Watch Trailer

The Apartment Job [S01 : E01] Sinhala Subtitles | වොන් බිලියන දහය [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න මම ඔයාලට තවත් අලුත් කතාවක් ගේන්නයි යන්නෙ. කාලෙකට පස්සෙ මොකක්ද ඉස්සෙල්ලා බලන්නෙ කියල තෝරගන්න බැරි විදිහෙ කතා දෙකක් එකම දවසෙ විකාශනය වෙනවා. එකක් තමයි ඔයාලා දැනටමත් බලන Agent Kim Reactivated. එතකොට අනිත් කතාව පටන් ගත්තෙ ඊයෙ. ඒක තමයි The Apartment Job. SBS එක Ag…

The Apartment Job Sinhala Subtitles

ඔන්න මම ඔයාලට තවත් අලුත් කතාවක් ගේන්නයි යන්නෙ. කාලෙකට පස්සෙ මොකක්ද ඉස්සෙල්ලා බලන්නෙ කියල තෝරගන්න බැරි විදිහෙ කතා දෙකක් එකම දවසෙ විකාශනය වෙනවා. එකක් තමයි ඔයාලා දැනටමත් බලන Agent Kim Reactivated.

එතකොට අනිත් කතාව පටන් ගත්තෙ ඊයෙ. ඒක තමයි The Apartment Job.

SBS එක Agent Kim Reactivated එකෙන් So Ji-sub ව ගෙනෙද්දි  ඔන්න JTBC එකත් නිකන් ඉන්නෙ නැතුව ඒකටම  හරි යන්න Ji Sung ව ගෙනත් තියෙනවා. කොරියන් කතා බලන අය දන්නවනෙ මේ දෙන්නගෙම කතා කොහොමද කියල. ආයෙ ඉතිං කතාව ගැන කියන්න දෙයක් නැහැ… නේද..

ඉතිං කොහොම හරි මේ කතාව ගැන කියනව නම් මේක කිම් යූන්-යොං රචනා කරපු, ජෝ යොං-වොන් අධ්‍යක්ෂණය කරපු ත්‍රාසජනක, අභිරහස, ප්‍රහසන, අපරාධ ශානරයට ගැනෙන රූපවාහිනී කතා මාලාවක්. කොටස් 12කින් සමන්විත මේ කතාවෙ Ji Sung වගේම තවත් ජනප්‍රිය නළු නිලියො ගොඩ දෙනෙක් ඉන්නවා.

මැර කල්ලියක් වුනත් සමාජයට හොඳ මූණුවරකින් ඉන්න පාක් හේ කන්ග් (Ji Sung) තමන්ව තාත්තා වගේ බලාගත්ත යන්ග් මන්ව බේර ගන්න මුදල් හොයන්න තියෙන වුවමනාවට මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ගේ සංගමයේ සභාපති ධුරයට තරඟ කරනවා. ඒ තනතුරට තේරුනාට පස්සෙ පාක් හේ කන්ග් ගෙ ජීවිතයේ වෙන වෙනස් කම් තමයි අපිට කතාවෙන් බලන්න තියෙන්නෙ. මුලු කතාවම මෙතන කියල වැඩක් නැහැනෙ නේද.. එහෙනම් අපි පලවෙනි කොටසින් කතාව බලන්න පටන් ගමු.

 පාක් හේ කන්ග් ගෙ ව්‍යාපාරය තමයි සූදුව.  හැබැයි එයාගෙ ගණුදෙනුකරුවො වෙන්නෙ ඉහල මට්ටමේ අය වගේම මේ ව්‍යාපාරය කෙරෙන්නෙ බොහොම රහසින්. දුප්පත් පවුලක හීන ගොඩක් එක්ක ජීවත් වුන පාක් හේ කන්ග් මෙතනට එකතු වෙන්නෙ අතේ සල්ලි නැති කමට තමන්ගෙ පුතාව ඇපේට තියලා සූදු සෙල්ලම් කරපු තාත්තා නිසයි. තමන්ගෙ තාත්තගෙ නරක වැඩ නිසා ජීවිතේ විනාශ වෙලා යන්න ගිය පාක් හේ කන්ග්ගෙ ජීවිතේට එලිය දෙන්නෙ එතකොට මේ ව්‍යාපාරය කරගෙන ගිය කන්ග් මන්. කන්ග් මන් තාත්තා නොකිව්වට තාත්තා කෙනෙක් වගේ පාක් හේ කන්ග් ව බලාගන්නවා.

ඉතිං කාලෙකට පස්සෙ දැන් වර්තමානය වෙද්දි කන්ග් මන් විශ්‍රාම ගිහින් පාක් හේ කන්ග් තමයි ව්‍යාපාරය පවත්වගෙන යන්නෙ. හේ කන්ග් බොහොම සාර්ථකව ව්‍යාපාරය කරගෙන යනවා වගේම එයාට හොඳ ගණුදෙනුකාරයො කොටසකුත් ඉන්නවා. මේ අතරෙදි මේ ව්‍යාපාරයට පිටිපස්සෙන් උදව් කරලා අත යටින් අල්ලස් ගන්න පොලිස් ප්‍රධානියෙක්ට ලොකු මුදලක් ඕන වෙනවා. ඉතිං ඔහු ඒ තමන්ට ඕන මුදල හොයාගන්න යන්නෙ හේ කන්ග් ලඟට. ඒ ගණුදෙනුව කොහොම වෙයිද කියල තමයි මේ කොටසෙ තියෙන්නෙ..

එහෙනම් පලවෙනි කොටස බලලා අදහසකුත් කියාගෙනම යන්න… ආයෙත් 2 කොටසින් හෙට හම්බෙමු..

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

207 downloadsDownload The-Apartment-Job-S01E01.zip34 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

207 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් මේ සීරිස්එකට සබ් අරං එනවට