ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා. හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙන…

ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා.
හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙනී දෙකේ තියෙන්න පුළුවන් සම්බන්ධය ගැන කියනවා. ඒ සාක්ෂි ඔස්සේ ඉදිරියට යන උල්රිච් හොයාගන්නවා බංකරයේ ඉන්නේ එයාගේ සහෝදරයා වුණ මැඩ්ස් කියලා. මේ අතරේදී ඇලෙක්සැන්ඩර් බාර්ටොස්ට කියනවා එයා තමයි අවුරුදු 33කට කලින් මිනීමැරුමක් වෙනුවෙන් සැක කරපු බොරිස් කියන්නේ කියලා. ඒ වගේම හැනා මේ හේතුව යොදාගෙන ඇලෙක්සැන්ඩර්ට තර්ජනය කරන බවත් එයා බාර්ටොස්ට කියනවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙන අතරේ ලෝක විනාශයට තියෙන්නේ පැය කිහිපයක් විතරයි. ඊව් සහ ඇඩම් මේ අතරේදී තම තමන්ගේ සැලැස්මවල් මෙහෙයවනවා. ඊව් තමන්ගේ ලෝකය තවදුරටත් බේරගන්න පුළුවන් බව විශ්වාස කළත් ඇඩම් ලෝකය අවසන් කරන්න උත්සාහ කරනවා.
මේ අතර හත්වෙනි කොටස ආරම්භ වෙන්නේම විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන පැහැදිලි කිරීමකින්. ෂෝඩිංගර්ගේ පූසා කියන මේ සංකල්පය එකම අවස්ථාවේ එකිනෙකට විරුද්ධ දේවල් දෙකක් පැවතීම ගැන විස්තර කෙරෙනවා. එක් පසකින් අනෙක් පසට වෙනස් යතාර්ථයන් කීයක් පැවතීමට හැකිද? මේ ගැන දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ කොටසින් මම මේ කතාමාලාවෙන් සමුගන්නවා. රවිඳු රුක්ෂාන් මල්ලි අවසාන කොටස අරගෙන ඒවි. ඒ වගේම මාව මේකට හවුල් කරගැනීම සම්බන්ධයෙන් ඉසුරු සම්පත් සහෝදරයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ.සුභ දවසක්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම කතාමාලාවට සිංහල උපසිරසි ලබා දී ඇත්තේ ජර්මානු බසින් නිකුත් වී ඇති වීඩියෝ පිටපත් සඳහා බැවින් හඬකැවූ (Dubbed) වීඩියෝ පිටපත් සඳහා උපසිරසි නොගැලපීමක් සිදුවිය හැක. ඒ නිසා ජර්මානු බසින් නිකුත් වී ඇති මුල් පිටපත් පමණක් බාගත කරගන්න..
27,123 downloadsDownload Dark-S03-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
25 comments
Anonymous
uvindu
සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.
Anonymous
Ela bro
Anonymous
Sorry sis
Ela sis
shelby
Thanks Machan <3
Anonymous
Thanks...
Season 3 eke Episode 4 eke sub eka upload wela nadda ?sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
thank you bn..
Gathsara Umesh
Denakal Idyee..Bohom Sthuthi......
Dewadithya
Thanks for sub!
Gresanka
Epa bro thanks you.
❤️Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Madhu@7
ස්තූතියි උපසිරැසියට සහෝදරයා! මේ TV series එකෙන් පස්සෙ The Killing(2011) TV series එකට සබ් දෙන්න පුළුවන් නම් දෙන්න. කිසිම කෙනෙක් ඕකට අතගහලා නෑ. පුදුමයි. SEASON 4ක් තියෙන. Crime category එකට අයත් පට්ට පදුරුවක්. IMDB 8.2 යි. :-)
Anonymous
stargirl sub na thama,
agent of shield eke S07E04n passe epi 3k awa.. thama ekak wath dunne na.. ai ewa nodi wadak nathi koreon ewai anith ewai eka digata denne..Kevinv
ගොඩක් ස්තූති සිස් arthdal chronicle එකටයි මේකටයි ඒකෙ සබ් ඩව්න්ලෝඩ් කරා කමෙන්ට් කරන්න බැරි උන ඒක නිසා මේකටයි ඒකටයි දෙකටම මේකට කමෙන්ට් කරා ඔයා මෙ ලොකු දෙයක් කරන්නෙ ගුඩ් ලක්
Anonymous
තෑන්ක්ස්❤️
අන්තිම එක ඕනීSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
sumed
උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Thimira Upeka
මේ වගේ සුපිරි කතාවකට ඉක්මනින්ම උපසිරැසි හදලා දුන්නට අක්කට බොහොම ස්තූතියි. අනිත් කොටස් දෙකත් උපසිරසි ගත්තට ස්තූති කරන්න බැරුවුනාට මේක ඒකට අවස්ථාවක් කරගන්නවා. ☺
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shaggy
Thank You sis
chinthaka.max4
thankx dr
Anonymous
Thanks !
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Thisara Prabhath Senarathne
Thanks sis
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.