Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles “නමු අමිදා බුත්සු” “මම අමිදා බුදුන් සරණ යමි” 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 8 වන කොටස හෙවත්…

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

“නමු අමිදා බුත්සු”
“මම අමිදා බුදුන් සරණ යමි”

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 8 වන කොටස හෙවත් අවසාන කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. මේ අවසාන කොටස තරමක් විශේෂයි. ඒ තමයි මේ කොටස පෙර කොටස්වලට වඩා වැඩි ධාවන කාලයකින් සමන්විත වෙන එක. මීට පෙර කොටසත් මේ ලක්ෂණයෙන් යුතු වුනා කියල ඔයාට මතක ඇති. ඒ අනුව මේ කොටස මිනිත්තු 40 ක කාලයක් පුරා දිව යනවා. ඒ වගේම මෙතෙක් ලැබුනු වැඩිම Ratings ප්‍රමාණයක් ලැබිල තියෙන්නෙ මේ කොටසටයි. ඉතින් හිතාගන්න පුලුවන් නේද මේ කොටසේ Hype එක ගැන. මේ අවසාන කොටසට තන්ජිරෝගේ කණ්ඩායමත් එක්ක හෂිරාවරුන් ඇතුළුව හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට මෙතෙක් කතාව රසවිඳින්න පුලුවන්කම ලැබුනා. ඒත් එක්කම කිසි ත්‍රාසයක් නැතුව දිග හැරුනු මේ season 4 හි මෙතෙක් හෙළි නොවුනු සැඟවුනු ත්‍රාසය සමඟින් නොදුටු පැතිකඩයන් මේ කොටසින් එළිදරව් වෙනවා.

හෂිරා පුහුණුවේ අවසාන හෂිරාවරයා වෙන පාෂාණ හෂිරා ගියොමෙයි හිමෙජිමාගේ පුහුණුව, තන්ජිරෝ තමන්ගේ සලකුණත් මතු කර ගනිමින් අවසාන කරනවා. ඒත් එක්කම තමයි හිමෙජිමා තමන්ගෙ අතීත කතාව තන්ජිරෝ ඉදිරියේ කියනවා. ඒ කතාවත් අනිත් හුඟක් කතාවන් වගේ දුකකින් පිරුණු එකක් බව අපිට දකින්න ලැබුනා. ඒ වගේම සෙනිට්සුට තමන්ගේ කුරුල්ලා අතේ ලියුමකුත් එනවා. ඒ ලියුමේ තිබුනේ මොකක් වුනත් ඒ දුක්ඛදායී දෙයක් බවත් අපිට පෙනුනා. ඒත් එක්කම ඉහළ හතරවෙනි යක්ෂයාගේ ඇස්වලට මේ යක්ෂ නාශක මූලස්ථානය අහු වෙලා ඉවරයි. ඒත් එක්කම යක්ෂ ඇසක් සුළං හෂිරාට හසු වීමෙන් මේ හැමදේම දැන් හෙළිදරව් වී ඇති බව දැනගන්නවා. ඒ එක්කම තවත් තැනක නොසිතූ නොවිරූ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි යක්ෂාධිපති මුසාන් කිබුට්සුජි යක්ෂ නාශක බලකා ප්‍රධානී කගායා උබුයාශිකිව මුණ ගැහෙන්න එන එක. ඒ වගේම මේක යක්ෂ නාශක බලකා මූලස්ථානය. හෂිරාවරුන් සියලු දෙනා ඉන්න තැන. ඉතින් දැන් මීළඟ මොකක් වේවිද?

එහි පිළිතුර මේ අවසාන කොටස නරඹලාම හෙළි කරගන්න එකයි වටින්නේ. මුළු Demon Slayer කතාවේම හොඳම මොහොතටයි අපි අවතීර්ණ වෙන්නේ. ඒක මුළු Demon Slayer කතා මාලාවේම හොඳම Moment එක කියල කියන්නත් පුලුවන්. ඒ තරම් Goosebumping moment එකක් මෙතෙක් තිබුනේ නැති තරම්. එකක් නෙවෙයි ඇත්තටම ගොඩක් තිබුනා කියල කියන එකයි සාධාරණ. ඒක ඒ විදිහට සිද්ධ වෙද්දි, මේ Hashira Training Arc එක අවසාන වෙද්දි තවත් උණුසුම් පුවතක් අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි මීළඟ Arc එක නිළ වශයෙන් නිවේදනය කරපු එක. මීළඟට පැමිනීමට නියමිත Infinity Castle Arc එක Movies Trilogy එකක් විදිහට නිකුත් කරන බවට දැනුම් දීල තියෙනවා. ඒ කියන්නෙ මේ Arc එක කොටස් විදිහට නැතුව චිත්‍රපට තුනක් විදිහට තමයි නිකුත් කරන්නෙ. මේ වෙනුවෙන් අලුත් Key Visual එකක් සහ Teaser Video එකක් නිකුත් කරල තියෙනවා.


Demon Slayer: Infinity Castle Arc key visual

ඉතින් මේ Infinity Castle Arc හි Movie Trilogy එකේ පළමු චිත්‍රපටය නිකුත් වන කාලයක් ගැන තවම සඳහනක් කරලා නම් නෑ. හැබැයි මෙතෙක් කතා සමයන් නිකුත් වුනු රටාව බැලුවම අපිට පොඩි නිගමනයකට එන්න පුලුවන්. අපිට අලුත් arc එකක් අලුත් season එකක් විදිහට අවුරුද්දක් පාසා නරඹන්න ලැබුනා. ඒ විදිහට මේ Trilogy එකේ පළවෙනි movie එක මීළඟ අවුරුද්දේ, ඒ කියන්නෙ 2025 දී නිකුත් වීමට ඉඩ කඩ තියෙන විත්තිය අපිට අනුමාන කරන්න පුලුවන්. මේ Demon Slayer කියන නම, ඒ නමින් රෙද්දක් වැනුවත් සල්ලි විසිවෙන නමක් වෙලයි තියෙන්නෙ. අනික මේ Infinity Castle Arc එක කියල කියන්නෙ Ufotable එකේ peak ම ඇනිමේෂන් තියෙන්න ඕනි arc එකක්. තනිකරම Hashira Vs Upper Rank Demons විදිහට තියෙන Battle Arc එකක්. ඉතින් අපි බලාපොරොත්තුවෙන් ඉමු ඇස් කන් පිනා යන, ගත ලොමු ඩැහැ ගැන්වෙන මේ යුද්ධයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂිකරුවෝ වෙන්න ලැබෙන දවස වෙනකල්.

එහෙනම් මීළඟ Arc එකට පෙර සූදානම් කිරීමේ වර්ණනාව අහවර කරන්නයි මේ සූදානම. මේ උපසිරැසිය අනිත් උපසිරැසි සියල්ලටම වඩා සුවිශේෂයි. ඒක මේ උපසිරැසියත් එක්ක අවසාන කොටස නරඹද්දි පැහැදිලි වේවි. ලොකු මහන්සියක් වෙලා කරපු උපසිරැසියක් කියල කියන්න පුලුවන්. ඔයාලා උපසිරැසි ඉල්ලන්න comment කරනවා වගේම, ඉතින් අවසාන වශයෙන් ඔයාලගෙ අදහසත් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් Demon Slayer: Infinity Castle හි පළමු චිත්‍රපටය නිකුත් වුනු දවසක උපසිරැසිය අරන් එන බලාපොරොත්තුවෙන් අපි තාවකාලිකව සමු ගන්නම්. අරිගතෝ! Happy Anime!!!

The All Out-War Begins!!!
Demon Slayer fans… ASSEMBLE!!!

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

උපසිරැසි ගැන්වීම – ඉසුරු සන්දීප
ලිපිය – හසරංග නදීෂ

Episode Name – The Hashira Unite
Aired Date – 2024.06.30
IMDB Rating – 9.9 (2024.07.03)

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

6,657 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S04E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

6,657 downloadsDownload Subtitles19 KB

37 comments

  1. Rusith

    Thanks saho, dan ithin auruddak balan inna epai , vinland saga anime ekatath sub denn puluwnd

    1. ලංකන් weebs

      ස්තූතියි. Vinland Saga ඉදිරියේදී ලැබේවි.

  2. Dilshan buddika

    සුපිරි.සබ් එක ලබාදුන්නට ස්තුතියි ❤️‍❤️‍❤️‍

    1. ලංකන් weebs

      බොහොම ස්තූතියි.❤️

  3. Anonymous

    どうも ありがとう

  4. Minoshan Dhanujith

    Thanks

  5. Anonymous

    Thankyou bosa

  6. Geun dae

    We got the maximum enjoyment because of the subtitles...that's why we always wait for the sub. This episodeee.. OMG... there are no words to say about it really.. those goosebumps will never be forgotten..
    Now let's wait for the 1st movie..
    どうもありがとうございます。

    1. ලංකන් weebs

      Thank you very much brother.❤️ Let's wait for that.

  7. sudeera

    supiri

  8. Dasun Lakruwan

    අද ඩීමන් ස්ලේයර් ගැන ලංකාවෙ කතා වෙනවා නම් ඒකට මූලිකවම හේතුව ඔයාලා සීසන් 1 එකට සබ් දීපු එක එදා ඉඳන් අවුරුදු හතරක් විතර මේ උන්මාදය ලංකාව් තියෙනවා ඉතින් ඒකට හේතුව lankan weebs තමයි.. කොලිටි සෙට් එකකින් හැමදාම වගේ කොලිටි වැඩක්..සීසන් එකම ආසාවෙන් බැලුවා..හැමෝටම ස්තූතියි වෙච්චි මහන්සියට..

    1. ලංකන් weebs

      ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට සහෝදරයා.❤️

  9. M_al

    Tnx you bro
    Sun enakam balagana hitiye ❤️

    1. ලංකන් weebs

      Thank you.❤️

  10. Anonymous

    අඩෝ තැන්කිව් බොක්ක. ආයේ මෙච්චර පරක්කු වෙන්න එපා සික් එක වගෙ

    1. ලංකන් weebs

      ස්තූතියි.❤️

  11. Pramod

    Niyamai bn ❤️

    1. ලංකන් weebs

      ස්තූතියි.❤️

  12. Akila Dilhara

    සබ් එකට බොහොම ස්තුති , මම ආසම Anime එක්ක මේක...

    1. ලංකන් weebs

      ස්තූතියි.❤️

  13. Chamidu Sachinthana

  14. Pramod

    8 episode eka thannako... video eka

  15. Sithija imesh

    මේ සබ් එක නම් සුපිරියක්.සිංදුවෙ තේරුමත් ලස්සනට තිබ්බ.ස්තූතියි සබ් එකට.

    1. ලංකන් weebs

      ගොඩක් ස්තූතියි.❤️

  16. Anonymous

    Nice.keep it un

    1. ලංකන් weebs

      Thank you.❤️

  17. Dimuthu

    අදරෙයි සගෝ හිමො ශමි කගුරා ..

  18. Anonymous

    lankan weebs thamai hodatama kale

    1. ලංකන් weebs

      Thank you Very much.❤️

  19. ලංකන් weebs

    හැමෝටම බොහොම ස්තූතියි.❤️

  20. SK kawishka

    supiri bro...
    thank you...

  21. kaveesha lakshan

    s4 eke apisode 9, 10, 11 nane

    1. Anonymous

      Ekane

  22. Dhanuja

    Maru

  23. Nehara shevinda

    Good job
    Episode 8n passe tika neni

  24. Anonymous

    Infinity castle movie ekata sub oni pissu wage dapanko sub eka

  25. sanjaya bandara

    infinity castle eke sub nanae aparade ekath thubbanam maru