈතක නෙමෙයි කියලයි මේ අපට අඟවන්නේ.
මේ අතරේ ෆිස්ක්ගේ අලුත් වරායේ ව්‍යාපෘතියට මහජනයාගෙන් චෝදනා එල්ල වෙනවා. ෆිස්ක් සහ ඩැනියල් අතර තියෙන සම්බන්ධේ දැක්කම හිතෙනවා ඩැනියල් ෆිස්ක් 2.0 වෙයිද කියලත්. ඒත් එපිසෝඩ් එකේ highlight එක තමයි Frank Castle හෙවත් පනිෂර් සහ Matt අතර සිද්ධ වෙච්ච සංවාදය. ඒක ඇහුවම Daredevil දෙවෙනි සීසන් එකේ ඒ දෙන්නා අතර ඇතිවෙච්ච වාදය මතක් වුණා. ඒ සීන් එකේදී අපට peak writing වගේම peak acting ත් බලාගන්න ලැබුණා කිව්වොත් නිවැරදියි.
එපිසෝඩ් එක අන්තිමට අපට පෙන්නුවා මියුස් මිනිහෙකුගේ ලේ උරා ගන්නවා. එයා එහෙම කරන්නේ ඇයි, ඒ ලේ පාවිච්කි කරන්නේ මොනවටද කියන එක වගේ විස්තර ඉස්සරහට එන්න තියෙන එපිසෝඩ්වලින් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම්, හරියටම තව පැය දෙකකින් ඊළඟ එපිසෝඩ් එකේ උපසිරසිය ගේන්නම්.
6 වෙනි කොටසින් හමුවෙමු. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,326 downloadsDownload Daredevil-Born-Again-S01-E05-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
lakshan
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot Sanupa Ranmeth bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks ...............