Deli Boys Sinhala Subtitles ඩෙලි බෝයිස් කියන්නේ අබ්දුල්ලා සයීඩ් විසින් නිර්මාණය කරපු ඇමරිකානු comedy කතා මාලාවක්. මේකේ කතාව යන්නේ පාකිස්තාන-ඇමරිකානු සහෝදරයන් දෙන්නෙක් ගැන. මෙයාලගේ තාත්තා හදිස්සියේ මැරෙනවා. ඒ වෙලාවේ තමයි තාත්තගේ අපරාධ ව්‍යාපාරය ගැන මේ පුතාලට දැනගන්න ලැබෙන්නේ. මේකේ රඟපානවා අසිෆ් අලි,…
Deli Boys Sinhala Subtitles
ඩෙලි බෝයිස් කියන්නේ අබ්දුල්ලා සයීඩ් විසින් නිර්මාණය කරපු ඇමරිකානු comedy කතා මාලාවක්. මේකේ කතාව යන්නේ පාකිස්තාන-ඇමරිකානු සහෝදරයන් දෙන්නෙක් ගැන. මෙයාලගේ තාත්තා හදිස්සියේ මැරෙනවා. ඒ වෙලාවේ තමයි තාත්තගේ අපරාධ ව්‍යාපාරය ගැන මේ පුතාලට දැනගන්න ලැබෙන්නේ. මේකේ රඟපානවා අසිෆ් අලි, සාගර් ෂෙයික්, පූර්ණා ජගන්නාතන්, ඇල්ෆි ෆුලර් සහ බ්‍රයන් ජෝර්ජ්. කොටස් දහයකින් යුත් මේ කතා මාලාව Hulu නාලිකාවේ 2025 මාර්තු 6 වෙනිදා විකාශය වෙන්න පටන් ගත්තා. මේකට නරඹන්නගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉහළ IMDB ලකුණු ප්‍රමාණයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා මේ වෙනකොට.
මම කලින් ගෙනාපු Never Have I Ever සීරිස් එකේ දෙවිගේ අම්මට හිටපු පූර්ණා ජගන්නාතන් මේකේ ඉන්නවා. මේකේ මෙයා ඉන්නේ ක්‍රියාදාම වැඩ වලට. තමන්ගේ මේ වෙනස්ම චරිතයට උපරිම සාධරණය ඉටු කරලා ගැනි සුපිරියටම චරිතේ කරනවා.තමන්ගේ කෝටිපති තාත්තා හදිසියේ මැරුණට පස්සේ, මහන්සි වෙලා වැඩ කරන මීර් සහ සෙල්ලක්කාර රාජ් කියන අයියා මලෝ දෙපළට තාත්තගේ ඩාර්ක් ඩාර්කෝ කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අකමැත්තෙන් වුණත් භාර ගන්න සිද්ධ වෙනවා. තාත්තගේ විශ්වාසවන්ත සහායක ලකී (පූර්ණා ජගන්නාතන්) ගේ උදව්වෙන් මෙයාලා මේ නීති විරෝධී ව්‍යාපාරයත්, ප්‍රසිද්ධ ඩාර්කෝ සමාගමත් පාලනය කරන ගමන්, මේ දේවල් තමන් ආදරය කරන අයගෙන් හංඟගෙන ඉන්න උත්සාහ කරනවා.
තවත් වැඩි විස්තරයක් නොකියා ඉන්නම්. ඔයාලා මේක අරගෙනම බලන්න. සීරිස් එක ගැන මට පහළින් කමෙන්ට් එකකතු දාගෙන යන්න.
ප්‍රධාන චරිත
1. අසිෆ් අලි – මීර් දාර් ලෙස (මහන්සි වෙලා වැඩ කරන, තාත්තව පිනවන්න කැමති පුතා)
2. සාගර් ෂෙයික් – රාජ් දාර් ලෙස (පවුලේ සල්ලිවලින් සතුටින් ජීවත් වෙන ගංජා බීබී කෙල්ලෝ එක්ක වැතිරෙන සෙල්ලකාරයෙක්)3. ඇල්ෆි ෆුලර් – ප්‍රේරි ලෙස (රාජ්ගේ ආධ්‍යාත්මික සුවකරන්නිය)
4. පූර්ණා ජගන්නාතන් – නවීදා “ලකී” ලෙස (බාබාගේ විශ්වාසවන්තම සහායක සහ ව්‍යාපාරයේ නායිකාවක්)
5. බ්‍රයන් ජෝර්ජ් – අහමඩ් ලෙස (ඩාර්කෝ හි ඉහළම තනතුර ලබාගන්න උත්සාහ කරන කෙනෙක්) නිතර පෙනී සිටින චරිත1. කෙවින් කොරිගන් – චිකී ලොසානෝ ලෙස (ඉතාලි-ඇමරිකානු අපරාධ කල්ලි නායකයෙක්)
2. ඇලෙක්සැන්ඩ්‍රා රඩී – ඒජන්ට් මර්සර් ලෙස (උත්සාහවන්ත FBI නිලධාරිනියක්)
3. ටිම් බෝල්ට්ස් – අධ්‍යක්ෂ සිම්ප්සන් ලෙස (FBI කලාපීය අධ්‍යක්ෂ)
4. සෙයින් සාලෙහ් – බුෂ්රා ලෙස (මීර්ගේ පෙම්වතිය)
5. සකීනා ජෆ්රි – සීමා ලෙස (බුෂ්රාගේ අම්මා)
6. අමිතා රාඕ – නන්දිකා ලෙස (රාජ් කෙරෙහි ආදරය හිතේ තියාගෙන ඉන්න කටූන් ලෝකයක ජීවත් වෙන කෙල්ලෙක්)
7. අනිෂ් ජෙත්මලානි – පටිකා ලෙස (කරුණාවන්ත ඉන්දියානු ආපනශාලා හිමිකරුවෙක්)
8. මිනිටා ගාන්ධි – ලතිකා ලෙස (පටිකාගේ බිරිඳ)
9. ඉක්බාල් තෙබා – අර්ෂාඩ් “බාබා” දාර් ලෙස (මීර් සහ රාජ්ගේ තාත්තා සහ අපරාධ ව්‍යාපාරයේ නායකයා)
10. ජේක් ප්‍රිසන්ට් – මැතිව් ලෙස (බාබාගේ සහායකයා)
11. සොෆියා බ්ලැක්-ඩ්එලියා – ජීජී ලෙස (චිකී ලොසානෝගේ දුව)විශේෂ පෙනී සිටීම්
1. ජෙෆ්රි ඇරෙන්ඩ් – රෝල්ෆ් ලෙස (කොකේන් නිෂ්පාදනය අධීක්ෂණය කරන්නා)
2. අස්හර් උස්මාන් – ෆෙරාස් ඛාන් ලෙස (නීති අනුකූලතා ප්‍රධානියා)
3. ෂාජහාන් ඛාන් – අලි “පනීර්” සාහිර් ලෙස (බෙදාහැරීම් ප්‍රධානියා)
4. ටැන් ෆ්‍රාන්ස් – සුබෙයිර් ලෙස (දකුණු ලන්ඩන් පාතාල නායකයෙක්) Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
643 downloadsDownload Deli-Boys-S01E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
3 comments
Buddhika laKMal
sihan danuka
kerala crime file 2 ekatath sub denna
sanda
thank you so much! Anne with E ekata sub denna puluwanda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Deli Boys [S01 : E01] Sinhala Subtitles | ලේ තැවරුන සුපිරි වෙළඳසැලක පැටලෙන අයියා මලෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/deli-boys-S01-3.jpg)


ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙන්න පටංගත්තට.........