Watch Trailer

Deli Boys [S02 : E01] Sinhala Subtitles | කුඩු සල්ලි සුදු කරන මැක්ස් මාමා [සිංහල උපසිරසි]

Deli Boys Sinhala Subtitles Season 2.png බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවදින හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා! මතකයිනේ, ගිය අවුරුද්දේ මම ඔයාලට Deli Boys පළවෙනි සීසන් එක අරගෙන ආවා. ඔන්න ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 28 රිලීස් වුණු Deli Boys Season 2 එකටත් සිංහල සබ් ටික අරගෙන මම ආයෙත් ආවා! හැබැයි මේ අල…

Deli Boys Sinhala Subtitles Season 2.png   බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවදින හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා!  මතකයිනේ, ගිය අවුරුද්දේ මම ඔයාලට Deli Boys පළවෙනි සීසන් එක අරගෙන ආවා. ඔන්න ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 28 රිලීස් වුණු Deli Boys Season 2 එකටත් සිංහල සබ් ටික අරගෙන මම ආයෙත් ආවා! හැබැයි මේ අලුත් සීසන් එක බලන්න කලින්, ගිය සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ මොකද වුණේ කියලා ටිකක් විතර අමතක වෙලා ඇතිනේ.   අන්න ඒ නිසා, අලුත් සීසන් එකට බහින්න කලින්, පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ (Episode 10) මොකද වුණේ කියලා පොඩි මතක් කිරීමක් කරගෙනම ඉමු…  

10 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ, මඟුල් ගෙදරකට ආපු අමුත්තෙක්ව මරලා දාලා තියෙන නිසා පොලිසිය එතනට එන දර්ශනයකින්. මුලින්ම පොලිසියෙන් කාටවත් ඇතුලට එන්න දෙන්නේ නැහැ, හැබැයි රාජ් කතා කරලා පොලිසිය කැමති කරවා ගන්නවා.

කොල්ලෝ ටික ලකී එක්ක ආයෙත් යාළු වෙනවා. හැබැයි චිකී තමයි එයාලගේ තාත්තව මැරුවේ කියලා ලකී එයාලට කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, පේරු කල්ලිය එයාලගේ ණය ටික බේරගන්න “චාචෝ” කියන බිහිසුණු මිනීමරුවෙක්ව එවන්න හදනවා කියන එක විතරක් ලකී කොල්ලන්ට කියනවා.

මීර්, බුෂ්රාට පොරොන්දු වෙනවා වෙඩින් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සුපිරියටම කරලා දෙන්නම් කියලා. හැබැයි පස්සේ මිනිහා අදහස වෙනස් කරලා, මේ වෙඩින් එක ආවරණයක් (cover එකක්) විදිහට පාවිච්චි කරන්න තීරණය කරනවා. චාචෝ එන්න කලින් කුඩු ටික විකුණලා සල්ලි හොයාගන්න මීර් මේ වෙඩින් එක අස්සේ ඩ්‍රග් ඩීල් එකක් ප්ලෑන් කරනවා. මීර් තමන්ට බොරු කරා කියලා දැනගත්තම බුෂ්රා මීර් එක්ක තියෙන සම්බන්ධය නතර කරනවා.

මේ අතරේ මුළු කල්ලියම මීර්ගේ අදහසට කැමති වෙනවා. සෝදිසි වරෙන්තුවක් නැතුව පොලිසියට ඇතුලට එන්න බැරි නිසා, පේරු ඩීල් එක ඉවර කරන්න එයාලට තව ටික වෙලාවක් තියෙනවා කියලා එයාලා දන්නවා. හැබැයි බුෂ්රා, මීර්ව දාලා ගියපු නිසා අලුත් ප්‍රශ්නයක් මතු වෙනවා.

ඒ වෙලාවේ රාජ් ඉස්සරහට ඇවිත්, වෙඩින් එක දිගටම කරගෙන යන්න නන්දිකාව කසාද බඳින්න තීරණය කරනවා. කොහොමහරි ඩ්‍රග් ඩීල් එක සාර්ථකව සිද්ධ වෙනවා වගේම, ඩාර්කෝ කල්ලිය ගැන චාචෝ පැහැදෙනවා.

අහමඩ් ඉදිරිපත් වෙනවා චිකීව බලාගන්නම් කියලා, ඊටපස්සේ මිනිහව ටොයිලට් එක ඇතුලේ කොටු කරගන්නවා. ඇත්තටම බලද්දී බාබාව මරලා තියෙන්නේ අහමඩ්, ඒත් පොරට ඕන වෙන්නේ ඒ වැරැද්ද චිකී පිට පටවන්න. කොහොමහරි මැතිව් මේක තේරුම් අරන්, අහමඩ්ගෙන් ප්‍රශ්න කරන්න මිනිහගේ පිටිපස්සෙන් යනවා. අන්තිමේදී අහමඩ් ඒ දෙන්නටම වෙඩි තියනවා.

 

FBI එකට වරෙන්තුවක් ගන්න ගොඩක් වෙලාව යනවා. ඒ නිසා නියෝජිත මර්සර් සහ අධ්‍යක්ෂක සිම්ප්සන් වේටර්වරු විදිහට වෙස්වලාගෙන හොරෙන්ම ඇතුලට එනවා. හැබැයි ඒ වෙනකොටත් කුඩු ඩීල් එක ඉවරයි, ඒ වගේම අහමඩ් හිතාගෙන ඉන්නේ චිකී සහ මැතිව් දෙන්නම වෙඩි වැදිලා මැරුණා කියලා.

නියෝජිත මර්සර් සහ අධ්‍යක්ෂක සිම්ප්සන් තමන් කවුද කියලා හෙළි කරද්දීම, ලකී කොල්ලන්ට චිකී ගැන කියනවා. ඒ වෙලාවෙම මුළු ඇඟේම ලේ ගාගෙන චිකී ටොයිලට් එකෙන් එළියට ඇවිත් ඇත්ත විස්තරේ කියද්දී හැමෝම කම්පනයට පත්වෙනවා. ලකී, අහමඩ්ව අල්ලගන්න හැදුවත් ඒ අස්සේ තව පොලිස් නිලධාරීන් එතනට එනවා. වරෙන්තුව එන්න කලින් ඇතුලට ආපු නිසා නියෝජිත මර්සර් සහ අධ්‍යක්ෂක සිම්ප්සන් නීති කැඩුවා කියලා ලකී පොලිසියට මතක් කරලා දෙන අතරතුරේ, අහමඩ් එතනින් පැනලා යනවා.

අහමඩ් පැනලා ගියපු නිසා, රාජ් මුළු සතියම ගත කරන්නේ මිනිහව හොයන්න. රාජ් මේකට ඕනවට වඩා ඇබ්බැහි වේගෙන එනවා කියලා බය වෙන මීර්, තමන් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න එන්න කියනවා. මේ අතරේ, ලකී චිකීගේ දුවත් එක්ක එකතු වෙලා චිකීගේ බිස්නස් එක තමන්ගේ අතට ගන්නවා. චිකී ඉන්නේ කෝමා එකක (සිහියක් නැතුව) නිසා මිනිහට තමන්ගේ තැන වැඩ කරගන්න විදිහක් නෑ.

 


ආයෙත් අයියා මලෝ දෙන්නා පැත්තට හැරුණොත්, ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා හැමදේම සාමකාමී වුනු එක ගැන මෙයාලා සතුටින් ඇවිදින්න යනවා. දැන් හැමදේම තමන්ගේ පාලනය යටතේ තියෙන්නේ, ඒ නිසා පොඩ්ඩක් සැනසීමේ ඉන්න පුළුවන් කියලා මෙයාලා හිතනවා. බිස්නස් එකත් සුපිරියටම කෙරෙනවා, ණය ඔක්කොම බේරලා ඉවරයි, ඒ වගේම මෙයාලා ප්ලෑන් කරන්නේ තාත්තගේ ගොල්ෆ් හීනය සැබෑවක් කරන්න. ඒත්, මෙයාලා පාර පනිනවත් එක්කම, මෙයාලගේ “ඩෙලි” කඩේ කුඩුපට්ටම් වෙලා යන්නම පිපිරිලා යනවා.

ඉතින් ඔය ටික තමයි අන්තිම එපිසෝඩ් එකේ සිද්ද වුණේ, Deli Boys කියන්නේ පට්ට නළු නිළියන් සෙට් එකක් සහ සුපිරි තිර රචනයක් තියෙන, ආතල් එකේ බලන්න පුළුවන් කතාවක්. කතාවේ කුතුහලය සහ වේගය අන්තිම වෙනකම්ම එක වගේ තියාගන්න මේක හදපු අයට පුළුවන් වෙලා තියෙනවා. කතාවේ හැමෝම වගේ නරක මිනිස්සු වුණත්, අපිට නිරායාසයෙන්ම මේ සහෝදරයෝ දෙන්නා සහ ලකී ගැන කැමැත්තක් ඇති වෙනවා.

 


එහෙනම් ඉතින් සීරිස් එක දැන් බලන්න පටන් ගන්න. එක එපියක් බළලා ඔයා බයිස්කෝප් එකට ටක්ගලා ඇවිල්ලා මම දාලා තියන ඒ එපිසෝඩ් එකේ පෙර කොටස කියවලා දැන් තියන අලුත් එපිය බලන්න ගන්න. එතකොට ඔයාලගේ රසවින්දනය හා අවබෝධය තවත් ගොඩක් වැඩි වෙයි.

Deli Boys Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

62 downloadsDownload Deli-Boys-S02E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deli Boys Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

62 downloadsDownload Subtitles23 KB

4 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. gayan

    ko bn ithuru tika? dan kochara dawasda….

  3. Ravindu Heshan - Admin

    ඔක්කොම වැටෙනවා භය වෙන්න එපා

  4. Sandaru Nimsara

    Thanks