Solo Leveling [S01 : E04] Sinhala Subtitles 2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveli…
Solo Leveling Sinhala Subtitles
2024 වසරේදී Most Anticipated ඇනිමෙ එකක් බවට පත් වුනු, ජනප්‍රිය දකුණු කොරියානු Web Novel එකක් ආශ්‍රයෙන් නිර්මාණය වෙන Solo Leveling ඇනිමෙ කතා මාලාව අති සාර්ථක ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඇනිමෙ එකක් බවට පත් වන්නක්. කොටස් 12 කින් සමන්විත මේ Solo Leveling ඇනිමෙ කතා මාලාවේ 4 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
ඩන්ජන් වැටලීමක් වෙනුවෙන් ගිය සන්ග් ජින්වූ දෙවොලේ සිද්ධ වුනු දේවල් වලින් පස්සෙ එක පාරටම නැගිටින්නෙ සැබෑ ලෝකයේ රෝහලකයි. සිද්ධ වුනු දේවල් ඔක්කොම හීනයක්ද? නෑ, ඒ හැම දෙයක්ම ඇත්තටම සිද්ධ වුනු දේවල්. හන්ටර්ලගෙ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයො ඇවිත් ජින්වූව අරගෙන රෝහලට ඇතුල් කරල තිබුනත්, මරණය පෙනි පෙනී බේරිලා ගිය අය කියපු විස්තර අනුව අර දෙවොලේ ඩන්ජන් එක අතුරුදහන් වෙලා ගිහින් තිබුනා. ඒක ආයෙත් කාටවත්ම හොයාගන්න ලැබුනේ නෑ. පියවි සිහිය ලබන ජින්වූට එක පාරම දකින්න ලැබෙන්නෙ එක්තරා තිරයක්. තිරයක් කිව්වට මේක නිකන් හැබෑ ලෝකයේ තියෙන විනිවිද පේන ඩිජිටල් තිරයක් වගේ එකක්. ඒ තිරයට අනුව ජින්වූ “Player” කෙනෙක් විදිහට සුදුසුකම් ලබලා. ඒ අනුව එක එක දේවල් Unlock වෙලා. එක එක Quests එහෙමත් ඇවිල්ලා. නිකන් අපි ඇත්ත ලෝකෙදි අත් විඳින Video Game එකක මුහුණුවරකට මේ දේ සමානයි. ඒත් ජින්වූ මේ කිසි දෙයක් ගනන් ගන්නේ නම් නෑ.
කිසි දෙයක් ගණන් නොගැනීම නිසා ජින්වූට පැනල්ටි කුවෙස්ට්(Panelty Quest) එකකුත් සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක අර Quests සම්පූර්ණ කළේ නැති වුනාම දෙන දඬුවමක්. ඒකත් කොහොමහරි සම්පූර්ණ කරගන්න ජින්වූට ඉන්වෙන්ටරි(Inventory) එකකින් එක එක විදිහෙ Skills වගේ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒවායින් ලැබෙන ප්‍රතිඵල ජින්වූට ඇත්ත ලෝකෙදි ඇත්තටම හම්බ වෙනවා. ඉතින් ජින්වූ දිගටම අර Quests සම්පූර්ණ කරන ගමන් Skills සම්පූර්ණ කරන වැඩෙත් කරගෙන යනවා. මේ අතරෙදි ජින්වූට ඉන්ස්ටන්ස් ඩන්ජන්(Instance Dungeon) එකකට යන්න ලැබෙනවා. මේ ඩන්ජන් එකේදිත් කරන්න තියෙන්නෙ ඩන්ජන් එකේ ඉන්න මැජික් මෘගයොන්ව පරද්දලා බොස්ව ඉවරයක් කරන එක. ඒකෙදිත් ලැබෙන “ටෙලිපොටේෂන් ස්ටෝන්”(Teleportation Stone) කියන එක ලබාගන්න එක තමයි ජින්වූගේ Quest එක වෙන්නෙ.
මේ ඉන්ස්ටන්ස් ඩන්ජන් එකේදි මුලින්ම මුණගැහුනු ගොබ්ලින්(Goblin) ලාව ජින්වූ තමන් ගාව තිබුනු ආයුධයෙන් කොහොමහරි විනාශ කරනවා. ඒත් පස්සෙ ටිකක් දරුණු Steel Fanged Lycan ලා එනවා. ඒ කියන්නෙ වානේ දත් තියෙන ලයිකන් වෘකයො. ඉතින් මෙයාලත් එක්ක ජින්වූ තමන්ගෙ ආයුධයෙන් හැප්පෙන්නෙ කොහොමද? මේකත් හරිම උද්වේගකර කොටසක්. නොසිතූ දේවල් සිද්ධ වෙන කොටසක්. නරඹන්න මේ උද්වේගකර කොටස. මේකත් කලින් වගේම ඉංග්‍රීසි භාෂාව එක්ක යන උපසිරැසියක්. ඒ වගේමයි මේ Solo Leveling කතාවත්. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන වගේම මේ අලුත් කතාව ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි 5 වන කොටස තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : I’ve Gotta Get Stronger
Aired Date : 2024.01.27
IMDB Rating : 8.9

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,909 downloadsDownload Solo-Leveling-S01-E04-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
8 comments
Madush
Champs
මචන් මේක download කරගන්නෙ කොහොමද movie එක
kapila
ane mchn reacher season 2 wlta sub hadnnkooo
Tharusha
Thank You sub එකට මරු❤️
Akila Dilhara
Thanks for Sub...
Nuwan
Episode 5 denne kawadda mcn ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Solo Leveling [S01 : E04] Sinhala Subtitles | ශක්තියෙන් බලවත් වීම ඇරඹෙයි. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Solo-Leveling-2.jpg)




එනකම් මගබලන් හිටපු කොටසක්.. තෑන්ස් මචන්