Watch Trailer

Deli Boys [S01 : E10] Sinhala Subtitles | දාර්ලගේ අවසානයද ? ඇරඹුමද මේ ? [සිංහල උපසිරසි]

Deli Boys Sinhala Subtitles ආයුබෝවන්, අද අරන් ඇවිත් ඩෙලි බෝයිස් අවාසන කතාංගය. දාර්ලගේ ජීවිත මොන වගේ වෙයිද ? බාබාව මරපු කෙනාට අද මොකක්වෙයිද ? පෙරුවියානුවන්ගේ ණය ගෙවන්න පුළුවන් වෙයිද ? මීර්ගේ කසාදේ කොහොම වෙයිද ? ඉතින් මේ සේරටම අද උත්තර ඔයාලට දැනගන්න පුළුවන්. අපි එහෙනම් සුපුරුදු විදියට පෙර කොටස ගැන බල…

Deli Boys Sinhala Subtitles

ආයුබෝවන්, අද අරන් ඇවිත් ඩෙලි බෝයිස් අවාසන කතාංගය. දාර්ලගේ ජීවිත මොන වගේ වෙයිද ? බාබාව මරපු කෙනාට අද මොකක්වෙයිද ? පෙරුවියානුවන්ගේ ණය ගෙවන්න පුළුවන් වෙයිද ? මීර්ගේ කසාදේ කොහොම වෙයිද ? ඉතින් මේ සේරටම අද උත්තර ඔයාලට දැනගන්න පුළුවන්.

අපි එහෙනම් සුපුරුදු විදියට පෙර කොටස ගැන බලමු.

පෙර කොටසින්…

සිහිනයක් දකිනවා වගේ පෙන්වන දර්ශනයකින් ආරම්භ වුණ මේ කොටසේ මීර් ප්‍රධාන නායකතුමා වෙලා නගරේ ඉන්නවා පෙන්වනවා. මිනිස්සු හැමෝම ගෞරවයෙන් මිනිහා ගැන මඟ තොට කතා කරනවා. පවුලේ වැදගත්කම ගැන මිනිහා හැමෝටම කියමින් පාරේ ගමන් කරනවා. මෙතනදි පාරේ ඉන්න එක මනුස්සයෙක් මීර්ට කියනවා තමන්ගේ ලෙඩ අම්මා ගැන, මීර් මේ මනුස්සයට යම් පැකට්ටුව දීලා ඇයව හොඳින් බලාගන්න කියනවා. පොඩි ළමයෙක් මීර් වගේ නායකතුමෙක් වෙන්න ආසයි කියද්දි, මීර් ඒ ළමයට මඟපෙන්වන්න පොරොන්දු වෙනවා.

දාර් සහෝදරයෝ ඇතුළු හැමෝම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පෙරුවියානුවන්ට ගෙවිය යුතු මුදල් ගැන සාකච්ඡා කරනවා. ණය ගෙවීම සහ නොගෙවීමේ ප්‍රතිවිපාක ගැන බයෙන් සාකච්ඡා කරද්දි මෙයාලගේ කෝපය වැඩි වෙනවා.


මීර් FBI එක රවටපු හැටි ගැන ලොකුකම් දොඩවද්දි, මලික්ලා තමන්ගේ අනාගතය ගැන සැක සහිතව ඉන්නවා. මීර්ගේ මඟුල් උත්සවයේ වැඩ කටයුතු මේ අතරේ සැලසුම් වෙමින් තිබුණා. ණය නොගෙවීම නිසා පෙරුවියානුවන්ගෙන් එල්ල වෙන්න පුළුවන් තර්ජන ගැන මලික්ලා නොසන්සුන් වෙමින් හිටියේ. මඟුල් සතියට වෙන් කරගත් දිග හැමර් රථයක් ගැන මෙයාලට මීර් කියමින් වාතාවරණය සැහැල්ලු කරන්න උත්සාහ කරනවා.
මීර් ලකී නැන්දත් එක්ක අමනාපෙන් දුරකථන ඇමතුමකින් කතා කරනවා. ඒ පෙයිරිව මරන්න හදපු නිසා කේන්තියෙන්. මෙතනදි මීර් සහ රාජ් දෙන්නම ලකී නැන්දගේ විශ්වාසය සහ පක්ෂපාතීත්වය ගැන ප්‍රශ්න කරනවා. අවදානමක් වුණ කෙනෙක්ව මරලා දාන්න විතරයි තමන් හැදුවේ කියලා ලකී නැන්දා මෙයාලට කියද්දි දෙගොල්ලෝ අතරේ ආතතිය තවත් වැඩි වෙනවා, බිඳුණු සබඳතා පෙන්නුම් කරමින්.  
මීර්ගේ මඟුල් උත්සව ආරම්භ වෙමින් තියනවා. මෙතනදි රාජ් සහ මීර් අතරේ මඟුල් උත්සවයෙදි දාන්න ඕනේ සිංදුවක් ගැන බහින් බස වීමක් වෙලා දෙන්නා අමනාප වෙනවා. පෙරුවියානුවන් මලික්ලාගේ කෙනෙක්ව මඟුල් උත්සවය අතරේ මරලා දානවා. මේකෙන් දාර් සහෝදරයෝ ඇතුළු පිරිස ව්‍යාපාරික ගැටලුවලට මුහුණ දෙමින් කලබලකාරී මඟුල් දවස පාලනය කරන්න උත්සාහ කරනවා.
බාබාගේ මරණය සම්බන්ධයෙන් කම්පනකාරී තොරතුරක් ලකී හෙළිදරව් කරගත්තා, ඒ අනුව තමන් අතරෙම කෙනෙක් පාවා දීමක් කරලා තියෙන බවට සැක කරන්න ගත්තා. මේ රහස නිසා ඇතිවෙන ප්‍රතිවිපාක ගැන මැතිව් සහ ලකී බරපතල විදියට කල්පනා කරන්න පටන් ගන්නවා. මෙයාලට මුහුණ දෙන්න වෙන තර්ජන එක්ක ඊළඟට කරන්න ඕන දේවල් ගැන හදිසියෙන් සාකච්ඡා කරනවා.පෙරුවියානුවන්ට ගෙවිය යුතු මුදල් ගැටලු සහ පුද්ගලික ප්‍රශ්න එක්ක පොරබදද්දි මඟුල් උත්සවය ළඟටම එනවා. පෙරුවියානුවන් මලික්ලගෙන් කෙනෙකුව දැඩි අනතුරු ඇඟවීමක් විදියට මරලා දාපු නිසා ඉදිරියේදී මුහුණ දෙන්න වෙන අභියෝගවලට දාර් ඇතුළු පිරිස සූදානම් වෙද්දි, මීර්ට තමන්ගේ පෞද්ගලික ජීවිතය සහ ව්‍යාපාරික පැත්ත අතර සමබරතාවය රැකගන්න අමාරු වුණා.

මේ එපිසෝඩ් එක ගැන කතා කරොත්,

මුලින්ම මීර්ගේ සිහින දර්ශනයෙන් පෙන්නුවේ ඇත්තටම මිනිහගේ හිතේ තිබුණු අභිලාෂයන්. නමුත් ඒක යථාර්ථය නෙවෙයි. මෙයා හිතන තරම් දේවල් සරල නෑ. මිනිස්සු මෙයාට ගෞරව කරනවා කියලා පෙන්නුවට, ඇත්තටම තියෙන්න ඕනේ බයක්.

ලකී නැන්දයි මීර්ගෙයි හැලහැප්පීම වැදගත්. මොකද මේකෙන් පේන්නේ පරණ විශ්වාසනීය සබඳතා බිඳවැටෙන හැටි. පවුලේ අය අතර විශ්වාසය නැති වෙනවා. මේක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

පෙරුවියානුවන්ගේ ප්‍රශ්නය දැන් තවත් බරපතල වෙලා. මලික්ලගේ කෙනෙක්ව මැරුවම ඒක පණිවිඩයක්. මේක නිකන් මිනී මැරුමක් නෙවෙයි – මඟුල් උත්සවය අතරේ කරපු දෙයක්. ඒ කියන්නේ පෙරුවියානුවන් කියන්න හදන්නේ “අපි ඕන තැනක ඕන වෙලාවක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්” කියන එක.

බාබාගේ මරණය ගැන හෙළිවුණු තොරතුර තවත් භයානක කාරණයක්. කවුරුහරි ඇතුළේ ඉඳන් පාවාදීමක් කරලා තියෙනවා කියන්නේ දැන් කාවවත් විශ්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ.

ඉස්සරහට මම හිතන්නේ පවුලේ අය අතර විශ්වාසය තවත් බිඳවැටෙන්න පුළුවන්. මීර්ගේ මඟුල් උත්සවය යම් භයානක දේවල් ගොඩක් වෙන්න පුළුවන්. පෙරුවියානුවන් එක්ක ප්‍රශ්නත් තවත් දිග් ගැස්සේවී. අන්තිම එපිසෝඩ් එකේදී අනිවාර්යෙන්ම ඇතුළේ ඉන්න පාවාදෙන්නා හෙළිවෙයි – ඒත් ඒකෙන් තවත් පැටලැවිලි ගොඩක් ඇතිවෙයි. මීර්ට තමන්ගේ නායකත්වය තහවුරු කරගන්න වෙනස්වෙන්න වෙයි.

 
ඩෙලි බෝයිස් සීසන් 1 මෙතනින් නිමාවට පත්වෙනවා. 2026 සීසන් 2 එන්න ඉඩ තියනවා. 
එහෙම ආවොත් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා !

Deli Boys Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

287 downloadsDownload Deli-Boys-S01E10.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Deli Boys Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

287 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Kalana Wasala

    Thanks Brother

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.