Watch Trailer

Deception [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිවාදියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි 6 වෙනි කතාව…

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි 6 වෙනි කතාව විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නෙත්. ඒක නම් ප්‍රමාද නොකරම දෙන්නම්.

ඉතිං මේ කතාංගය මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් බලලා ඇති කියලා හිතුනා වුනත්, සුපුරුදු විදියට කතාව ගැන පොඩි සාරාංශයක් ලබා දෙන්නම්. මෙච්චර දවසක් ජොනතන් හිරේ හිර වෙලා ඉන්න අතරේ කැමරන් FBI වලට උදව් කරන්නේ අභිරහස් කාන්තාව කෝමහරි ඒ අතරේ අල්ල ගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. ඒත් ඇත්තටම ඇයි මේ අභිරහස් කාන්තාව මේ වගේ දෙයක් කරන්නේ කියන එක නම් කැමරන්ට තාමත් හිතා ගන්න අමාරුයි. අනිත් ප්‍රශ්ණ වගේ නොවුනත් මෙතනදී මෙයාලා අභිරහස් කාන්තාවගේ මූණ දැකලා තිබුනා වුනත් මෙයාලට එයා ගැන විස්තරයක් හොයාගන්න තාමත් අමාරු වෙලා තියෙන එක නිසා, මේ ගෑණු කෙනා එසේ මෙසේ ගෑණු කෙනෙක් නොවෙන වග තමයි කාටත්ම පැහැදිලි වෙන්නේ. ඒත් දවස් ගානක් ගිහිල්ලත් අභිරහස් ගෑණු කෙනා ගැන කිසිම හෝඩුවාවක් නැතිව තියෙන එක නිසා කැමරන් තරමක් නොඉවසිලිවන්ත තත්වයට පත් කරන්න සමත් වෙලා තියෙනවා. මේ අතරේ ජොනතන් හිර ගෙදර ඉන්න මිනිස්සු එක්ක ප්‍රියමනාප කම් තියාගෙන ප්‍රශ්ණ ඇතිකරගන්න බවත් කැමරන්ට දැනගන්න ලැබුණු නිසා ඒක ගැනත් කැමරන් හිතෙන් වද වෙන ගමන් තමයි ඉන්නේ. හිර ගෙදර හිටපු ඩොලර් කියන හිරකාරයාට පැනගන්න උදව් කරපු එකට හරියටම කාටවත් සාක්ශි නැති වුනත්, කවුරුත් වගේ දන්නවා ජොනතන් මේකට උදව් කරන්න ඇති කියලා.

මෙදා සැරේ ලෝක ප්‍රසිද්ධ, නමුන් කවුද කියලා හරිහැටි නොදන්න බිශොප් කියන වීදි කලාකාරයෙක් වටේ තමා මේ කතාව ගොඩනැගෙන්නේ. මෙතනදී බිශොප් ඉස්සර කලාවට විතරක් තිබුනු ලැදියාව තවත් දේකට යොමු කරපු නිසා තමයි FBI එකත් සමග කැමරන් බ්ලැක් මේකට සම්බන්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි බිශොප් තාප්ප වල චිත්‍ර අදින අතරේ එතන ලඟපාතින්ම මංකොල්ලයක් සිද්ධ වෙන එක. ඒ වගේම බිශොප් මිනීමැරුම් පවා සිද්ධ කරපු බවක් FBI වලට පස්සේ දැනගන්න ලැබෙනවා. ඒ වගේම කැමරන් ඇතුලු මායා කණ්ඩායමත් මේ බිශොප් කියන වීදි කලාකාරයාගේ රසිකයෙක්.

ඉතිං කතාව බලලාම දැනගනිමු කොහොමද කැමරන් ඇතුලු කණ්ඩායම බිශොප්ව අල්ල ගන්නේ කියලා. මීලඟ කතාවෙන් වැඩිය පමා නොවී හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,901 downloadsDownload Deception-S01E05.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

7,901 downloadsDownload Subtitles36 KB

45 comments

  1. Anuruddha Leo

    සබට තෑන්ක්ස්

  2. Hirunaprabodha

    ස්තූතියි සහෝ .. ඔබට ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. slayer

    thanx bro....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Twiz

    Thanks bro.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Isu d Vil

    අමතකවෙලා නෑ බං..බලපු සුපිරිම කතාවක් මේක..බාගෙන බලන් ඉන්නෙ සබ් එක දෙනකන්..එල,උබට ජය..!!

  9. JL Fernando.

    Thanks Bro.

  10. anuka

    Ela

  11. rasangarasanga7

    Tnx bro

  12. Lushan Tharinda

    අමතක වෙලා නෑ, මේක පට්ට කතාවක්. මුල් එපියෙන්ම මේක බොක්කටම වැදුනා කිව්වොත් හරි.
    කොහොම වුනත් සබට තෑන්ක්ස් බ්‍රෝ...

  13. Hard Rock

    thanx bro. meka danakal balan hitiye

  14. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!..
    ජය වේවා.

  15. naughty

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Chamath15

    අමතක නෑ සහෝදරයා.....දිගටම මේ කතාව කරගෙන යන්න...

  17. Kanchaka

    Thanks bro...........

  18. Udara Damith Dissanayaka

    අයියෝ සබ් එක දවසක් දෙකක් නෙමෙයි
    මස ගානක් අවුරුද්දක් උනත් පරක්කු උන කියන්ඩ නිකමට
    මන්නම් එත් බලන්නේ නෑ
    ............................................................................
    බලමුකෝ අද මැජික් කරය මොන වගේ ගේමක් ගසයිද කියලා

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් හිටියේ....
    ඊලග එක ඉක්මනට දෙමු....

  20. Nilush Angana

    Sub ekata thanx

  21. Ruwan Kospelawatta

    parakku wela hari wede digatama karagena yamu saho...parakku unata kamak na.. wede nawaththanna nam epa... thx a lot

  22. D.Chamara

    parakkuo unata aulak naha sahooo sub eka gamuo jaya....

  23. suranuwan

    thank you........

  24. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  25. jayathilaka184

    අමතක වෙන්න Deception ??? පිස්සුනෙ අනේ..
    මං බලපු කතා එක්ක බලන කොට සුපිරිම කතාවක්..
    පහුගිය දවස් ටිකේම බයිස්කෝප් එකට ඇවිත් බැලුව 5 වෙනි එපිය ඇවිත්ද කියල..
    ඊලඟ එකත් ඉක්මනට දෙන්න හො‍ඳේ.....
    සබ් එකට ගොඩක් ස්තූතිය!
    දිගටම කරගෙන යන්න.. ජය..!!!

  26. piyumal sanjeewa

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
    ජය වේවා !

  27. King1996

    machan..6ta suba dapanko...

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Chirath D Perera

    bro 6 direct link ekennam bewa sub eka tamay natte ikamanata denna bro. scorpion season 5 ekata sub denna puluwanda

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Abhaya

    උපසිරසට ස්තූතියි සහෝ

  32. sameera priyankarawije

    Parakku unatha kamak na aiya nathara krnna epa.jaya wewa.tnx.

  33. dush135

    ela

  34. Tharu

    tnq

  35. podda

    thanks

  36. Uditha Dissanayake

    Thanks Macho..

  37. pasi.roy

    page not found kiyala watenawa mokada karanda one

  38. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  39. Chandima1998

    Superrrr baiscope

  40. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  41. dragonhero

    බොහොම ස්තූතියි..

  42. iduminda

    E-05 එකේ sub එකට හරියන link එකක් දෙන්නකො. මම මාර try එකක් දුන්නා. හරිගියෙ නෑ.

  43. Sandarunimsara

    Sub ekata tnx bro

  44. Dulan

    Thankzzzzz

  45. Amila Mudalige

    Sub ekta Thanks