Delhi Crime S03 Sinhala Subtitles මේ නත්තල් නිවාඩුව රසවත් කරන්න බයිස්කෝප් ‍ප්‍රේකෂක හැමෝගෙම රස වින්දනය වෙනුවෙන් දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ පළවෙනි කොටසට උපසිරැසි අරගෙන කාලෙකට පස්සේ මමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා. ලෝකෙම කතා බහට ලක්වුණු නිර්භයාගේ සිදුවීම පාදක කරගෙන නිමවුණු දිල්ල…

Delhi Crime S03 Sinhala Subtitles

මේ නත්තල් නිවාඩුව රසවත් කරන්න බයිස්කෝප් ‍ප්‍රේකෂක හැමෝගෙම රස වින්දනය වෙනුවෙන් දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ පළවෙනි කොටසට උපසිරැසි අරගෙන කාලෙකට පස්සේ මමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා.

ලෝකෙම කතා බහට ලක්වුණු නිර්භයාගේ සිදුවීම පාදක කරගෙන නිමවුණු දිල්ලි ක්‍රයිම් පළවෙනි කතා මාලාව නිකුත් කරාට පස්සේ 90 දශකයේ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ චඩ්ඩි බනියන් කල්ලියේ මංකොල්ල කෑම්, මිනීමැරුම් සිද්ධිය පාදක කරගෙන දිල්ලි ක්‍රයිම් හි දෙවන කතා මාලාව ප්‍රේක්ෂක හමුවට අරන් එන්න එහි නිර්මාණකරුවන් සමත් වෙනවා. දෙවන කතා මාලාව නිකුත් වෙලා හරියටම වසර තුනකට විතර පස්සේ දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියර මේ වසරේ නොවැම්බර් මස 13 වෙනිදා නෙට්ෆිලික්ස් ඔස්සේ මුදා හැරීමට එහි අධ්‍යක්ෂවරුන් වන Richie Mehta සහ Tanuj Chopra සමත් වෙනවා.

පෙර කතා මාලාව වගේම මේ කතා මාලාවෙත් දිල්ලි නගරය පාදක කරගෙන සිදුවන මිනිස් ජාවාරමක් ගැන විමර්ශනය කරන්න ඩීඅයිජී වර්තිකා චතුර්වේදි එයාගේ සුපුරුදු කණ්ඩායම එක්ක දරණ උත්සාහය වගේම. ඒ නිලධාරින්ට තමන්ගේ රාජකාරිය කරද්දි මුහුණ දෙන්න වෙන අභියෝග එක්ක ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක කර ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙයිද කියලා අපි බලමු.

වැඩ රාජකාරි මැද මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට සම්බන්ධ වුණ මයුර මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. වැඩි කතා නැතුවම අපි දෙවනි කොටසේ උපසිරැ‍සියෙන් මුණ ගැහෙමු. සුභ දවසක් වේවා.

Delhi Crime S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

934 downloadsDownload Delhi-Crime-S03E01.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Delhi Crime S03 Sinhala Subtitles

Previous BT1

All BT1Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

934 downloadsDownload Subtitles22 KB

1 comment

  1. Buddhika laKMal

    බෙහෝම ස්තූතියි සිස් මේ සීඑිස්එකට සබ් එක දෙනවට