Watch Trailer

Doom Patrol [S02 : E01] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු ව…

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු වෙලා තමා මේකට උපසිරසි දෙන්නෙ.හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.

පළමු කතාමාලාවේ අපේ ඩුම් පැට්‍රෝල්ලා එහෙමත් නැත්නම් විකෘතිකයො ටිකට හැප්පෙන්න සිද්ධ වුනේ, ප්‍රධාන හතුරා වුනේ මිස්ටර් නෝබොඩි කියලා හාදයෙක් එක්ක. ඉතින් මේ මිස්ටර් නෝබොඩි එක්ක හැප්පිලා අන්තිමේ නෝබොඩිව පරද්දන්න ඩුම් පැට්‍රෝල් සෙට් එකට හැකි වෙනවා. ඉතින් එතනින් පස්සේ දෙවැනි කතා සමය පටන් ගන්නෙ හිංචිපිංචි ඩුම් පැට්‍රෝල්ලා ටිකක් එක්ක, ඒ වගේම කණ්ඩායමට එකතු වෙච්ච අළුත් සාමාජිකයෙක් එක්ක තමයි ඔන්න. මතකනෙ නයිල්ස් කෝල්ඩර්ට විකෘති පෙනුමක් තියෙන දුවෙක් උන්නා. ඉතින් ඒ දුව ඒ කියන්නෙ ඩොරති දැන් ඉන්නෙ අපේ ඩුම් පැට්‍රෝල් එක්ක.

දෙවැනි කතාමාලාව ආරම්භයේම අපට දැකගන්න ලැබෙනවා එක් සිදුවීමක්, එනම් ඩොරතිගෙ අතීතයේ දුක්ඛිත වගේම බිහිසුණු සිදුවීමක්. ඒ අතීත සිද්ධිය පෙන්නලා තමයි දෙවැනි කතාමාලාවට ආරම්භය ගන්නෙ. ඉතින් අද ඔන්න කුරුමිට්ටෝ, එහෙම කියන්නත් බෑ, කුඩාම කුඩා ක්ශ්‍රුද්‍ර ප්‍රමාණයට පත් වෙච්ච සෙට් එක දැක බලා ගන්න පුළුවන්. හැබැයි ලැරී විතරක් කුඩා වුනේ නෑ. ඉතින් මේ වෙච්ච සන්තැසිය නිසාත් කෝල්ඩර්ගෙන් දැනගන්න ලැබුණු යම් රහස් නිසාත් කණ්ඩායමේ හැමෝම වගේ කෝල්ඩර් එහෙමත් නැත්නම් චීෆ් එක්කලා අමනාපෙකින් තමා ඉන්නෙ. ඒ අතරිනුත් ජේන් සහ ක්ලිෆ් දෙන්නා විශේෂයි.ඉතින් ලැරී සෑහෙන්න වෙහෙස වෙනවා මේ කට්ටියව විශාල කරගන්න, නමුත් චීෆ්ගේ විද්‍යාත්මක ක්‍රමවේද කිසිවක් මේ වැඩේට හරි නොයන පාටක් තමා පේන්න තියෙන්නෙ.

ඉතින් කණ්ඩායම මෙහෙම ප්‍රශ්නවලට මැදිවෙලා ඉන්න අතරේ අපේ අළුත් අමුත්තා ඒ කියන්නෙ කෝල්ඩර්ගේ දුව නිසා තව ප්‍රශ්නයක් ඇති වෙන්නයි යන්නෙ. මේ දැරිවිට තියෙන විශේෂය තමා මනසින් මවාගන්න චරිතවලට ජීවය ලබා දෙන්න පුළුවන් වීම. ඉතින් ඒ අතර හොද චරිත වගේම ඉතා භයානක චරිත පවා ඉන්නවා. කතාව ආරම්භයේම පෙන්නපු දර්ශනවලින් අපිට ඉතාම භයානක කෙනෙක් ගැන ඉගියක් ලැබුනා. ඒ තමයි ඩොරතිගෙ මනසට බැදිලා CANDLEMAKER කියන කල්පිත චරිතය ගැන.

හොදයි එහෙමනම්, කණ්ඩායම ගැන වැඩි විස්තරයක් කියන්න යන්නෙ නෑ. මොකද සීසන් 2 බලන්නෙ කොහොමත් 1 බලපු කට්ටිය විතරනෙ. ඒ නිසා මේ ටික විතරක් කියලා මං නවතිනවා. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,469 downloadsDownload Doom-Patrol-S02-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,469 downloadsDownload Subtitles29 KB

22 comments

  1. Anonymous

    Stargirl 1×7 sub එක දීපංකෝ

  2. උවිඳු

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි .

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. ඉස්සා

    එල එල දෙනකන් බලාගෙන හිටියේ.

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. Hiran Eranda

    Thanks For Sub

  7. Anonymous

    star girl sub denne ndda?

  8. Ishara Eshan

    thank you very mch. බලා‍ග‍ෙන හිටියෙ මේ සබ් එක එනකම්

  9. අශාන් ලහිරු

    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙන්න සහෝ.. Download කරලා බලං ඉන්නවා

  10. Anonymous

    stargirl sub na thama,
    agent of shield eke S07E04n passe epi 3k awa.. thama ekak wath dunne na.. ai ewa nodi wadak nathi koreon ewai anith ewai eka digata denne..

  11. madhawa_max

    thank you very much

  12. Samitha

    Thanks bn sub ekata...jaya wewa...

  13. Dilshan

    එල

  14. Anonymous

    Aiye Moka dunnath 100 ekata mul thana....Thanks for sub!!!!!

  15. Anonymous

    Thanks

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. Nuwandika Dilshan

    Thanks kollo

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Anonymous

    doom patrol sadaha sab deepu samatama dodak istuti...