Watch Trailer

Deli Boys [S01 : E06] Sinhala Subtitles | ලකීව පැහැර ගැනීම [සිංහල උපසිරසි]

Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… චිකී ලොසානෝ සංවිධානය කරපු සුපර් බෝල් පාටිය අතරතුර, දාර් සහෝදරයන් වන මීර් සහ රාජ් බටහිර ෆිලඩෙල්ෆියාවට තමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කරන්න උත්සාහ කෙරුවා. ෆෝ සහෝදරයන් එක්ක තරඟයකට මුහුණ දෙන ගමන්, තමන්ගේ පියාගේ උරුමය ගැන අභ්‍යන්තර ගැටුම් වලට මුහුණ දුන්නා. සං…

Deli Boys Sinhala Subtitles

පෙර කොටසින්…

චිකී ලොසානෝ සංවිධානය කරපු සුපර් බෝල් පාටිය අතරතුර, දාර් සහෝදරයන් වන මීර් සහ රාජ් බටහිර ෆිලඩෙල්ෆියාවට තමන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කරන්න උත්සාහ කෙරුවා. ෆෝ සහෝදරයන් එක්ක තරඟයකට මුහුණ දෙන ගමන්, තමන්ගේ පියාගේ උරුමය ගැන අභ්‍යන්තර ගැටුම් වලට මුහුණ දුන්නා. සංවිධානයේ අලුත් නායකයෝ විදියට දාර් සහෝදරයෝ සංවිධානය පාලනය කරන්න පටන් අරගෙන බටහිර ෆිලඩෙල්ෆියාවට ව්‍යාප්ත වෙන්න යෝජනා ලොසානෝ මහත්තයට දිගින් දිගටම ඉදිරිපත් කෙරුවා. මේ පාටියේ ෆෝ සහෝදරයෝ චිකී එක්ක සුහදව ඉන්න බව දාර් සහෝදරයෝ සහ ලකී, අහමඩ් දැක්කා. චිකීගේ දුව ජීජී, මීර් සහ රාජ්ව හමුවෙලා, තමන්ගේ තාත්තා ගැහැණු අයට මේ ව්‍යාපාර වල අවස්ථා නොදෙන එක ගැන කේන්තියෙන් තමන්ගේ කනගාටුව පළ කරා.

මීර් සහ රාජ් චිකී හමුවෙලා ව්‍යාපාරය ගැන කතා කරන්න උත්සාහ කරනවා. මේ පාටියට FBI ඉහළ නිළධාරි සිම්ප්සන් ඇතුළු වෙන්න විහිළු සහගත උත්සහයක් ගන්නවා. රහස් පොලිස් මෙහෙයුමක් ගැන මිනිහා තමන්ගේ FBI නිළධාරිනිය එක්ක කතා වුණා. සිම්ප්සන් අපරාධ කල්ලිය ඇතුළට යන්න සැලසුම් කරා. FBI නිළධාරිනිය වෑන් එකේ ඉඳන් මේ මෙහෙයුම නිරීක්ෂණය කරා. සිම්ප්සන්ට උපරිම යන්න ලැබුණේ චිකී ලොසානෝගේ නිවසේ දොර ගාවට විතරයි. මිනිහා ආරක්ෂක නිළධාරින්ගෙන් හොඳටෝම ගුටිකාලා ආපහු වෑන් එකට ආවා.

සුපර් බෝල් තරඟය අතරතුර, ළමා මේස අංශයට යවපු එක ගැන දාර් සහෝදරයෝ අසතුටු වුණා ජීජීත් එක්කම. මෙතනදි ජීජී යෝජනා කරනවා වැඩිහිටියන්ගේ මේස දිහාට යන්න. පස්සේ චිකීගේ භාණ්ඩ එකතු කාමරයට මෙයාලා හැමෝම යනවා. මෙතනදි බාබාගේ ජර්සි එක නැවත ගන්න රාජ්ට තදින්ම උවමනා වුණා. රාජ් සහ මීර් අතර පවුලේ රහස් එළියට ආවා. ජීජී තමන්ගේ තාත්තා චිකීගේ භාණ්ඩ එකතු කාමරයෙන් යම් දේවල් හොරකම් කරගෙන පිළිරුවකටත් හානි කරලා යන්න යනවා. මේකෙන් පස්සේ මුළු පාටියම අවුල් වෙනවා. තමන්ගේ භාණ්ඩ එකතු කාමරයේ තිබුණ පිළිරුවේ කන කඩලා තියන එක චිකී දකිනවා. මේකට මිනිහා දාර් සහෝදරයන්ට චෝදනා කරනවා. නමුත් ජීජී ඇවිල්ලා මේකේ වැරැද්ද තමන් බාරගෙන රාජ් සහ මීර්ව බේරගන්නවා.

 


රාජ් සහ මීර් චිකී එක්ක බටහිර ෆිලඩෙල්ෆියාව ගැන කතා කරනවා. චිකී මුලදි මේක මෙයාලට දෙන්න සැක කළත් අවසානයේ එකඟ වුණා. ජීජීත් පවුලේ ව්‍යාපාරයේ තනතුරක් භාර ගන්නවා. දාර් සහෝදරයෝ තමන්ගේ අලුත් වගකීම් ගැන හිතනවා. අවසානයේදී මෙයාලගේ අලුත් කොකේන් මිශ්‍රණය විකුණන්න චිකීගෙන් අවසර ලබා ගන්නවා.

මේ එපිසෝඩ් එකේ ඇවිල්ලා…

දාර් සහෝදරයෝ දැන් ලොකු ඉලක්කයක් කරා යනවා – ඒ බටහිර ෆිලඩෙල්ෆියාව. ඒත් මේක එච්චර සරල නෑ. මොකද මේ අතරේ FBI එක තවත් ළං වෙනවා. සිම්ප්සන්ගේ මෙහෙයුම අසාර්ථක වුණත්, FBI එක දැන් වැඩි අවධානයක් මේකට යොමු කරන් ඉන්නේ.

ජීජීගේ චරිතය එකතු වීම මේ කතාවට අලුත් හැඩයක් එකතු කරා. කෙල්ල පෙන්නුවේ පරම්පරා දෙකක් අතර තියන වෙනස. චිකී වගේ පරණ පරම්පරාවේ අය හිතන විදියට වඩා වෙනස් විදියට තරුණ පරම්පරාව හිතනවා. ජීජී ව්‍යාපාරයට එකතු වීම ඉස්සරහට ලොකු වෙනසක් ගේනයි.

දාර් සහෝදරයින්ගේ අලුත් කොකේන් මිශ්‍රණය විකුණන්න අවසර ලැබීම ලොකු ජයග්‍රහණයක්. ඒත් මේත් එක්කම කොල්ලෝ දෙන්නට වගකීම් හුඟක් වැඩි වෙනවා.

මට හිතෙන විදියට ඉස්සරහට බටහිර ෆිලඩෙල්ෆියාවේ නව ව්‍යාපාර නිසා අලුත් තරඟකරුවෝ ගොඩක් හැදෙයි සහ දාර් සහෝදරයින්ගේ අලුත් කොකේන් මිශ්‍රණය වෙළඳපොළේ ලොකු වෙනසක් කරාවී.

මේ හැම දෙයක්ම එක්ක දාර් සහෝදරයින්ට ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙයි. FBI එක, අලුත් තරඟකරුවෝ, සංවිධානයේ වෙනස්කම්… මේ හැම දෙයක්ම මෙයාල පාලනය කරගන්න වෙනවා.

  Deli Boys Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

352 downloadsDownload Deli-Boys-S01E06.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deli Boys Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

352 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks