Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles 2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 7 වන කොටස හෙවත් අවසානය කොටසට පෙර කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන…

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

2024 වසරේ Spring Season හි වඩාත් බලාපොරොත්තු සහගත, වඩාත් ජනප්‍රිය වගේම උන්මාදජනක ඇනිමෙ කතා මාලාවක් වෙන Kimetsu No Yaiba AKA Demon Slayer Season 4, එහෙමත් නැතිනම් Hashira Training Arc හි 7 වන කොටස හෙවත් අවසානය කොටසට පෙර කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. Demon Slayer හි අලුත් කතා සමයට දැන් තන්ජිරෝගේ කණ්ඩායමත් එක්ක හෂිරාවරුන් ඇතුළුව හැම චරිතයක්ම පාහේ එකතු වෙලයි ඉන්නේ. ඉතින් රසවින්දනයේ කිසිම අඩු පාඩුවක් නැතුව අපිට කතාව රසවිඳින්න පුලුවන්කම ලැබුනා. මේ කොටස සහ අවසාන කොටස තරමක් විශේෂයි. ඒ තමයි මේ කොටස් දෙකම පෙර කොටස්වලට වඩා වැඩි ධාවන කාලයකින් සමන්විත වෙන එක. ඒ අනුව මේ කොටස මිනිත්තු 31 ක කාලයක් පුරා දිව යනවා. ඒත් එක්කම කිසි ත්‍රාසයක් නැතුව දිග හැරුනු මේ season 4 හි මෙතෙක් හෙළි නොවුනු සැඟවුනු ත්‍රාසය මේ කොටසින් එළිදරව් වෙනවා.

ආරම්භයේ ඉඳන්ම එක් එක් හෂිරාවරුන් යටතේ පුහුණුවට සම්බන්ධ වුනු තන්ජිරෝ පාෂාණ හෂිරා වෙන ගියොමෙයි හිමෙජිමා ළඟට එනවා. මෙයාගෙ පුහුණුව අනිත් හැම එකකටම වඩා දුෂ්කර බව පෙනෙන්න තිබුනා. මොකද කියනවා නම් මේ පුහුණුවීම් සම්පූර්ණ කරන්න අධික විඳ දරා ගැනීමේ හැකියාවක් තිබීම අනිවාර්ය කාරණාවක් වුනා. මේ අසීරු බව නිසාම පාෂාණ හෂිරාගේ පුහුණුව වැඩි පිරිසකට සම්පූර්ණ කරන්න ලැබෙන්නෙ නෑ. මේ පුහුණුවේදීම මුණ ගැහුනු මිත්‍ර ඉනොසුකේ සමඟින් තන්ජිරෝ පුහුණුවට අවතීර්ණ වෙනවා. මේ පුහුණුව අවසානයේදී තන්ජිරෝ තමන් මීට පෙර කිහිප වතාවකදී මතු කර ගන්න සමත් වුනු යක්ෂ නාශක සලකුණත් නළලේ මතු කරගන්න සමත් වෙමින් පාෂාණ හෂිරාගේ පුහුණුවත් සම්පූර්ණ කරනවා. ඒත් එක්කම අපිට මුල ඉඳන්ම දකින්න ලැබුනු අදිසි පුද්ගලයා වෙන කවුරුවත් නොව, අලුතින් පත්වුනු ඉහළ හතරවෙනි යක්ෂයා වෙන නකිමේ බව දකින්න ලැබුනා. නකිමේගේ හැකියාව එක්ක තන්ජිරෝගේ නංගි වෙන, සූර්යයා ජයගත්තු නෙසුකොව හොයන බවක් තමයි පේන්න තිබුනේ. ඉතින් මේ නකිමේගේ ඇස් කියන්නෙ යක්ෂාධිපති මුසාන් කිබුට්සුජිගේත් ඇස් බව අමුතුවෙන් මතක් කළ යුතු නෑ.

මේ කොටසේ වෙන දේවල් ගැන එක ඉඟියක්වත් නොදී ඊළඟ සතිය තෙක් සමුගන්නයි අදහස. මොකද මේ කොටසින් වෙන්නෙ මොකක්ද කියල මේ උඩින් තියෙන episode title එක දැක්කම ඕනිම Demon Slayer ෆෑන් කෙනෙක්ට හිතාගන්න පුලුවන්. ඉතින් ඒකම ප්‍රමාණවත් මේ කොටසේ ත්‍රාසය කුතුහලය ඇති වෙන්න. හෂිරා පුහුණුවේ අවසානයට තමයි අපි ඇවිත් ඉන්නේ. දැන් මීළඟට එළඹෙන්නේ මොකක්ද? බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. ඒ අනුව Hashira Training Arc හි තවත් එක් කොටසක් විතරයි අපිට ඉතුරු. එහෙනම් Demon Slayer Season 4 හි අටවෙනි හෙවත් අවසාන කොටසින් මීළඟ සතියෙදි හමුවෙමු.

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – ඉසුරු සන්දීප


Episode Name – Stone Hashira Gyomei Himejima

Aired Date – 2024.06.23

IMDB Rating – 8.7 (2024.06.25)

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

6,089 downloadsDownload Demon-Slayer-S04-E07-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Demon Slayer AKA Kimetsu no Yaiba Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

6,089 downloadsDownload Subtitles17 KB

20 comments

  1. Anonymous

    Aiya the boy and the heron fim eke sub eka hadala danda puluwanda

  2. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️❤️

  3. Wathsan wickramasinghe

    good job

  4. හශාන්

    තැන්ක් යූ.....
    තව ඇනිමේ එකක් සබ් කරන්නකෝ

  5. LEGEND

    Thanks for th sub bro

  6. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  7. Sithara

    Episide eke sub eka release unata passe davesama denoda.man english sub balala ai sinhala balanne man apu gamanma episode download karanne .

  8. Geun dae

    අනේ EP 08 අද දාන්නකෝ

    1. Os

      Epi 8 ona

  9. Anonymous

    ep 8 ta ikmta oni

    1. thisum

      ow adee thama nane irida awa eka

  10. Tharindu Dilshan

    bohoma stuti

  11. Anonymous

    epiaod 8 denne nadda adee

  12. Chamath

    Ep 8 ikmanata dnna

  13. Geun dae

    Ada episode 8 denne naddooooooo

  14. Thisum

    Ep 8 denne nadd appa thama nane eka

  15. Yuji ithodori

    Episode 8 one....

  16. Anonymous

    mokadda machan ep 8 awith dawas kiyak unada adawath dannko

  17. Chamuditha dineth

    Ndd epi 8 ek supiriyk ikkmnt one ek nm

  18. Geun dae

    අද දෙන්නෙ නැද්දෝ.. අද දුන්නෙ නැත්නම් වැඩක් නෑ ඉතිම්..