Dear Child [E01] AKA Liebes Kind Sinhala Subtitles සුබ දවසක් හැමෝටම. එහෙනම් අපේ කණ්ඩායම අද ලැහැස්ති වෙන්නේ ගිය අවුරුද්දේ නිකුත් වුන වෙනස්ම ආරක සීරිස් එකක් ඔයාලා හමුවට ගේන්නයි. මේක එපිසෝඩ් 6ක මිනි සීරීස් එකක්. නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුන ජර්මන් සීරිස් එකක්. මේකට ඉංග්‍රීසි ඩබ් කරපු වීඩියෝ ෆයිල් ඕනි…

සුබ දවසක් හැමෝටම. එහෙනම් අපේ කණ්ඩායම අද ලැහැස්ති වෙන්නේ ගිය අවුරුද්දේ නිකුත් වුන වෙනස්ම ආරක සීරිස් එකක් ඔයාලා හමුවට ගේන්නයි. මේක එපිසෝඩ් 6ක මිනි සීරීස් එකක්. නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුන ජර්මන් සීරිස් එකක්. මේකට ඉංග්‍රීසි ඩබ් කරපු වීඩියෝ ෆයිල් ඕනි තරම් තියෙනවා. මේ කතාමාලාව Liebes Kind කියන නවකතා පොත පදනම් කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නවකතාව රචනා කරලා තියෙන්නේ Romy Hausmann විසින්. මේ කතාමාලාවට 7.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Crime, Drama, Mystery, Thriller යන ඛාන්ඩ වලට තමා මේ කතාමාලාව අයත් වෙන්නේ.
මේ කතාමාලාව පටං ගන්න තැන ඉදන්ම අභිරහසක්. පලවෙනි එපිය බලන ඔයාලට සමහර විට වෙන්නේ මොකක්ද කියලා නොතේරෙන්න පුලුවන්. මොකද පලවෙනි එපිය බැලුවට පස්සේ මටත් වෙන දේ තේරුම් ගන්න බැරි උනා. හැබැයි පලවෙනි එපියේ ඉදන්ම ලොකු කුතුහලයක් ඇතිකරවනවා මේ අභිරහස එලිවෙන හැටි ගැන. ඒවගේම අන්තිම එපිය හරියට යද්දි තේරෙන්න පටං ගන්නවා මේකේ මොකක්ද උනේ කියලා. මුල ඉදන් අගටම අභිරහස් ගතිය සහ කුතුහලය ගැබ් වෙලා තියෙනවා. මේ අභිරහස ආරම්භ වෙන හැටි ගැන මන් පොඩ්ඩක් කියන්නම්.
කිසිම ජනේලයක් නැති එක තනි යකඩ දොරකින් සමන්විත බංකරයක්. ඒ බංකරේ ඇතුලේ ජීවත් වෙන අය පිටත ලෝකයෙන් වෙන් කරලයි තියෙන්නේ. බංකරේ ඇතුලේ ගැහැණියක් සහ ලමයි දෙන්නෙක් ඉන්නවා. මෙයාලා ඒ බංකරේ ඇතුලේ ජීවත් වෙන්නේ හිරකාරයෝ වගේ. එක දවසක මේ බංකරේ ඇතුලේ හිරකාරයෙක් වගේ ඉන්න ගෑනු කෙනා ට පුලුවන් කම ලැබෙනවා බංකරෙන් පැනලා යන්න. එයාගේ දුවවත් අරගෙන එයා බංකරෙන් පැනලා යනවා. අවුරුදු ගානකින් පිටත ලෝකය සමග සම්බන්ද නොවුන නිසා මේ ගෑණු කෙනා එලියට ආවට පස්සේ උමතුවෙන් හැසිරෙන්න පටං ගන්නවා.
ඔන්න ඔහොම තමා මේ කතාව පටන් ගන්නේ. මේ පොඩි විස්තර කිරීම හොදටම ඇති ඔයාලගේ කුතුහලය අවුස්සන්න. එහෙනම් මං අදට නවතින්නම්. දෙවෙනි කොටසත් අරගෙන හිරාන් සහෝ ඔයාලව මුනගැහෙන්න ඒවි. එහෙනම් හැමෝටම ජයවේවා…!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,794 downloadsDownload Dear-Child-E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
4 comments
Buddhika Lakmal
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සුචි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!nisa
makanam patta wage...sub akata thnkz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dear Child [E01] AKA Liebes Kind Sinhala Subtitles | හැනා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/DEAR-CHILD-P1.jpg)



බොහෝම ස්තූතියි මචෝ සබට....
සුපිරියක් වගෙයි....