Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E18] Sinhala Subtitles | අපි තමා ලෙජන්ඩ්ලා [සිංහල උපසිරැසි සමඟ]

අපිව මොන විදියට මතක තියේවිද? ලෝකය දෙපාරක්ම බේරගත්තු අය විදියටද? නෑ, අපි තමයි ඉතිහාසය විනාශ කරපු කණ්ඩායම. අන්න හරි, ඉතිහාසය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අපිටම තමයි ඒක ආපහු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හදන්නත් වෙන්නේ. මේ කාලෝචිත නොවූ දේවල් කියන ඒවා හරිගස්සන්න වෙනවා අපිව කෑලි කෑලි වලට කැ…

අපිව මොන විදියට මතක තියේවිද? ලෝකය දෙපාරක්ම බේරගත්තු අය විදියටද? නෑ, අපි තමයි ඉතිහාසය විනාශ කරපු කණ්ඩායම.  අන්න හරි, ඉතිහාසය කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නේ.  ඒ කියන්නේ අපිටම තමයි ඒක ආපහු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හදන්නත් වෙන්නේ.  මේ කාලෝචිත නොවූ දේවල් කියන ඒවා හරිගස්සන්න වෙනවා අපිව කෑලි කෑලි වලට කැඩිලා යන්න කලින්. ඉතින් කරුණාකරලා, අපිට වීරයෝ කියලා කියන්න එපා.  අපි ලෙජන්ඩ්ස්ලා.” 2017 ඔක්තෝම්බර් මස 10වන දින විකාශය ආරම්භ කරන්න යෙදුනාවූ  DCs.Legends.of.Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ අවසාන කොටසේ උපරිසයි මේ රැගෙන ආවේ. කාලෝචිත නොවූ දේවල් සකසමින් ඉතිහාසය ආරක්ෂා කිරීම තමා මෙවර කතා මාලාවේ ප්‍රධාන තේමාව වුනේ. සුපුරුදු පරිදිම මේ කාර්ය සිද්ධ කරන අතර වාරයේ ලෙජන්ඩ්වරුන්ගේ සතුරා ලෙස පැමිණියේ ඩේමියන් ඩාර්ක් හා නෝරා ඩාර්ක් යන දෙපලයි. එනමුත් ඔවුන් දෙදෙනාද වෙනත් කෙනෙකුගේ සහචරයන් දෙදෙනෙක් ලෙසයි මෙවර කතා මාලාවේ දී ක්‍රියාත්මක වුනේ. එනම් මලස් නමැති කාල යක්ෂයාගේ සහචරයන් දෙදෙනෙක් විදියටයි. ඔවුන්ගේ කාර්ය වුනේ කාලය ඡේදනය කරමින් මලස් නමැති යක්ෂයාව නිදහස් කර ගැනීමයි, මේ නිසාම ලෙජන්ඩ්වරුන් හා ඩාර්ක්ලා අතර නිතරම වගේ ගැටුම් ඇති වුනා. මෙසේ ගලා ගිය කොටස අද දිනයේ දී නිමාවන් දකින්නේ ප්‍රධාන සතුරා වන මලස් හා ලේජන්ඩ්වරුන් අතර බොස් ෆයිට් එකෙනුයි.    පසුගිය සතියෙන්…   කාල ඡේදනය ක්‍රමක් ක්‍රමයෙන් සිද්ධ වීම නිසා මලස් නිදහස් වීමේ අවසාන පියවරට ලඟා වෙනවා. එනමුත් තමන්ගේ දියණියන්ට වෙන්න යන දේ ගැන දැනගන්නා ඩේමියන් ලෙජන්ඩ්වරුන් සොයා එන්නේ ඇයව බේරා දෙන ලෙස ඉල්ලමින්. මුලින් මේ සඳහා අකමැත්තක් දැක්කුවත්, ඩේමියන් හා එක් වී මලස් හා සටන් කොට නෝරා බේරා ගැනීමට ලෙජන්ඩ්වරුන් එකඟ වුනා. මේ අතර වාරයේ තමන්ගේ ගම බේරා ගැනීම සඳහා ගිය අමායා නතර කිරීමට නතානියල් හා වොලී පිටත් කර හැරීමට සාරා කටයුතු කරනවා. ඒ අමායා යම් හෙයකින් ගම බේරාගෙන කාලෝචිත නොවූ දෙයක් කළහොත් මලස් නිදහස් වී පැමිණෙන නිසායි. එනමුත් මේ තීරණයට එකඟ නොවන අමායා සෘජුවම ප්‍රකාශ කර සිටින්නේ තමන් තමන්ගේ වර්ගයා බේරා ගැනීම උදෙසා සටන් කරන බවයි. කෙසේ මුත් අවසානයේ සාරා ද මෙම තීරණයට කැමැත්තක් දක්වන්නේ නොදන්නා සතුරාට වඩා දන්නා සතුරාට පහර දීමට ලේසි නිසාවෙනුයි. එනම් මලස් එලියට ගෙන පහර දී පරාජය කිරීමේ අදිටනෙන් යුක්තවයි. අවසානයේ සිතැඟි වූ පරිද්දෙන්ම මලස් තමන්ගේ කුඩුවෙන් නිදහස් වී නෝරාව යටපත් කරගනිමින් නැගී සිටියා.    මේ සතියෙන්… කුඩුවෙන් නිදහස් වූ මලස් ලෙජන්ඩ්වරුන්ට අවස්ථා දෙකක් ලබා දෙනවා. එනම් ටෝටම් හය බාර දී පලා යෑම හා ලෝකය විනාශ දිහා බලාගෙන සිටීම යන අවස්ථා දෙක. එයින් මලස් හා සටන් කොට ලෝකය බේරාගන්නවා කියන තීරණය මත ලෙජන්ඩ්වරුන් උතුරු බටහිරට ටෝටම් රැගෙන පලා යන්නේ මලස්ගෙන් සැඟවීමටයි. එනමුත් කාල යක්ෂයෙක්ගෙන් එසේ සැඟවිය හැකිද? ටෝටම් හය භාර දී ලෙජන්ඩ්වරුන් යටත් වේවිද? නැතිනම් මලස් හා සටන් කරාවිද? සටනේ දී ඩාර්ක්ගේ සහය කෙබඳු වේවිද? කී දෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වේවි ද? මේ ගැටළු විසඳාගෙන අවසාන කොටස රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කර සිටිනවා.   පසුගිය සතියේ සිද්ධ වුන අකරතැබ්බය නිසාවෙන් මට උපසිරස්කරණය සිද්ධ කරන්න බැරි වුනත් ඒ වෙනුවෙන් ජෙරොම් වැලස්කා (ඇත්ත නම අහන්න එපා) සහෝ ඒ කාර්ය කිසිම අඩුවක් නැතිව මටත් වඩා හොඳට සිද්ධ කළා. ඉතින් ඒ වෙනුවෙන් ඒ සහෝට ස්තුතිය පුදකරන අතරම DCලගේ කතාවකට උපසිරස් කරන්න ආසාවෙන් ඉන්න වෙලාවේ මාව මේ පඹ ගාලේ පටලපු  අශාන් විමුක්ති සහෝ ස්තුතිය පුදකරමින් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. බැඳගත බෙරේ ගහන්නත් එපැයි කියලා වැඩේ පටන් ගත්තට එහෙන් මෙහෙන් අඩු පාඩු එහෙම නොවුනාම නෙවෙයි. ඒ වගේ වෙලාවට හසන්ත අයියා තමා කෙවිටත් අරන් පස්සෙන් එලෙව්වේ. එහෙම නොවෙන්න මේ කතා මාලාව මඟ නතර වෙන්නත් තිබුනා. ඒ නිසා දිරි දීමනා සඳහා වූ ස්තුතිය යන්න හසන්ත අයියට. ඒ වගේම තමා මට බැරිවුණ වෙලාවට උපසිරස්කරණයෙන් සහය දක්වපු සහෝලා හැමෝටමත්,කමෙන්ට් එකකින් සහය දුන්නු ප්‍රේක්ෂක ඔබ සැමටත් ස්තුතිය පුදකර සිටිනවා. එහෙනම් මේ කතා මාලාවේ සිව්වන සමය මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මුල් සතියේ වගේ විකාශන ආරම්භය වේවි කියලා හිතනවා. ඉතින් ඒ වෙනකම් යහතින් හිටියොත් කලින් කිව්වා වගේම ඒ සමයෙත් උපසිරස ගෙන ඒම අනිවාර්යෙන් මම සිද්ධ කරනවා. එසේනම් හැමෝටම ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය,සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමින් මම සමුගන්නවා. ~හැමෝටම ජය ශ්‍රී~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,746 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03-E18-1.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

6,746 downloadsDownload Subtitles57 KB

72 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...

    මේ කතාමාලාව පුරාවටම උපසිරැසි ලබාදීම වෙනුවෙන් නැවතත් ස්තූතියි සහෝ...
    තවත් උපසිරැසයකින් නැවත හමුවෙමු...
    ජය

  2. Ayesh Prashan

    Sub Ekata Thank You

  3. LuckyDhananjaya

    Thanx For the sub...

  4. ushan

    Ela

  5. Kelum chethiya

    ස්තුතියි.....

  6. SDMaduhansa

    Thanks saho...

  7. Chamod_Sasitha

    Thankx sahooooooooo
    Bohoma sthuthi

  8. Nilupul

    Thankx saho..

  9. k.k.lakshitha

    Sub akata tnz

  10. Mahesh ruwan

    BOhom sthuthi

  11. Amila89

    නියමයි බං ජය වේවා

  12. Jehank

    ස්තූතියි

    නියමයි බං ජය වේවා .

  13. hashanandhashan

    thamks

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. Kanchana

    Thanx sahoo

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ.....

  17. podda

    niyamaiiii
    sub ekata thanks

  18. Lushan Tharinda

    Subata thanks bro...

  19. gagulinu

    Thanks ...keep it up

  20. JL Fernando.

    Thanks bro.

  21. jayadari

    thanks a lottt

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..ඒ වගේම කතා මාලාව පුරාවටම ලස්සනට උපසිරැසි ටික ලබා දුන්නට බොහොම ස්තුතියි සහෝ..ඊලග කතා සමයෙන් හමුවෙමු..ජය වේවා..! සියලු කටයුතු සාර්ථක වේවා..බුදුසරණයි..!

  23. Vgayesh

    Blindspot eke sub eka ko ??

  24. subodha

    Thanks

  25. MXORMajoR

    Thanx

  26. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  27. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤..❤❤❤❤❤❤..❤❤❤❤❤❤
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    ..❤❤❤❤❤❤..❤❤❤❤❤❤..❤❤❤❤❤❤
    දිගටම සබ දුන්නට ස්තුතියි
    ..❤❤❤❤❤❤..❤❤❤❤❤❤..❤❤❤❤❤❤
    අර මන්තර කාරයා ගේන ඔලුව .......
    එක්කෝ ඕනි නෑ බලපු නැති අයගේ කුතුහලය
    නැති වෙනවනේ
    ..❤❤❤❤❤❤..❤❤❤❤❤❤..❤❤❤❤❤❤

  29. Sameera_Ind

    Thanks brother

  30. Maxx Dula

    ty

  31. Vinoth Ashan

    thx you enakal balan hitiye

  32. nimanaka

    thanks brother. good job.. ash vs evil dead akat sub dannako. season 03

  33. MC

    thnksss

  34. Nuwandika Dil

    Tnks

  35. s.a.s

    යහතින් හිටියොත් නෙමේ යහතින් ඉදින්..නැත්තම් 4 සීසන් එක බලලා හමාරයි..ජයවේවා..

  36. anuka

    Ela

  37. Gayan_madushanka_

    Thanks bro

  38. Suranjan

    Thanks machan......jayawewa.......!

  39. Dilshan

    Thanks machan.... S4 karamu jayama

  40. Chamliy1

    thanks saho......

  41. Isurusky

    thanks saho..

  42. Isurusky

    thanks very much..

  43. HgGHSalinda

    Thank u bro

  44. sameera priyankarawije

    TNX AIYA

  45. Mr.pamz

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    කතා මාලාව පුරාවටම උපසිරැසි ටික ලබා දුන්නට බොහොම ස්තුතියි bro...ඊලග කතා සමයෙන් හමුවෙමු.. සියලු කටයුතු සාර්ථක වේවා
    Happy new year to wewaaa

  46. Sashi Perera

    patta saho thanks

  47. Madushanka

    ගොඩක් ස්තූතියි සහෝ....

  48. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

  49. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි....................

  50. HgGHSalinda

    Thanks

Load more comments