Red Swan S01 Sinhala Subtitles කොහොමද ළමයි… සෑහෙන කාලෙකට පස්සෙ මම ඔන්න ඔයාලා වෙනුවෙන් ongoing කතා මාලාවක් අරගෙන එන්නයි හදන්නෙ. 2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” ව…
Red Swan S01 Sinhala Subtitles
කොහොමද ළමයි… සෑහෙන කාලෙකට පස්සෙ මම ඔන්න ඔයාලා වෙනුවෙන් ongoing කතා මාලාවක් අරගෙන එන්නයි හදන්නෙ.
2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” වගේ ප්‍රසිද්ධ කතා මාලා අධ්‍යක්ෂණය කරපු Park Hong Kyun වගේම මේ කතා මාලාවේ ලේඛකයා වෙන්නේ “Only Love,” “Three Sisters,” වගේම “The Person I Love ” කතා මාලා රචනා කරපු Choi Yoon Jung.
මීට කලින් Kill Heel සහ 18 Again වගේ නාට්‍යවල රඟපෑව Kim Ha-neul මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Oh Wan-soo විදිහට රඟපානව වගේම 2022 Ghost Doctor නාට්‍යයෙන් පස්සෙ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන ගායක-නළු Rain, Kim Ha-neul ගේ ආරක්ෂකයා වෙන Seo Do-yoonගේ චරිතයට පණ පොවනවා.
මේ නාට්‍ය මාලාව 03.07.2024 වෙනි බදාදා ඉඳන් හැම බදාදා දිනකම Disney+ සහ Hulu යන ජාලයන් හරහා විකාශනය වෙන කොටස් 10 කින් යුක්ත කතා මාලාවක්.
සාරාංශයක් විදිහට කතාව ගැන කියනව නම්,
ගොල්ෆ් ක්‍රීඩිකාවක් විදිහට තමන්ගෙ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට ඇවිත් ඉන්න Wan-Soo (Kim Ha-Neul) ඉහළ පන්තියක පූර්ණ ජීවිතයක් ගත කරන්න හීන දකිමින් Hwain සමූහයේ අනුප්‍රාප්තිකයා එක්ක විවාහ වෙනවා. පදනමක සභාපතිනිය විදිහට කටයුතු කරන Wan-Soo තමන්ගෙ පුණ්‍ය කටයුතු හරහා ලෝකය පුරාම කීර්තිය ලබාගත්ත කෙනෙක්. සටන් කලාවට දක්ෂ වගේම පොලිස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති Seo Do Yoon (Rain), Wan-Soo ගෙ අලුත් ආරක්ෂකයා විදිහට Hwang සමූහ ව්‍යාපාරයේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නෙ නිශ්චිත හේතුවක් පෙරදැරි කරගෙන. තමන්ගෙ ආරක්ෂකයා හරහා Wan-Soo, Hwain පවුලේ සැඟවුන රහසකට මුහුණ දෙනවා.
ඔන්න ඔය විදිහට කතා වස්තුවක් ඇති මේ කතාව අපි අද ඉඳන් බලන්නයි හදන්නෙ. ඉතිං ඉස්සරහට කතාව දිගහැරෙන්නෙ කොහොමද කියලා අපි බලන් ඉමු….
1 කොටස – අලුත් ආරක්ෂකයා.
සෑහෙන කාලෙකට කලින් විවාහ ජීවිතය අවුල් වුනා කියන හිටපු ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් වගේම වත්මන් ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්, තමන්ගෙ බිරිඳට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක්, තමන්ගෙ ලේලිට වෛර කරන නැන්දම්මා කෙනෙක් එක්ක තමයි පලවෙනි කොටස ආරම්භ වෙන්නෙ. Wan-Soo තමයි මේ ප්‍රසිද්ධ කාන්තාව වෙන්නෙ. ඇය ජීවත් වෙනවට අකමැති ගොඩක් අය ඉන්නවා. ඒ අතරෙ මුලින්ම එයාගෙ නැන්දම්මා වගේම ලෝක ප්‍රසිද්ධ ත්‍රස්ථ සංවිධානයක් වෙන ISIS සංවිධානයත් ඉන්නවා. මේ දෙගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් මුලින්ම ක්‍රියාත්මක වුනත් ඒකෙන් Wan-Soo බේරගන්න දෙවියො එව්වා වගේ කෙනෙක් එනවා. නොකියම එන මේ කෙනා Wan-Soo බේරගෙන ආරක්ෂිතව ඇරලවලා නොකියම යන්න යනවා. Wan-Soo බේරගන්න එන්නෙ ඒ කවුරු වෙන්න ඇතිද….
Red Swan S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,610 downloadsDownload Red.Swan-S01E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
5 comments
Buddhika Lakmal
Sulakshana Thilakarathna
Bohoma sthuthi akke jaya wewa
Janitha Gangoda
bohoma sthuuthi sab ekata
Anonymous
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement


ඔන්ගොයින් සීරිස් එහෙකට සබ් ගෙනාපු එකටනං බොහෝම ස්තූතියි සිස්....
කොරියන්නම් ඉතිං ඔයා තමයි ඉතිං.......
බොහෝම ස්තූතියි සිස්........