Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… කතාව පටන් ගන්නේ මීට අවුරුදු කීපයකට කලින් සිද්ධ වුණ කවාලි උත්සවයකින්. ඒ දවස්වල අහමඩ්ට ඔළුවේ කෙස් තිබුණා, ලකීගේ කොණ්ඩෙත් කොටයි. ලකීයි අහමඩුයි දෙන්නා සෑහෙන කාලෙක ඉඳන්ම මේ අපරාධ වැඩ වල එකට ඉන්න අය. තමන්ගේ තාත්තට බිස්නස් එක තවත් ලොකු කරන එක ගැන ලකී නැන්දා එක්ක ක…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
කතාව පටන් ගන්නේ මීට අවුරුදු කීපයකට කලින් සිද්ධ වුණ කවාලි උත්සවයකින්. ඒ දවස්වල අහමඩ්ට ඔළුවේ කෙස් තිබුණා, ලකීගේ කොණ්ඩෙත් කොටයි. ලකීයි අහමඩුයි දෙන්නා සෑහෙන කාලෙක ඉඳන්ම මේ අපරාධ වැඩ වල එකට ඉන්න අය. තමන්ගේ තාත්තට බිස්නස් එක තවත් ලොකු කරන එක ගැන ලකී නැන්දා එක්ක කතා කරන්න ඕන කියලා මීර් කියද්දී, අහමඩ්ගේ හිත රිදෙනවා වගේ පේනවා.
ඊට පස්සේ කතාව වර්තමානයට කැරකෙනවා. එතනදී ලකී, අහමඩ්ට ගහන්න පටන් ගන්නවා. හැබැයි මීර් ඇවිත් ලකීව තේරුම් කරලා නතර කරගන්නවා. ඊට පස්සේ මේ තුන්දෙනා (ලකී, මීර්, රාජ්) කතා වෙන්නේ කොහොමහරි රාජ්ගේ නම බේරගන්නේ කොහොමද කියලා. ඔය අස්සේ ලකී අහමඩ්ට බලෙන්ම සැර චට්නි කවනවා. අන්තිමේදී වෙන රටකට පැනගන්න ඩොලර් ලක්ෂ 5ක් දෙනවා නම් වැරැද්ද පිළිඅරන් පාපොච්චාරනයක් කරන්නම් කියලා අහමඩ් එකඟ වෙනවා.
මේ අතරේ ශුගර් කැසිනෝ එකට එද්දී චැඩ්වෝටර් හරිම ආඩම්බරෙන් පුටුවේ වාඩි වෙලා ඉන්නවා දකිනවා. ශුගර් මිනිහට බොන්න අරක්කු දෙන්න හැදුවත් චැඩ්වෝටර් ඉල්ලන්නේ වතුර නැතුව කිරි වීදුරුවක්! ඔය දේවල් වෙන අතරේ, අහමඩ් ඩාර් පවුලේ අයට ශුගර් ගැන හැම විස්තරයක්ම කියලා එයාලට අනතුරු ඇඟවීම් කරනවා. චැඩ්වෝටර් කියනවා තමන් ශුගර්ගේ මුදල් විශුද්ධිකරණ ව්‍යාපාරයේ හැම රහසක්ම හොයාගෙන තියෙන්නේ කියලා. ඒ නිසා ඩාර් පවුල ගැන තියෙන හැම විස්තරයක්ම තමන්ට දෙන්න කියලා මිනිහා ශුගර්ට කියනවා.
ශුගර් තමන්ගේ සහජ හැකියාවෙන් ගෑනු අයව තමන්ගේ පැත්තට නවාගන්න හැටි ගැන අහමඩ් කියද්දී ලකී හොල්මන් වෙනවා. හැබැයි අනෙක් පැත්තෙන් ශුගර්, තමන්ට කිසිම නීතිමය ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පොරොන්දුවක් පිට ඩාර් පවුලේ ඔක්කොම රහස් පාවලා දෙන්න සතුටින්ම එකඟ වෙනවා. චැඩ්වෝටර් ඒකට කැමති වෙනවා වගේම මෙයාලා පැයකින් චැඩ්වෝටර්ගේ ඔෆිස් එකේදී හමුවෙන්න කතා කරගන්නවා.
රාජුයි මීරුයි එකතු වෙලා අහමඩ්ව නිදහස් කරනවා. ඒත් මිනිහා ඇවිදගෙන යද්දී කවුන්ටර් එකක වැදිලා, ඒකෙන් උඩ තිබ්බ මිටියක් කෙලින්ම මිනිහගේ ඔළුව උඩට වදිනවා. ශුගර් එයාගේ දුවත් එක්ක රටින් පැනලා යන්න ලෑස්ති වෙන අතරේ, රාජුයි මීරුයි අහමඩ්ගේ ඔළුවෙන් ගලන ලේ නතර කරගන්න දඟලනවා.
ලකී මැතිව්ට කෝල් කරලා අහමඩ් ගැන කියද්දී, මැතිව් කියනවා “මට ඕකව ආයෙමත් මරන්න දෙන්න බැරිද?” කියලා. හැබැයි ලකීට ඕන වෙන්නේ මැතිව් ලවා මැක්ස් (ශුගර්) පස්සෙන් පන්නලා විස්තර දැනගන්න. මේ අතරේ අහමඩ්ගේ තත්ත්වය දැකලා රාජුයි මීරුයි හොඳටම බය වෙනවා.

ශුගර් සති අන්තය ගත කරන්න යන්න තමන්ගේ දුවව හම්බවෙනවා. දුව අකමැත්තෙන් වුණත් ඒකට එකඟ වෙනවා. මෙයාලා තමන්ගේ ගොවිපළට යද්දී මැතිව් මෙයාලා පස්සෙන් ලුහුබඳිනවා. ශුගර් ප්ලෑන් කරන්නේ පහුවදාම දුවත් එක්ක රටින් යන්න වුණත්, මෙයා දුවට ඇත්තම හේතුව කියන්නේ නෑ. මැතිව් වැරදියට හිතන්නේ ශුගර් එක්ක ඉන්න තරුණ කෙල්ල මිනිහගේ කෙල්ල කියලා. ලකීත් ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා.
ලකී, අහමඩ්ව රාජ්ටයි මීර්ටයි බාර දීලා යනවා. අහමඩ් එයාලගේ බිස්නස් එක ගැන හැමදේම කාට හරි කියයිද කියලා මීර් බයෙන් ඉන්නේ. ඔය අතරේ අහමඩ් තමන්ගේ පරණ මතකයන් අවදි කරමින් “බාබා” එක්ක ගත කරපු මුල් කාලය ගැන කියවනවා. එයා බාබාට කරපු දේ (මරපු එක) නිකන් බිස්නස් එකක් විතරයි කියලයි මිනිහා කියන්නේ.
ඊට පස්සේ රාජුයි අහමඩුයි හදවතින්ම කතා කරන අතරේ මෙයාලා හොස්පිට්ල් එකට ළඟා වෙනවා. හැබැයි හොස්පිට්ල් එකේ දොර ළඟදීම අහමඩ් ඇදගෙන වැටෙනවා. එතන ඉන්න නිලධාරීන් එයා කවුද කියලා අඳුරගන්නවා. ඊට පස්සේ රාජුයි මීරුයි එතනින් මාරු වෙලා ගොල්ෆ් ක්ලබ් එකේ මීටින් එකට යනවා.
ලකී සහ මැතිව් ශුගර් දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ටික වෙලාවකින් චැඩ්වෝටර්ත් එතනට එනවා. ඔය අස්සේ සෙකියුරිටි එකට ලකීවයි මැතිව්වයි අහුවෙනවා. හැබැයි මේ අමිෂ්සෙකියුරිටි අය හිතන තරම් සාමකාමී නෑ. එක්කෙනෙක් මැතිව්ට ඊතලයකින් විදිනවා, ඒකෙන් කේන්ති යන ලකී ඒ ගාඩ්ලා දෙන්නවම මරලා දානවා.
රාජුයි මීරුයි මීටින් එකේදී රේසාව හම්බවෙනවා. මේ ඩීල් එක හරියට කළේ නැත්නම් වැඩ වරදියි කියලා රේසා තර්ජනය කරද්දී මීර් හොඳටම බය වෙනවා. ඒ වෙලාවේ රාජ්, මීර්ට කෝකෙන් ටිකක් දෙනවා. ඒකෙන් මීර්ගේ හැසිරීම එකපාරටම වෙනස් වෙනවා! මිනිහා බෝඩ් එකට සුපිරි ඉදිරිපත් කිරීමක් දෙනවා වගේම බෝඩ් එක ඒක අනුමත කරනවා. සතුටු වැඩි කමට මීර් නටන්න ගිහින් තමන් ළඟ තිබ්බ කුඩු පැකට් එකක් මේසය උඩට වැටෙනවා.

ශුගර් සහ චැඩ්වෝටර් ගෙවිපළේ හම්බවෙලා කතා කරන දේවල් ලකී හොරෙන් අහගෙන ඉන්නවා. ඩාර් සමාගම විනාශ කරන්න ශුගරුයි චැඩ්වෝටරුයි ඩීල් එකක් දාගන්නවා. විශ්වාසය දිනාගන්න ඕන නිසා කඩේට මැරයෝ පැනපු ඒ සිද්දිය වුණා වගේ රඟපෑවේ තමන්මයි කියලා ශුගර් මෙතනදී හෙළි කරනවා.
කුඩු පැකට් එක අහුවුණ නිසා රාජුයි මීරුයි බය වුණත්, පුදුමයකට වගේ බෝඩ් එක ඒ කෝකෙන් වලටත් කැමති වෙනවා! ගොල්ෆ් ක්ලබ් එකේ බෝඩ් මෙම්බර්ස්ලා සේරම කෝකෙන් සහ මත්පැන් පාවිච්චි කරලා ලොකු පාටියක් දානවා. මේ අතරේ ලකී, ශුගර්ට වෙඩි තියන්න ඉලක්කය ගන්නවා. හැබැයි ගෑනි වෙඩි තියන්න හදද්දීම ශුගර්ගේ දුව එතන මැදට එනවා.
ඉතින් මේ එපිසෝඩ් එක ගැන කතා කරොත්,
කොහොමින් කොහොමහරි මැක්ස් ශුගර් කියන්නේ ලකීගේ සහ ඩාර් පවුලේ අයගේ ජීවිත අවුල් කරපු “වදයක්” වෙච්ච චරිතයක් වුණා. හැම අපරාධකාරයෙක් වගේම මේ මනුස්සයා බැලුවෙත් මොන දේ කරලා හරි තමන්ගේ ඇඟ බේරගන්න. ගොල්ෆ් ක්ලබ් එකේ සල්ලිකාරයෝ කුඩු ගහලා පාටි දාන එකෙන් පේන්නේ, පිටින් හරිම වැදගත් විදියට පෙනී හිටියට එයාලගේ ඇතුලාන්තයේ තියෙන කුහකකම සහ සැබෑ තත්ත්වයයි.
පාකිස්තානු චරිත වටා ගෙතුණු මේ වගේ කතාවකට ජනප්‍රිය අයව එකතු කරගන්න නිෂ්පාදකයෝ තව වගබලාගෙන තියෙනවා. කොහොම වුණත් 5 වෙනි එපිසෝඩ් එකෙන් අවසාන කොටසට (finale) හොඳ පාරක් කපලා තියෙනවා. ඒ නිසා අවසන් කොටසේදී නම් ලොකු කලබගෑනියක් වෙයි වගේ මට හිතන්නේ!
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
43 downloadsDownload Deli-Boys-S02E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Deli Boys S02 Sinhala Subtitles
- #Deli Boys Season 02 Sinhala Sub
- #Deli Boys Season 02 Sinhala Subtitles
- #Deli Boys Sinhala Sub
- #Deli Boys Sinhala Subtitles
- #Editor's Pick
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට ස්තූතියි ශෙහාන් සහෝ