Devil May Cry Sinhala Subtitles ඇනිමෙ රසික හැමෝටම මේ වතාවේ ඇනිමෙ එකක් නොවන සුපිරි ඇනිමේෂන් කතා මාලාවකට උපසිරැසි අරගෙනයි ඒ ෆැන්ටසියට මේ එන්නේ. මේක ඇවිත් නම අහපු ගමන් ආ මරුනෙ, වීඩියෝ ගේම් සීරීස් එක නම් සුපිරියක් කියන තැනින් පැටිකිරිය දිග ඇරෙන ජාතියේ කතාවක්. ඔව්, ඒ නම තමයි Devil May Cry. ජපාන වීඩියෝ ක…

ඇනිමෙ රසික හැමෝටම මේ වතාවේ ඇනිමෙ එකක් නොවන සුපිරි ඇනිමේෂන් කතා මාලාවකට උපසිරැසි අරගෙනයි ඒ ෆැන්ටසියට මේ එන්නේ. මේක ඇවිත් නම අහපු ගමන් ආ මරුනෙ, වීඩියෝ ගේම් සීරීස් එක නම් සුපිරියක් කියන තැනින් පැටිකිරිය දිග ඇරෙන ජාතියේ කතාවක්. ඔව්, ඒ නම තමයි Devil May Cry. ජපාන වීඩියෝ ක්‍රීඩා සමාගමක් වෙන Capcom වෙතින් නිකුත් කරපු Devil May Cry franchise එක ඇසුරෙන් තමයි මේ කතා මාලාව නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම මේ කතාවේ නිර්මාතෘ වෙන්නෙ ඉන්දියානු තිර පිටපත් රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වගේම වැඩසටහන් නිර්මාණකරුවෙක් වෙන Adi Shankar. මොහු දායකත්වය සැපයූ නිර්මාණ අතර Castlevania, Castlevania Nocturne, The Guardian of Justice, Captain Laserhawk:A Blood Dragon Remix යන ඇනිමේෂන් කතා මාලා සහ Dredd, The Gray, Lone Survivor යන හොලිවුඩ් චිත්‍රපට සඳහන් කරන්න පුලුවන්.

මේ වසරේ අප්‍රේල් 3 වන දා, මිනිත්තු 21-32 ත් අතර දිවෙන මුළු කොටස් 8 කින් යුතුව Devil May Cry කතා මාලාව නිකුත් කෙරුනා. Netflix හරහා ඉංග්‍රීසි බසින් නිකුත් වූ මේ කතාවේ ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු දකුණු කොරියානු ඇනිමේෂන් ස්ටූඩියෝවක් වෙන Studio Mir සිද්ධ කරල තිබෙනවා. Devil May Cry කතා මාලාව මේ වෙද්දි IMBD දර්ශකයේ 7.5 ක අගයක් සහ Rotten Tomatoes හි 96% ක අගයක් ලබාගනිද්දී කතාව යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගෙන තියෙනවා.

කතාවේ ආරම්භක තේමා ගීතය වෙන “Rollin” ගීතය Limp Bizkit කණ්ඩායම perform කරද්දී, Devil May Cry වලටම අනූන නාද රටා සමඟින් නවතම ගීත රටා Power Glove නම් music composer කණ්ඩායම සිද්ධ කරනවා. ඒ වගේම ජනප්‍රිය ගායිකාවක් වෙන Evanescenes තම ගීතයකින් Devil May Cry හැඩගන්වනවා. ඒ ගීතයත් මේ කතාවට Goosebuming Music vibe එකක් ලබා දෙන බවට සැක නැතුව කියන්න පුලුවන්. ඒ වගේම සෙසු නාද රටාත් ඔබව කිසි සේත්ම පහළ හෙලන්නේ නැති බව කිව යුතුමයි.
මිනිස් ලෝකයේ මිනිසුන් අතර රහසේ ජීවත් වුනු යක්ෂයින් සහ ඒ යක්ෂයින්ව දඩයම් කරන්න Demon Hunters හෙවත් යක්ෂ දඩයක්කරුවන් සමාජයේ ජීවත් වෙන යුගයක, ඇමෙරිකාවේ එක තැනක White Rabbit හෙවත් සුදු හාවා නමින් හඳුන්වා ගත්තු යක්ෂයෙක් එක පාරම මතු වෙනවා. නමේ විදිහට මේ යක්ෂයාට හාවෙකුගේ මුහුණකින් යුතු වුනා වගේම මනුස්සයෙක් වගේ දෙපයින් ඇවිදින්නත් කතා කරන්නත් පුලුවන් වුනා. මොහු හොයන්නෙ එක්තරා විශේෂ භාණ්ඩ දෙකක් විතරයි. එකක් Sword of Demon Knight Spada හෙවත් ස්පාඩාගේ කඩුව. අනික Amulet හෙවත් සුරය. හැබැයි මේ සුරය දෙකට වෙන කරලා කොටස් දෙකක් විදිහටයි තියෙන්නෙ. ඒ එක කොටසක් මෙ සුදු හාවා ළඟ තිබුනා. අනිත් සුර කොටස සහ කඩුව තමයි හාවාට නැතුව ඉන්නෙ. ඒ වගේම මේ වස්තූන් දෙක සහශ්‍ර ගානක් අතීතයේ ඉඳලම පැවතගෙන ආපු වස්තූන් දෙකක්. ඒ වගේම මේ වස්තු දෙක එක්තරා විශේෂ කාරණාවකට තමයි පාවිච්චි කරන්නෙ. අන්න ඒ කාරණාව සම්පූර්ණ කරන්න යනකොට තමයි අපිට කතාවේ චරිතය කරලියට අවශ්‍ය වෙන්නෙ.

Devil May Cry වීඩියෝ ක්‍රීඩා මාලාවේදි අපිට හමුවෙන “ඩාන්ටේ” (Dante) කියන යක්ෂ දඩයක්කරුවාගේ නම මේකට පැටලෙන්නෙ මෙන්න මෙතනදි තමයි. ඩාන්ටේ රටේ ඉන්න දක්ෂ වගේම පිස්සු, පිස්සු කිව්වට එක්තරා විදිහක විනෝදකාමී යක්ෂ දඩයක්කාරයෙක්. මම කලින් කියපු විශේෂ කාරණාවට අනුව මේ ඩාන්ටේවත්, අර ඉතිරි වස්තු දෙකත් සුදු හාවා හොයනවා. යක්ෂයෙක් කිව්වට සුදු හාවත් අපි දකිනවට වඩා ආගන්තුක අභිරහස් චරිතයක් කියල කිව්වට වරදක් නෑ. සුදු හාවා ඇයි ඒ වගේ චරිතයක් වෙන්නෙ? සුදු හාවා මේ පුරා වස්තු හොයන්නෙ ඇයි? ඒවයින් කෙරෙන විශේෂ කාරණාව මොකක්ද? ඩාන්ටේව මේකට පැටලෙන්නෙ කොහොමද? ඩාන්ටේ කියන්නෙ කවුද? යක්ෂයෙක් එක්ක යක්ෂ දඩයක්කරුවෙක්ගේ හමුවීම කොහොමද?

මෙන්න මේ ප්‍රශ්න රැස එක්ක Devil May Cry ඇනිමේෂන් කතා මාලාව අපිට නරඹන්න පටන් ගන්න පුලුවන්. මුලදී සඳහන් කළා වගේ කතාව Devil May Cry video game franchise එක මූලාශ්‍ර කරගත්තා වුනත් කතා මාලාව game franchise එකේ සිදුවීම් වලටම 100% ක්ම සමාන නෑ. Game එකම ඇනිමේෂන් එකක් විදිහටම බලන එකේ වෙනසකුත් තියෙන්න ඕනිනෙ. හැබැයි game එකෙ අපි දකින චරිත මේ කතාවෙත් ඉන්නවා. හැබැයි කතාව වෙනුවෙන් නිර්මාණය කරල තියෙන සතුරු චරිතය මේ කතාවේ රසය තවත් වැඩි කරනවා කියල නම් මට පෞද්ගලිකව කියන්න පුලුවන්. ඉතින් ලේ නෑවෙන ක්‍රියාදාම ගොන්නක් එක්ක මේ Devil May Cry එහි නමේ විදිහටම කතාව දිව යන බව සහතිකවම කියන්න පුලුවන්. එහෙනම් ඩාන්ටේගේ වික්‍රමයන් සමඟින් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Devil May Cry Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
841 downloadsDownload Devil.May_.Cry_.S01E01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Devil May Cry Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devil May Cry [S01 : E01 & E02] Sinhala Subtitles | නිරය මිහිපිටට ගෙන ඒමේ සැලැස්ම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Devil-may-cry-fi.jpg)


