Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… ඩෙලි බෝයිස් පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ සුදු යට ඇඳුමක් විතරක් ඇඳගෙන ඔළුවට දුඹුරු පාට කඩදාසි බෑග් එකක් දාගත්ත මිනිහෙක් කඩෙන් එළියට දුවගෙන ගිය දර්ශනයකින්. එකපාරටම මේ මනුස්සයා පාර හරහා දුවල ගිහින් අතුරුදහන් වෙනවා. ටික වෙලාවකින් තව මිනිස්සු දෙන…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
ඩෙලි බෝයිස් පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ සුදු යට ඇඳුමක් විතරක් ඇඳගෙන ඔළුවට දුඹුරු පාට කඩදාසි බෑග් එකක් දාගත්ත මිනිහෙක් කඩෙන් එළියට දුවගෙන ගිය දර්ශනයකින්. එකපාරටම මේ මනුස්සයා පාර හරහා දුවල ගිහින් අතුරුදහන් වෙනවා. ටික වෙලාවකින් තව මිනිස්සු දෙන්නෙක් මේ අභිරහස් මනුස්සයා හොයාගෙන කඩෙන් එළියට දුවනවා.
ඊළඟ දර්ශනයෙදි පෙන්නුවේ දවස් තුනකට කලින් වෙච්ච දෙයක්. එතනදී අපිට බාබා දාර් ව හඳුන්වා දෙනවා. මිනිහා ඇමරිකානු පකිස්තානු ජාතිකයෙක්. මෙයා ගොඩක් අමාරුකම් මැද්දේ වෙළෙදසැල් ව්‍යාපාරයක් ගොඩනඟාගත්ත කෙනෙක්. මිනිහා ගොල්ෆ් පිටි එක්ක බැඳුණු අලුත් ව්‍යාපෘතියක් එළියට දාන්න දැන්වීමක් කරනවා.
ඒ අතරේ, බාබාගේ පුතා වන මීර් දාර් තාත්තට ඉදිරිපත් කරන්න යන කතාව පුරුදු වෙනවා. මිනිහා ඊළඟ CEO වෙන්න බලාගෙන ඉන්නේ. මෙයාගේ පෙම්වතිය හිතනවා ඒ කතාව හොඳටම සාර්ථක එකක් කියලා. මීර් දාර් කනස්සල්ලෙන් ජිම් එකේ ව්‍යායාම කරන ගමන් කතාව පුරුදු වෙද්දී, මිනිහගේ අයියා කෙල්ලෝ දෙන්නෙක් මැද්දේ ඇහැරෙනවා. මල්ලි වගේ නෙවෙයි, රාජ් ඇවිල්ලා වැඩ කරන්න එච්චර උනන්දුවක් නැති, ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. ඒත් තාත්තා එක්ක මිනිහට හොඳ සම්බන්ධතාවයක් තියෙනවා.
මේ අයියා මලෝ දෙන්නා ගොල්ෆ් පිටියේදී තාත්තා එක්ක හමුවෙනවා. තාත්තා සතුටින් මෙයාලට තමන්ගේ අලුත් ව්‍යාපෘතිය ගැන කියනවා. ඩාර්කෝ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙනියන්න පුළුවන් කියලා මිනිහා හිතනවා. කනගාටුවට කාරණේ තමයි, බාබා දාර් හරිම උද්යෝගයෙන් සැලසුම් කියාගෙන යද්දී, අහම්බෙන් ගොල්ෆ් බෝලයක් ඔළුවට වැදිලා මැරෙනවා.
අවමංගල්‍ය උත්සවයෙන් පස්සේ, රාජ් සහ මීර් සමාගම භාර ගන්න ඕනේ එක්කෙනෙක් කියලා එකඟ වෙනවා. රාජ් මීර්ගේ ඉල්ලීමට සහයෝගය දෙනවා. මේ ගොල්ලෝ බෝඩ් මීටිං එකට කඩා පනිද්දී, FBI නිලධාරින් ගොඩනැගිල්ලට ඇවිත් මෙයාලගේ නැන්දා වන ලකී ව අත්අඩංගුවට ගන්නවා. මෙතනදි ලකී තාවකාලික CEO විදියට පත්වෙලා හිටියේ.
අයියටයි මල්ලිටයි දැනගන්න ලැබෙනවා ඩාර්කෝ සමාගම අවුරුදු විස්සක් තිස්සේ රජයට වංචා කරලා කියලා. තාත්තාගේ තිබුණ ලොකු තැන්වල සම්බන්ධතා නිසා FBI එක දුරස් කරලා තියාගෙන ඉඳලා තියෙන්නේ මෙච්චර කල්. ඉතින් මිනිහා එක පාරටම මැරුණ නිසා හැමදේම අවුල් වුණා. මේ දේවල් එළියට එන්නත් කලින්ම මීර්ගේ පෙම්වතිය කෝල් කරලා කියනවා FBI එක ගෙදර තියන හැමදේම රාජසන්තක කරනවා කියලා. මොකද ඒගොල්ලන්ගේ ගෙදර ඩාර්කෝ දේපොළක් විදියට ලියාපදිංචි කරලා තියෙන නිසා. මීර් ගෙදරට දුවගෙන යනවා. මිනිහගේ කෙල්ල අනතුරු අඟවනවා හැමදේම නැවත තිබුණ විදියට හදාගන්න බැරි උනොත් තමන් යනවා කියලා. තාත්තට මොකක් හරි විශේෂ සැලැස්මක් තිබ්බ ද කියලා බලන්න කියලත් කෙල්ල මෙතනදි යෝජනා කරනවා.
රාජ් මෙතන ඉඳන් මීර්ගේ මිල අධික බඩු මුට්ටු නැති වීම ගැන විහිළු කරනවා. හැබැයි මිනිහටත් මිනිහගේ රතී සුව ලබන ගෙදරින් කෝල් එකක් එනවා. මෙයාලා මෙතනට කඩාගෙන ගියත්, රාජ් ඒක බොහොම සුළුවෙන් ගන්නවා. ඇත්තටම මෙතන ඉඳන් තමයි මිනිහා මත්ද්‍රව්‍ය ගන්න පටන් ගන්නේ. මීර් තමන්ගේ අයියාගේ එක්ක මෙතනදි බහින් බස් වීමක් වෙලා තරහා වෙලා මෙතනින් යනවා. තමන්ගේ තාත්තා ඉතුරු කරපු මොනවත් තියෙනවද කියලා බලන්න මිනිහා කාර්යාලයට යනවා. එතැනදී මිනිහට තාත්තා මිළට ගත්ත පළවෙනි ඩෙලි කඩේ හම්බෙනවා. වාසනාවකට ඒක ඩාර්කෝ දේපොළක් විදියට ලියාපදිංචි කරලා නැති නිසා මෙයාලට මේක තියාගන්න පුළුවන්. රාජ්ටත් මේක හොයාගන්න පුළුවන් වෙනවා. අයියා මලෝ දෙන්නා අහම්බෙන් කඩේ ඉස්සරහදී හමුවෙනවා.
මෙයාලා ඇතුළට ගිහින් වැඩකාරයින්ට කියනවා පරණ බොස් මැරිලා කියලා. වැඩකාරයෝ වචනයක්වත් නොකියා මෙතනින් පිස්සුවෙන් වගේ පිටත් වෙනවා. එක්කෙනෙක් පරක්කු වෙලා යන වෙලාවේ ලකී එනවා. කිසිම හේතුවක් නැතුව ගැනි තුවක්කුවක් අරන් එක පාරටම ඒ මනුස්සයව කොල්ලන් දෙන්නා ඉස්සරහම වෙඩි තියලා මරනවා.
කොල්ලෝ දෙන්නම මේකෙන් ලොකු කම්පනයකට පත්වෙනවා. ලකී මෙයාලට සල්ලි මිටියක් දීලා නගරේ දාලා දුර ඈතකට යන්න කියනවා. රාජ් සහ මීර් බෑ කියලා මේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ කියනවා. මෙතැනදී තමයි ලකී හෙළි කරන්නේ බාබා අපරාධ වැඩ කරලා තියෙන බව. මෙතනදි රාජ් සහ මීර්ට හිතාගන්න බැරිවෙනවා සහ දුකට පත්වෙනවා තමන්ගේ තාත්තා මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් වෙලා හිටපු එක. ලකී හිතන විදියට FBI එකට තාම මෙයාලගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැන තේරිලා නෑ.
කොල්ලෝ දෙන්නා මෙතන ඉන්න තීරණය කරන නිසා, ලකී මෙයාලට මැරිච්ච මිනිහව ඔතලා තියන්න කියනවා උදේට ඇවිත් තමන් ඉතුරු ටික බලාගන්නම් කියලා. හැබැයි පහුවදා උදේ මැරිලා කියලා හිතපු මේ මනුස්සයා ඇහැරිලා පැනලා යනවා.
මේ පළවෙනි එපිසෝඩ් එක ගැන බැලුවොත්,
මේක හොඳ ආරම්භයක්. ඩෙලි බෝයිස් කොමඩි පැත්තෙන් හරි අපූරුවට දේවල් පෙන්වනවා. රාජ් සහ මීර්ට දැන් තියෙන්නේ ගොඩක් අමාරු කාලයක්. තාත්තාගේ ඔළුවට ගොල්ෆ් බෝලයක් වැදිලා මැරෙනවා දැක්ක එක, FBI වැටලීමෙන් හැමදේම නැති වීම. ඊට අමතරව දැනගන්න ලැබුණ එක තමන්ගේ තාත්තා තමන් හිතපු කෙනා නෙවෙයි කියලා. තව අනික මෙයාලගේ නැන්දා දරුණු මිනීමරුවෙක් කියන එකත්. මළ මිනියක් ගැන බලාගන්නත් මෙයාලට සිද්ධ වෙනවා. ඒත් ඒ මනුස්සයා මැරිලා හිටියේ නෑ. ඒ මනුස්සයා මෙයාලගේ ඇස් ඉදිරිපිටම පැනලා ගියා. මෙයාලගේ මුළු සැප සම්පත් පිරුණු ලෝකයම කඩාවැටෙද්දිත් තාමත් හිත හදාගෙන ඉන්න උත්සාහ කරන එක නම් ඇත්තටම පුදුමයි.
ඩෙලි බෝයිස් වල ආරම්භයේම මේ තියන ගැම්ම ඒ විදියටම දිගටම පවත්වාගෙන ගියොත් හොඳයි, ඊළඟ එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියන කුතුහලය තවත් ගොඩක් තදින් ලබාදෙන්න පුළුවන් නම් වටිනවා.
එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හෙට හම්බවෙමු.
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
496 downloadsDownload Deli-Boys-S01E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Deli Boys [S01 : E02] Sinhala Subtitles | නායකත්ව අර්බුධය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/deli-boys-S01-3.jpg)



Thanks