Don’t Come Home (2024) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා! පොරොන්දු උන විදියටම Don’t Come Home කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටස නරඹපු ඔයාලට මේ වෙද්දි සීරිස් එක හිතට අල්ලලා ඇති කියලා මම විශ්වාස කරනවා. මුල් කොටසත් එක්ක ඔයාලට ප්‍රශ්න කීපයක් ඇති වෙන්නත් ඇති ඒවගෙන් කීපයකට අද උත්තර ලැබෙන…

හැමෝටම සුබ දවසක් වේවා! පොරොන්දු උන විදියටම Don’t Come Home කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටස නරඹපු ඔයාලට මේ වෙද්දි සීරිස් එක හිතට අල්ලලා ඇති කියලා මම විශ්වාස කරනවා. මුල් කොටසත් එක්ක ඔයාලට ප්‍රශ්න කීපයක් ඇති වෙන්නත් ඇති ඒවගෙන් කීපයකට අද උත්තර ලැබෙන්න පුළුවන්.
මුල් කොටස නම් වෙලා තිබුනේ “වාරී” කියලා. තමන්ගේ සැමියගේ තාඩන පීඩන වලින් බේරිලා එයාලගේ පුංචි දුවත් එක්ක තමන්ගේ මියගිය මවගේ පරණ මහගෙදර වෙන ජරුකානන්ට් නිවසට නැවත එන තරුණියක් තමයි වාරී කියන්නේ. පොඩි කාලේ අම්මටත් එක්ක බැංකොක් නගරයේ පදිංචියට ගියාට පස්සේ ආපහු අවුරුදු 30කට පස්සේ තමයි වාරී ආපහු මේ ගෙදරට එන්නේ. ඉතිං මෙතුවක් කල් මේ ගෙදර බලාකියාගෙන ඉඳලා තියෙන්නේ ජරුකානන්ට් පවුලේ හිතවත් සේවකයෙක් නටී විසිනුයි. ඔයාලා මේ නටීගේ අමුත්තක් දකින්න ඇති මොකද එයාගේ එක ඇහැක් තුවාල වෙලා ඒක පොට්ට වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ගෙදරට අනවශ්‍ය තරමේ මහ විශාල ජෙනරේටරයකුත් සවිකරලා තියෙනවා අපි දැක්කා.
පළවෙනි දවසෙදිම පුංචි මින් අද්භූත සිද්ධියකට මූණ දෙන්න වෙනවා. රෑ කෑම කන වෙලාවේ වාරීගෙ පිටිපස්සෙන් හිටපු භයානක පෙනුමක් තියෙන අද්භූත රූපය ඔයාලට මතක ඇති. ඒ වගේම වාරීටත් වෙස්මූණක් දාගත්තා පුංචි ගෑණු ළමයෙක්වත් පේනබව අපි දැක්කා. අන්තිමට අපි දැක්කේ මින් නිදාගෙන ඉන්න කාමරේට රෑ එන අර අද්භූත රූපයට බයවුන පුංචි මින් අල්මාරිය ඇතුලට ගිය ගමන් එයාව අතුරුදහන් වෙන විදියයි.
Don’t Come Home (2024) Sinhala Subtitlesඅද කොටසේ නම තමයි “ෆා” එයා තමයි මේ කතාමාලාවේ අනිත් ප්‍රධාන චරිතය. එයා කවුද? මින්ව හොයාගන්න වාරී මොනවා කරයිද කියලා අද කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම කලින් දෙයක් කියන්න අමතක උනා. ඔයාලා ඩවුන්ලෝඩ් කරන වීඩීයෝ පිටපතේ හින්දි, ඉංග්‍රිසි සහ තායි කියන භාෂා තුනෙන්ම හඬ කවලා ඇති. මේකේ ඔරිජිනල් භාෂාව තායි නිසා Audio සෙටින්ග්ස්වල තායි භාෂාව තෝරගත්තම ඔයාලට හොඳින් රස විඳින්න පුළුවන් වෙයි. එහෙනම් මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
Don’t Come Home (2024) Sinhala Subtitlesකතාංගයේ නම – ” Fah”
කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset
අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 31
IMDb අගය – 7.8
මීළඟ කතාංගය – ” The Girl Who Disappeared “
Don’t Come Home (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,062 downloadsDownload Dont-Come-Home-S01-E02-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Don’t Come Home Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Don't Come Home
- #Don't Come Home Sinhala Sub
- #Don't Come Home Sinhala Subtitles
- #Don't Come Home subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Nadeesha
Superb
Sachinda
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සහෝ උපසිරැසියට