Watch Trailer

Devil May Cry [S01 : E03 & E04] Sinhala Subtitles | ස්පාඩාගේ පුත්‍රයා [සිංහල උපසිරසි]

Devil May Cry Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. වතිකානුවට එල්ල වෙන කකුල් දෙකේ හාවෙකුගේ ප්‍රහාරයක් නිසා ලොකු තර්ජනයක් ඇමෙර…

Devil May Cry Sinhala Subtitles

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry ඇනිමේෂන් කතා මාලාවේ 3 සහ 4 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

වතිකානුවට එල්ල වෙන කකුල් දෙකේ හාවෙකුගේ ප්‍රහාරයක් නිසා ලොකු තර්ජනයක් ඇමෙරිකානු සමාජය ගිල ගන්නවා. යක්ෂයෙක් යැයි උපකල්පනය කරන මේ හාවාගේ ඉල්ලීම වුනේ දඩයක්කාරයාව හොයාගන්න කියන එකයි. කවුද මේ දඩයක්කාරයා? යක්ෂ දඩයක්කාරයෙක් විදිහට වැඩ කරන ඩාන්ටේ ගැන තමයි මේ කියල තියෙන්නෙ. මේ පටලැවුනු ප්‍රශ්න හමුවේ ඇමෙරිකාවේ උප ජනාධිපතිතුමා මේ හාවාගේ සහ දඩයක්කාරයගෙ සිද්ධියට පුද්ගලිකවම සම්බන්ධ වෙනවා. ඉතින් මේ ඩාන්ටේව හඳුනාගන්නා උප ජනාධිපතිතුමා එක්තරා විශේෂ කණ්ඩායමක් යවනවා මේ ඩාන්ටේව අල්ලගෙන ඒම වෙනුවෙන්. හැබැයි ඩාන්ටේ කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් විදිහට පෙනුනත් ලොකු ශක්තියක් වගේම වේගයක් තියෙන කෙනෙක්. ඒ වගේම පිස්තෝලය ප්‍රියතම ආයුධය කරගත්තු කෙනෙක්. ඩාන්ටේව අල්ලගන්නා කණ්ඩායමේ නායිකාවගේ උපායමාර්ග නිසාවෙන් මේ කණ්ඩායම ඩාන්ටේව සාර්ථකව අල්ලගන්න සමත් වෙනවා.

ඩාන්ටේව මේ තරම් ලුහුබැන්දේ ඇයි? ඩාන්ටේ කියන්නෙ ඇත්තටම කවුද? සුදු හාවා ඩාන්ටේවම ඉල්ලුවේ ඇයි? සුදු හාවාගේ සැබෑ අභිප්‍රාය මොකක්ද? එහෙනම් නරඹන්න මේ කොටස් දෙක. ලේ නෑවෙන ක්‍රියාදාම ගොන්නක් එක්ක මේ Devil May Cry එහි නමේ විදිහටම කතාව දිව යන බව සහතිකවම කියන්න පුලුවන්. එහෙනම් ඩාන්ටේගේ වික්‍රමයන් සමඟින් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Devil May Cry Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

713 downloadsDownload Devil-May-Cry-S01E03-04.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Devil May Cry Sinhala Subtitles

All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

713 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.