Deli Boys Sinhala Subtitles තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ රාජ් හිරගෙදර ඉඳන් හරියට මොඩල් කෙනෙක් වගේ ෆොටෝ වලට පෙනී ඉන්න දර්ශනයකින්. ලකී සහ මීර් මිනිහව බලන්න ඇවිත් ඇත්තටම මේ වැරැද්ද කලේ උඹද කියලා අහනවා, ඒත් රාජ් ඒක ප්‍රතික්ෂේප කරනවා. මීර් බිස්නස් පාඩු වෙයි කියලා බය වෙලා ඉන්නේ. ලකී කියනවා “හෙට ඇප අරන්…
Deli Boys Sinhala Subtitles
තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ රාජ් හිරගෙදර ඉඳන් හරියට මොඩල් කෙනෙක් වගේ ෆොටෝ වලට පෙනී ඉන්න දර්ශනයකින්. ලකී සහ මීර් මිනිහව බලන්න ඇවිත් ඇත්තටම මේ වැරැද්ද කලේ උඹද කියලා අහනවා, ඒත් රාජ් ඒක ප්‍රතික්ෂේප කරනවා. මීර් බිස්නස් පාඩු වෙයි කියලා බය වෙලා ඉන්නේ. ලකී කියනවා “හෙට ඇප අරන් දීලා නඩු විභාගය ගැන පස්සේ බලමු” කියලා. ඒ වගේම දත් බුරුසුවක් ආයුධයක් කරගන්න හැටිත් ලකී රාජ්ට කියා දෙනවා හිරේ ඇතුළෙදි පරිස්සම් වෙලා ඉන්න.
කැසිනෝ එකේදී, ෂුගර් නිවාඩු ගමනක් ලකී එක්ක යන්න ලෑස්ති වුණත් රාජ් හිරේ ඉන්න නිසා ඒක කරන්න වෙන්නේ නෑ. මිනිහා ලෝයර් කෙනෙක් ගන්න කතා කරද්දීම ලකීගේ ජැකට් එකක් ඇඳගෙන රාජ්ගේ පිස්සු කෙල්ල නන්දිකා එතනට එනවා. කෙල්ල තමන්ගේ මිනිහව කොහොම හරි නිදහස් කරගන්නවා කියලා ලොකු ටෝක් එකක් දෙනවා. මීර් මේ කෙල්ලව ෂුගර්ට අඳුන්වලා දෙනවා.
නන්දිකා රාජ්ගේ හිරගෙදරදී ගත්තු හැඩ පින්තූර ඉන්ටර්නෙට් එකට දාලා තියෙන නිසා ඒවා වයිරල් වෙලා. මේ කේස් එක ඉන්ටර්නෙට් එකට දාලා මහජන සහයෝගයක් ගමු කියලා කෙල්ල කියද්දී ෂුගර් ඒකට එකඟ වෙනවා.
ඊළඟට, ලකී සහ මීර් පර්සි වයිට්හෝල් හමුවෙලා බිස්නස් එක දිගටම කරගෙන යන්න මිනිහව කැමති කරගන්න උත්සාහ කරනවා. ලකී ඊළඟ ඕඩර් එකට ඩිස්කවුන්ට් එකක් දෙන්න හැදුවත් වයිට්හෝල් ඒක එපා කියලා ඩීල් එක ෆෝ සහෝදරයන්ට දෙනවා කියනවා.
ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ උසාවියයි. එතනදී ෂුගර්, ලකී සහ මීර්ව රාජ්ගේ ලෝයර් වෙන ඩැනියෙල් ඛාන්ට හඳුන්වලා දෙනවා. ඩැනියෙල් ආපු ගමන් ලකී එක්ක පැණි හලන්න පටන් ගන්නවා. නන්දිකාට තේරෙනවා මුන් දෙන්නා අතරේ මොකක් හරි රෙද්දක් තියෙනවා කියලා.
රාජ්ව ඇතුලට අරගෙන එද්දී නන්දිකා මිනිහා එන හැටි වීඩියෝ කරන ගමන් රාජ්ට ලස්සන හැඩ ඉරියව් දාන්න කියලා උපදෙස් දෙනවා. රජයේ අභිචෝදකයා වෙන චැඩ්වෝටර් මේක ලෙහෙසියෙන් අතඅරින්නේ නෑ. මිනිහා 9/11 ප්‍රහාරය ගැන මතක් කරලා, අහමඩ්ට තර්ජනය කරපු ලියවිල්ලක් ඉදිරිපත් කරනවා. ඩැනියෙල් මේ සාක්ෂියට විරුද්ධ වෙනවා, ඒ වගේම දෙන්නා අතරේ මෝඩ විවාදයක් ඇතිවෙනවා. මේ අතරේ කතාවෙන් පිට අපේ මේ ඇත්ත ලෝකයේ ඉන්න නගරාධිපති කෙනෙක් වෙන මන්දානි ගැනත් සඳහන් වෙනවා. ඩැනියෙල් නඩු විභාගය අවුල් කරගන්න නිසා විනිසුරුවරයට “පැටියෝ” කියලා එතුමා රාජ්ට ඇප දෙන්න බැහැ කියලා කියනවා. නඩුව ඉවර වෙනකම් රාජ්ව ෆෙඩරල් හිරගෙදරක තියන්න නියම වෙනවා.

කැසිනෝ එකේදී නන්දිකා එතනින් මඟඇරලා යනවා. ලකී සහ ඩැනියෙල් එයාලගේ අතීතය ගැන උර්දු භාෂාවෙන් කතා කරනවා. ඩැනියෙල් දෙයියන් පල්ල මේ ගැන මැක්ස්ට කියන්නේ නෑ කියලා දිවුරනවා. හැබැයි කොහොම හරි ලකී සහ ඩැනියෙල් ඉස්සර යාළුවෙලා හිටපු අය කියලා හෙළි වෙනවා. ෂුගර් මේක දැනගෙන කම්පනයට පත්වෙනවා. ලකී කියනවා තමන් ඩැනියෙල්ව අතඇරියේ මිනිහා සූදුවටම ඇබ්බැහි වුන කෙනෙක් නිසා කියලා.
හිරගෙදරදී රාජ් යාළුවෝ හදාගන්න හැදුවත් ඒක අසාර්ථක වෙනවා. එතනදී මිනිහට සුබෙයර්ව හමුවෙනවා. සුබෙයර් කියන්නේ පළවෙනි සීසන් එකේදී මේ තුන්දෙනා මරන්න හදපු කෙනා. සුබෙයර් සහ රාජ් කතා බහ කරලා ප්‍රශ්න විසඳගන්නවා. සුබෙයර් කියනවා රාජ්, අලි එක්ක කතා කරන්න ඕනේ කියලා. මොකද අලි, අහමඩ් සහ තව කිහිපදෙනෙක් එක්ක බෝලින් ගහන තැනක ඉඳලා තියෙනවා.
කැසිනෝ එකේදී, ලකී සහ ඩැනියෙල්ගේ අතීතය ගැන ෂුගර්ට පොඩි ඉරිසියාවක් ඇතිවෙනවා. ඩැනියෙල් කියන්නේ එයාලගේ තිබුණේ සැබෑම සම්බන්ධතාවයක් කියලා, ඒත් ලකී කියන්නේ ඒක නිකන් ආතල් එකට විතරක් තිබ්බ එකක් කියලා. ඩැනියෙල් සහ ෂුගර් ලකී වෙනුවෙන් එකිනෙකාට කම්මුල් පාරවල් ගහගන්නවා. ලකී කියනවා “රාජ්ව හිරෙන් එලියට ගන්නවා නම් එයාට තමන් එක්ක පෙම් හමුවකට යන්න අවස්ථාව දෙනවා” කියලා.
හිරගෙදරදී, එක්තරා හිරකාරයෙක් රාජ්ට ගහන්න එනවා, මොකද අර ඉන්ටර්නෙට් කැම්පේන් එක හින්දා ඒ හිරකාරයාගේ කෙල්ල රාජ්ට පිස්සු වැටිලා ඉන්න නිසා. රාජ් කියනවා මට නොගහා ඉන්නවට ඉල්ලන ඕනෑම දෙයක් ලෑස්ති කරලා දෙන්නම් කියලා.
ඊට ටික වෙලාවකට පස්සේ, මීර් ෆෝන් එකෙන් රාජ් එක්ක කතා කරනවා. මීර් ඉන්නේ නන්දිකා එක්ක කඩේ. රාජ් ඉල්ලපු බඩු ටික ගෙනත් දෙන්න මීර් එකඟ වෙනවා. රාජ් හිරේ ගියපු නිසා බිස්නස් පාඩු වෙන එක ගැන මීර් ඉන්නේ බර අවුලෙන්. නන්දිකා මීර්ට පෙන්නනවා “පට්ට හිරකාරයා” කියන නමින් රාජ් ඉන්ටර්නෙට් එකේ කොච්චර ජනප්‍රියද කියලා. Jimmy Kimmel show එකෙත් මිනිහා ගැන කියලා තියෙනවා. රාජ්ගේ රසිකයන්ට කියන්නේ “රාජි” කියලා.
මීර්ට වයිට්හෝල්ගේ පාටියකට යන්න ඕන වෙන නිසා, රාජ්ට බඩු ටික දෙන්න හිරගෙදරට යන එක මඟහරිනවා. හිරගෙදරදී, තඩි රොබ් කියන හිරකාරයා බඩු එනකම් බලාගෙන ඉන්නවා.

ෂුගර් සහ ඩැනියෙල් කැසිනෝ එකකදී හමුවෙනවා. ෂුගර් කියනවා ඩැනියෙල් ලකීගෙන් ඈත් වෙලා ඉන්නවා නම් ඩැනියෙල්, ජෝයි නෝස්ට දෙන්න තියෙන ණය ඔක්කොම තමන් පියවන්නම් කියලා. ඩැනියෙල් ඒකට එකඟ වෙද්දී, ෂුගර් තව කොන්දේසියක් දානවා ලකී ඉස්සරහා ඩැනියෙල්ව ලැජ්ජා කරන්න. ඊට ටික වෙලාවකට පස්සේ කැසිනෝ එකේ පිංපොං මැච් එකකට සෙට් වුනත් ඩැනියෙල් අන්තිම මොහොතේ අදහස වෙනස් කරලා, ලකීව දිනාගන්න ෂුගර් එක්ක දාපු ඔට්ටුව ඇත්තටම කරගෙන යනවා.
ලකීට රාජ්ගෙන් කෝල් එකක් එනවා. මේ ෂුගර් සහ ඩැනියෙල් දෙන්නා තමන්ට උදව් කරන්නේ නැති එක ගැන ගෑනි තරහෙන් ඉන්නේ. ඩැනියෙල් කියනවා හිරගෙදරදී රාජ්ට හානියක් වෙන්න පුළුවන් කියන හේතුව පාවිච්චි කරලා මිනිහව එළියට ගන්න පුළුවන් කියලා. මිනිහා රාජ්ගේ ඇප වලට අභියාචනයක් දාන්න පිටත් වෙනවා. ලකී ෂුගර්ට කියනවා තමන් දිනාගන්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා, ඒ වගේම තමන් එයාව දාලා යන්නේ නැහැ කියලත් කියනවා.
ඊළඟට අපිට පේනවා රාජ් නිදහස් වෙලා ඉන්නවා. මිනිහගේ රසිකයෝ ගොඩක් එකතු වෙලා පොර නිදහස් වීම සමරනවා. පාටියේදී ඩැනියෙල් ඔට්ටුව අතහරිනවා. මීර්, රාජ්ව බලන්න නොආපු එක ගැන සමාව ඉල්ලනවා. ඒත් දෙන්නා රණ්ඩුවක් පටන් ගන්නවා, ලකී මැද්දට පැනලා ඒක බේරනකම්ම. ඩැනියෙල් ෂුගර්ට සුබ පතනවා, හැබැයි මිනිහා කියනවා තමන්ට අයින් කරන්න තව බාධක දෙකක් තියෙනවා කියලා.
ඉතින්, මේ එපිය ගැන කතා කරොත්,
කොහොම හරි රාජ් හිරෙන් නිදහස් වෙච්ච එක ලොකු සහනයක්! හැබැයි මේකෙන් පේනවා සෝෂල් මීඩියා වලට මිනිස්සුන්ව කොච්චර නම් නටවන්න පුළුවන්ද කියලා. නිකන්ම තිබ්බ දෙයකින් ලොකු රැල්ලක් හැදුණා. සෝෂල් මීඩියා වල බලය පෙන්වන්න සැබෑ ලෝකයේ සිදුවීම් පවා උදාහරණ විදිහට අරන් තිබුණා. නන්දිකා කියන්නේ මාර බලයක් තියන චරිතයක් එකක්, ඒකීට බාගෙට පිස්සු වුණාට 😀 කෙල්ල රාජ්ට පණ ඇරලා ඉන්නේ, තමන්ගේ හැඟීම් ප්‍රසිද්ධියේ පෙන්වන්න කිසිම ලැජ්ජාවක් නැහැ. කොහොම වුණත්, 3 වෙනි එපිසෝඩ් එක ගොඩක්ම වෙන් වුණේ රාජ් සහ ඩැනියෙල් වෙනුවෙන්. විශේෂයෙන්ම ඩැනියෙල්ගේ චරිතය කතාවට මරු එකතුවක්! කුමේල් නන්ජියානි තමන්ගේ රෝල් එක සුපිරියටම කරලා තියෙනවා.

Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
68 downloadsDownload Deli-Boys-S02E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Deli Boys S02 Sinhala Subtitles
- #Deli Boys Season 02 Sinhala Sub
- #Deli Boys Season 02 Sinhala Subtitles
- #Deli Boys Sinhala Sub
- #Deli Boys Sinhala Subtitles
- #Editor's Pick
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks