Watch Trailer

Don’t Come Home AKA Ya Klap Ban [S01: E01] Sinhala Subtitles | අද්භූත නිවසේ පැටළුනු අභිරහස [සිංහල උපසිරසි]

Don’t Come Home (2024) Sinhala Subtitles ආයුබෝවේවා බයිස්කෝප්වාසී සැමට… ඔන්න එහෙනම් අපි තවත් අවුරුද්දක අවසාන මාසයටත් ළඟා උනා. හැබෑටම මේ අවුරුද්ද ගෙවුන විදියනම් මට තාම හිතාගන්න බෑ. ඉතිං මේ මාසෙත් නිකන්ම ඉවර වෙන්න නොදී පුළුවන් විදියට කාලය කළමනාකරණය කරගෙන ඔයාලට හොඳ කතාමාලාවක් අරගෙන ආවනම් හොඳයි කියලා මම…

Don’t Come Home (2024) Sinhala Subtitles

ආයුබෝවේවා බයිස්කෝප්වාසී සැමට… ඔන්න එහෙනම් අපි තවත් අවුරුද්දක අවසාන මාසයටත් ළඟා උනා. හැබෑටම මේ අවුරුද්ද ගෙවුන විදියනම් මට තාම හිතාගන්න බෑ. ඉතිං මේ මාසෙත් නිකන්ම ඉවර වෙන්න නොදී පුළුවන් විදියට කාලය කළමනාකරණය කරගෙන ඔයාලට හොඳ කතාමාලාවක් අරගෙන ආවනම් හොඳයි කියලා මම කල්පනා කලා. ඉතිං ඒකට ගැලපෙන තාලේ බඩුවකුත් හම්බුන නිසා පුළුවන් සැනින් ඕන උපසිරසි අරගෙන ආවා. ඔයාලා ළඟදී අභිරහස්, බියජනක, තැතිගන්වන සුළු සහ විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත කතාමාලාවක් නැරඹූවෙ නැත්තම් මෙන්න මේක ඒ අඩුව පුරවන බවට මම සහතික වෙනවා.

Don’t Come Home (2024) Sinhala Subtitles

ඉතිං මේ Don’t Come Home කියන්නේ තායිලන්තයේ නිෂ්පාදනය උන කතාමාලාවක්. එහෙම කිව්වම ඔයාලා අපෝ මේක මහ ලෝ බජට් ජරාවක් වෙන්න ඇති කියලා අහක දාන්න එපා. හොලිවුඩ් හයි බජට් වැඩත් චොර වෙන කාලේ නෙට්ෆ්ලික්ස්ලා අත ගහපු සුපිරි වැඩක් කියලා මේක නිර්දේශ කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඔක්තෝම්බර් මාසේ නිකුත් උන මේ කතාමාලාව 7.3ක IMDbක ඉහල අගයකුත් රොටන් ටොමෑටෝ වල 96%ක් සහ 95%ක දැවැන්ත ගූගල් මනාප හිමිකරගන්නත් සමත් වෙලා තියෙන්නේ. Shutter (2004), Alone (2007), Pee Mak (2014), Game of Death (2006) Home for Rent (2023) Phobia (2008), Phobia 2 (2009) වගේ නිර්මාණ බලපු අයටනම් තායි සිනමාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉහත කිව්ව නිර්මාණ වලට අමතර තවත් හොඳ නිර්මාණ රාශීයක් තායි සිනමාවේ තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවෙදි ප්‍රධාන චරිත විදියට Woranuch Bhirombhakdi වාරී ලෙසත්, Cindy Bishop පනිදා ලෙසත්, Pitchapa Phanthumchinda ෆා ලෙසත්, Ploypaphas Fonkaewsiwaporn මිස් ලෙසත්, Teerapat Sajakul යුටාචායි ලෙසත්, Pariit Thimthong ටේ ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

Don’t Come Home (2024) Sinhala Subtitles

කතා ආරම්භය ගැනත් ඔයාලට පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. සිය ප්‍රචණ්ඩ සැමියගෙන් වෙන්වුන වාරී කියන තරුණිය තම පස් හැවිදිරි කුඩා දියණියත් එක්ක තමන්ගේ මියගිය මවගේ මහගෙදරට නැවත එන්නේ අළුතින් ජීවිතය පටන්ගන්න බලාපොරොත්තුවෙනුයි. තායිලන්තයේ ගම්බද පෙදෙසක ජනශුන්‍ය පළාතක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඇත්තටම වාරීගේ කුඩා කාලෙන් පස්සේ අවුරුදු 30කට පස්සේ තමයි එයා ආපහු මේ ගෙදරට එන්නේ. මේ ගෙදරට ආපු පලවෙනි දවසේ ඉඳන් වාරීටයි එයාගේ චූටි දුව මින් හෙවත් මින්ටිරාටයි අද්භූත සිද්ධි කීපයකටම මූණ දෙන්න වෙනවා. ඒ මොනවද කියලා ඔයාලා පළවෙනි කොටස නරඹලම බලාගන්නකෝ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් හොලිවුඩ් ෆිල්ම්වල තියෙන අළුත් ගෙදරකට කට්ටියක් ගිහින් ඒ ගෙදර හොල්මනක් ඉන්නවා වගේ සුලබ කතාවක් ඔළුවේ තියාගෙන මේක් බලන්න එපා කියලා මම ඔයාලගෙන් ඉන්නවා. පේනවට වෙනස්ම, නොහිතන ජාතියේ අභිරහසකට ඔයාලව අරගෙන යන බව මම 100%ක් සහතික වෙනවා.

Don’t Come Home (2024) Sinhala Subtitles

එහෙනම් තවත් වැඩි විස්තර කියලා ඔයාලව පරක්කු කරන්නේ නෑ. ඒ වගේම මට මේ කතාමාලාව උපසිරසි ගන්වන්න අවසර දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!

 

කතාංගයේ නම – “Varee”

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 6.8

මීළඟ කතාංගය – “Fah” 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,323 downloadsDownload Dont-Come-Home-S01-E01-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Don’t Come Home Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,323 downloadsDownload Subtitles13 KB

7 comments

  1. Dhilan Piyumantha

    සුපිරි ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න බ්‍රෝ

    1. Nirmal Vimukthi

      Okkoma dila thiyenne sahoo...

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි යුරාන් සහෝ මේ සීරිස් එකට සිංහල සබ් ගෙනාවට

  3. Bimsara Yashan (ඔලිව)

    ඉදල ඉදල සුපිරියක්ම ගෙනල්ලා වගේ. මේක හොඳයි කියලා රිවීව් දෙක තුනක්ම දැකලා ගන්නවද නැද්ද කියලා ඉද්දි මෙහෙන් සබ් ටිකත් දීල, ගැම්මක් තමා. අනිවා අරන් බලන්න ඕනෙ. මහන්සියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Nadeesha

    Superb

  5. ArunaSK

    Thanks Sub ekata bro

  6. Sachinda

    Thank You