Watch Trailer

Darling in the FranXX EP01 : EP02 (2018) Sinhala Subtitles | එකට එක්ව පියාඹන තනි තටුවේ කුරුල්ලෝ! [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා…

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා..

මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි…

පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර…

ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි…

සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්..

පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය..

කුමක් හෝ හේතුවකට…

මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන විලාසයක් ‌‌‌ලෙසයි…

විශාල පරිණාමයක් සිදුවීමෙන් පසු පෘථිවිය දැන් තිබෙන්නෙ අනාගතයේ කාලරාමුවකයි. ඉතිරිව සිටින පෘථිවි වාසීන් මතුපිට අත්හැර “ප්ලාන්ටේෂන්” ලෙස හඳුන්වන ජංගම යෝධ ජනපද වල වාසය කරයි.  මෙහි දරුවන් සහා වැඩිහිටියන් වාසය කරන්නේ වෙන් වෙන්වයි. වැඩිහිටියන් මෙම යෝධ ජනපද වල තාක්ෂණය අතින් ඉතාම ඉහළ නගර වල ජීවත් වන අතර ඔවුන් අමරණීයෝය. නමුත් අමරණියත්වය වෙනුවෙන් ඔවුන්ට අහිමි වී ඇත්තේ ප්‍රජනන හැකියාවයි. ඉතින් මේ කියනා දරුවන් මේ ලෝකයට බිහිවී ඇත්තේ කෘතිමව වන අතර ඔවුන්ගෙ ඉපදීම තීරණය වී ඇත්තේ පෘථිවිය මුහුණ පා ඇති විශාල තර්ජනයකට සටන් වැදීම වෙනුවෙනුයි.

මේ විදියට කෘතිමව නිර්මාණය කරන දරුවන් “පැරසයිට් වරු” ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ට දෛවයෙන් උරුම වී ඇති ඉරණම කුමක්ද?

21 වෙනි සියවසේදී කැණීම් තාක්ෂණයේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවියේ හරයේ ඇති මැග්මා මතුපිටට ගෙන බලශක්තිය ලබාගැනීමට මිනිසා සමත් වෙනවා. මේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වෙන පිරිස “ඒප්” නමින් සංවිධානයක් බිහි කර මුළු ලෝකයේම දේශපාලන භූ ගෝලිය බලය ඔවුන් යටතට ලබාගන්නවා. මැග්මා බලය යොදාගනිමින් අමරණිය වන මිනිසාට එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස දරුවන් බිහිකිරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත් මේ පොළව හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් නොසිතූ පිරිසක් මතුපිටට පැමිණෙනවා. ඔවුන් තමයි “කියොරියු” නමින් හඳුන්වන යෝධ රාක්ෂයන්. මොවුන්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහායි ඔවුන් යෝධ ජංගම නිවාස වලට විතැන් වෙන්නෙ.

මෙතනදි දරුවන් කෘතිමව නිර්මාණය වීමට පිළිතුරු ලැබෙනවා.  ⁣අඩු වයසක සිටියත් ඔවුන්ට අත්වී ඇති ඉරණම ඇත්තටම ලෝකෙ කිසිම දරුවෙක්ට නොලැබිය යුතු, නොපැතිය යුතු ඉරණමක්.

මං කලින්  පොරොන්දු වුන විදියටම 2018 වසරෙ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් ඇනිමෙ එක අරන් ආවා. එම වසරේ සංගීතය, රූප, හැම අතින්ම ඉදිරියෙන් සිටීමට මේ ඇනිමේ එක සමත් වෙලා තියෙනවා. පළවෙනි කොටස අවසාන තත්පරය වෙනකන් නරඹන්න උත්සහයක් දෙන්න. එතනින් පස්සෙ දිගටම බලනවද නතර කරනවද කියන එක ඔබේ කැමැත්තක්. වැඩකට නැති ඇනිමෙ එකක් දෙන්නෙ නෑ කියලා දන්නවනෙ. කලින් දෙක වගේම මේකටත් ඔයාලා ආදරේ කරයි.

Sci-Fi, Mecha, Action, Drama, Romance මේ කාණ්ඩවලට වැටෙන මේ ඇනිමෙ එක CloverWorks ආයතනය මගින් නිශ්පාදනය කර ඇත. 2018 සහා 2019 පැවති ඇනිමෙ සම්මාන උළෙලවල් 4ක ලබාදුන් සම්මාන අතරින් සම්මාන 35ක් ලබාගැනීමට Darling in the FranXX සමත් වී තිබෙනවා. ඒ වගේම මේකෙ අන්තර්ගත ගීතත් ප්‍රේක්ෂයන් අතර ඉතා ජනප්‍රිය වුනා. ඉතින් මේ ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. පළවෙනි කොටස අන්තිම තත්පරේ වෙනකන් බලලම තීරණය කරන්න හොඳද නැද්ද කියලා. මං මුල් කොටස් 12 අරන් එනවා ඒත් එක්කම කවීෂ මල්ලි (Death Note උපසිරස් ලබාදුන්න මල්ලි) ඉතිරි කොටස් 12 අරන් එයි. එහෙනම් මේකත් රසවිඳින්න.

ඊළඟ කොටසින් මුණගැහෙමු.

16+ වැඩි පිරිස නරඹනවනම් හොඳයි සමහර තේරුම්, සිද්ධි නිසා. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,505 downloadsDownload Darling-in-the-FranXX-E01-E02.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

 

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

3,505 downloadsDownload Subtitles30 KB

24 comments

  1. Stranger

    thanks

  2. Ishan Madusha

    විවිදත්වයෙන් යුත් උසස් ගනයේ ඇනිමේ සීරිස්‌ කීපයක්ම රසවිදින්න පුළුවන් උනා
    ඔයාලා නිසා.ඉදිරියටත් මේ කාර්ය සාර්ථකව කරන් යන්න සුබපතනවා...
    ජය වේවා!

  3. geeganagamage

    අනිවාර්යයෙන්ම බලනවා බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. Chanu mikhail

    ඔය තියෙන්නේ සුපිරි ආ
    පට්ට වැඩක්
    ජය......

    1. Kaveen mihitha

      හැම ඇනිම් එකක් ම දාන්න බයිස්කෝප් ඔයාල මේ කරන්නෙ ලොකු උදව්වක්. ඇත්තටම මම හිතුවෙ නැහැ මේ වගේ anime වලට ලංකාවෙ තැනක් තියනව කියල. මම ආසම anime එක Darling in the franxx. මේකෙ season 2 එක එනව darling in the school කියල. ඒකත් අනිවරෙන්ම ඕනි

  5. Gathsara Umesh

    ඇනිමි අක්ක කිවත් දැන්නම් වැරැද්දක් නැහැ අක්කට
    බොහෝම ස්තූතියි අක්කේ.....❤️

  6. Sandaru ransara jayalath

    Thanks

  7. Sandaru ransara jayalath

    Digatama kara gena yanna good luck

  8. Virajcom

    ගොඩක් ස්තූතියි සබ් එකට.. දිගටම සබ් එක දෙන්න සුභ පතනව...

  9. Stranger

    Ep 3--4 dene kiyatada

    1. Navodani Thilini Sasanika

      හෙට හවස් වරුවෙ දෙනවා. මේක ගැන මොකද හිතන්නෙ??

  10. ThilinaDinelka

    ep 1 #baiscopedownloads eken download krnna baa

    1. Navodani Thilini Sasanika

      Userdrive link eka weda

  11. ushan

    puluwnnam {the mojin warm valley 2018} denna plzz...

  12. podda

    niyamai aluth animation eke dilaaaa

  13. Vidura

    Sub ekata thanks

    1. Dinuka

      Thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sam fisherr

    ඔන්න ඉතිං හැමදාමත් වගේ "ඇනි"මේ(අපිලට ඔබතුමියට නවොදනි වෙනුවට ඇනි යනුවෙන් ඇමතිමට අවසරදෙනුමැනවි,මෙව කවුරැවත්දෙන්නැ අඩු ඩවුන්ලොඩ් නිසා,එවා කිසි ගානකට නොගෙන එකක් දෙකක් නෙමේ ඇනිමේ තුනක්ම දුන් ඔබතුමියට ගරැකිරිමට අපිලට එසේ ඇමතිමට අවසර දෙනු මැනවි)සුපිරිම ඇනිමේ එකක් ගෙනල්ලා තියනව

    කතාව ගොඩාක් හේතුනිසා ගොඩාක් හිතට ඇල්ලුව
    *ප්‍රදාාන චරිතය හැමොම නිකමෙක් කියලහිතන කෙනෙක්(මේකාලේ ගෙඩාක් නිර්මාන පටන්ගන්නෙ එහෙම තම ඉතිං,එත් ඉංගිරිසි එව වගේනෙමේ හොද ඇනිමේ එකක මෙහෙම පටං ගන්නවනම් එක සුපිරියටම යනවා)
    *කුනුදාාල පොලිත්න් පුච්චල කාබන් තියනතරම් මුදාාහැරල(පරිනාමයක්හරි) කමන්නැ තියන පෘතුවිය අවුල්වෙලා Fallout වල වගේ කතාවක්(හොයහොය හිටියෙ මේවගේ එකක්)
    *action(මම drama වලට වැයෙන්කැමති එත් ⁣මෙවගේ කතාවක් නම් ඇක්ෂන් තියෙන්නම ඔනි)
    *වෙලාවකට හරිම සිනමාත්මකයි
    *පලවෙනි ඇනිමේ එකක් මම හිතන්නේ මට බලන්න ලැබුනු romantic විදහට category කරල තිබ්බ

    මෙවගේ එවා නිසා කතාවට හිතට ඇල්ලුවා(කොටස් දෙකයි බැලුවේ කමෙන්ටුවේ දිගෙන්ම එක පෙනවනේ)
    ස්තුති සබ් එකට

  16. Supun Lakmal

    හිතුවේ නැති විදිහට ඇනිමේ ආස කරපු එකට thanks sis .............

  17. Thilina

    Thanks

  18. Pavith Wijesooriya

    ඉතින් Darling in the franxxනුත් බලන්න පටන් ගත්තා අක්කේ.ඇනිමේ movies ටිකක් බලලා වෙනසකට වගේ මේක බලන්න පටන් ගත්තේ.ඇත්තටම මං දැන් මේ series එකට පිස්සු වැටිලා ඉන්නේ.මේ comment එක දාන වෙලාව වෙනකොටත් episodes 6 ක් බලලා ඉවරයි.මේක සුපිරියක්.Thank you so much මේකටත් සබ් දුන්නට.ඇත්තටම සතුටුයි සබ් දෙන එක නැවැත්තුවේ නැති එකට.දැන් busy උනත් ඉස්සරහදි වෙලාවක් ලැබුනොත් ඇනිමේ එකකට සබ් ගේන්න අමතක කරන්න එපා.

  19. Anonymous

    nice work

  20. Abishek

    නියමයි . සුපිරියි . ❣️