Watch Trailer

Deli Boys [S01 : E05] Sinhala Subtitles | බටහිර ෆිලී වල පාලනය කාටද ? [සිංහල උපසිරසි]

Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… නැතිවුණ කොකේන් තොගයක් නිසා දාර් සහෝදරයායි ලකී සහ අහමඩුයි ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. මේක නිසා ලොසානෝ මහත්තයා එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. මීර් සහ රාජ් දාර් සහෝදරයෝ මත්ද්‍රව්‍ය තොගය විකුණන්න අවස්ථාවක් මිනිහා ඉස්සරහා බෑගැපත් වෙලා ඉල්ලුවා. පැය 24ක් ඇතුළත ප්‍රශ්නය…

Deli Boys Sinhala Subtitles

පෙර කොටසින්…

නැතිවුණ කොකේන් තොගයක් නිසා දාර් සහෝදරයායි ලකී සහ අහමඩුයි ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. මේක නිසා ලොසානෝ මහත්තයා එක්ක ප්‍රශ්නයක් ඇති වුණා. මීර් සහ රාජ් දාර් සහෝදරයෝ මත්ද්‍රව්‍ය තොගය විකුණන්න අවස්ථාවක් මිනිහා ඉස්සරහා බෑගැපත් වෙලා ඉල්ලුවා. පැය 24ක් ඇතුළත ප්‍රශ්නය විසඳන්න කියලා ලොසානෝ අණ කෙරුවා, නමුත් එක කොන්දේසියක් පිට. ඒ තමයි ඇපයක් විදියට කෙනෙක්ව තමන් ළඟ තියලා යනවා නම්. අහමඩ් ඇරෙන්න මීර්, රාජ් සහ ලකී එකඟ වෙනවා අහමඩ්ව මේකට තියලා යන්න. මේ නැතිවුණ මත්ද්‍රව්‍ය ටික වෙලාවට හොයාගන්න බැරි වුනොත් මෙයාලට ෆිලඩෙල්ෆියාවේ මත්ද්‍රව්‍ය විකුණන්න තියන අයිතිය ලොසානෝ අහෝසි කරනවා වගේම අහමඩ්වත් මරලා දානවා.

මීර් සහ බුෂ්රා අතර ආදර සම්බන්ධය බිඳ වැටුණා. තමන්ගේ ප්‍රධාන කොකේන් සකසන්නා නැති වුණාට පස්සේ, මෙයාලා උසස් තත්ත්වයේ කොකේන් වර්ගයක් හදන්න තීරණය කරා. ලකී රාල්ෆ් කියලා කොකේන් සකසන්නෙක්ව මේකට අරන් ආවා. මේ වැඩේට බේකින් සෝඩා සහ බේබි ලැක්සටිව් යොදා ගන්නා විධිය දෙගොල්ලෝ බිම් මහළේ ඉඳන් කතබහා වුණා. බුෂ්රා එක්ක වෙන්වීම මීර්ට දරා ගන්න අමාරු වෙලා මිනිහා පැත්තකට වෙලා අඬමින් තමයි හිටියේ. හැමෝම මීර්ට බල කරනවා වැඩ කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. රාජ් එක්ක කොකේන් ගැන වෙන බහින් බස් වීමකින් පස්සේ රාල්ෆ් රැකියාවෙන් අයින් වෙලා යන්න යනවා. පස්සේ ආපහු ලකීගේ දැඩි බල කිරීම මත දාර් සහෝදරයෝ රාල්ෆ්ව ආපහු ගෙන්න ගන්න උත්සාහ කරා.

 


රාල්ෆ්ගේ ගෙදරදි මිනිහගේ අතීතය ගැන හෙළි වුණා. MDR කියන කොකෝන් හදන සුපිරි තරුව රාල්ෆ් බව රාජ් දැන ගන්නවා. මේකෙන් රාජ් මිනිහගෙන් සමාව අරන් නැවත කණ්ඩායමක් විදියට වැඩ කරන්න තීරණය කරා. මෙයාලගේ සැලසුම් ඉදිරියටම ගියා. දාර් සහෝදරයෝ උසස් තත්ත්වයේ කොකේන් හදන්න හනි හනිකට වැඩ කරනවා නියමිත කාලය ඉවර වෙන්න කලින්. මෙයාලා කොහොමහරි තමන්ගේ අරමුණ සාර්ථක කරගෙන සේරම කොකෝන් හදලා විකුණලා ලොසානෝ මහත්තයට සල්ලි ගිහින් දීලා අහමඩ්ව මරනින් මුදවගෙන නගරේ මත්ද්‍රව්‍ය දිගටම විකුණන්න තියන වරප්‍රසාදයත් රැකගන්නවා. අවිනිශ්චිත ලෝකයක සාර්ථකත්වය සොයන්න උත්සාහ කරමින් මේ කොටස අවසන් වුණා.

මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,

මේක ඇත්තටම කතාවේ තීරණාත්මක හැරවුමක් වගේ. මේ එපිසෝඩ් එකේ වැදගත්ම දේ තමයි කොකේන් තොගය නැති වීම. මේක නිසා දාර් සහෝදරයෝ ලොකු අනතුරක වැටුණා – ලොසානෝ වගේ භයානක මිනිහෙක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණා.

අහමඩ්ව ඇපයට තියලා යන්න තීරණය කරපු එකෙන් පෙන්නන්නේ මෙයාලා මිනිහා ගැන අඩු තක්සේරුවෙන් ඉන්නේ කියන එක. මේක අහමඩ්ට එරෙහිව ගත්ත තීරණයක් – මිනිහගේ ජාතිවාදී ආකල්ප නිසා වෙන්න ඇති.

මීර් සහ බුෂ්රාගේ සම්බන්ධය බිඳවැටීම පුද්ගලික පැත්තෙන් ලොකු පාඩුවක්. මේක මීර්ගේ මානසික තත්වයට බලපානවා. ඒත් MDR රාල්ෆ්ව හමුවීම තත්වය වෙනස් කළා. මේක මෙයාලට ලොකු වාසියක් වුණා.

සමහර විට ඉස්සරහට  ලොසානෝ එක්ක මේ සම්බන්ධය තවත් සංකීර්ණ වෙයි වගේම රාල්ෆ්ගේ කොකේන් සෑදීමේ විශේෂ හැකියාව නිසා දාර්ලගේ ව්‍යාපාරය තව වැඩි දියුණු වෙයි.

මේ සාර්ථකත්වය තාවකාලික එකක් වෙන්න පුළුවන්. මොකද මේ ව්‍යාපාරය තවම අවධානමේ තියෙන්නේ. කොච්චර සල්ලි හම්බ වුණත්, මේක නීති විරෝධී වැඩක්. ඕනෑම වෙලාවක FBI එක, ලොසානෝ, හෝ වෙන කවුරු හරි මේක කඩාකප්පල් කරන්න පුළුවන්.

 


කවුරුත් කමෙන්ට් නොකරනවට ස්තූතියි
හෙට ඊළඟ එපියෙන් හම්බවෙමු.

Deli Boys Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

414 downloadsDownload Deli-Boys-S01E05.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deli Boys Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

414 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Kalana Wasala

    Thanks Mcn..Meka Maru..

  2. Sandaru Nimsara

    Thanks