Don’t Come Home (2024) Sinhala Subtitles කොහොමද ඔයාලා හැමෝටම. අදත් එහෙනම් සුපුරුදු වැඩෙන්ම ඔයාලා හමුවට ආවා. කලින් කොටස බැලුවනම් ඔයාලා හිතාගෙන හිටපු තර්ක ඔක්කොම බිඳ වැටෙන්න ඇති කියලා මම හිතනවා. මේක සාමාන්‍ය විදියේ අබිරහස් කතාවක් නොවෙන වග මම මුලදිම කිව්වනේ. Don’t Come Home (2024) Sinhala Subtitles මෙ…

කොහොමද ඔයාලා හැමෝටම. අදත් එහෙනම් සුපුරුදු වැඩෙන්ම ඔයාලා හමුවට ආවා. කලින් කොටස බැලුවනම් ඔයාලා හිතාගෙන හිටපු තර්ක ඔක්කොම බිඳ වැටෙන්න ඇති කියලා මම හිතනවා. මේක සාමාන්‍ය විදියේ අබිරහස් කතාවක් නොවෙන වග මම මුලදිම කිව්වනේ.
Don’t Come Home (2024) Sinhala Subtitlesමෙච්චර කල් අපිට අබිරහසක් උන මින්ගේ අතුරුදහන්වීම උනේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් බලාගන්න පුළුවන් උනා. ඒ වගේම කතාව ආරම්භ උනේ 1991 වසරෙ වාරීට අවුරුදු 5ක් වයස කාලේ ඉඳන්. වාරීගේ අම්මා වෙන පනිදා වැඩකලේ ජලවිදුලි බලාගාරයක ප්‍රධාන ඉංජිනේරුවරිය වශයෙනුයි. ඉතිං මේ වැඩකටයුතුත් එක්ක ඇය ගොඩක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකලේ ඒ නිසා එයාට වාරීත් එක්ක ගෙවන්න තියෙන කාලේ ගොඩක් අඩු වෙනවා. ඒ අස්සේ බලාගාරයේ පරීක්ෂනයක් අතරතුර වෝම් හෝල් එකක් වගේ දෙයක් නිර්මාණය වෙලා ඒකේන් සපත්තුවක් වැටෙන විදියත් අපි දැක්කා.
අපි කම්පාවට පත්වුන තැන තමයි පුංචි වාරීයි තාත්තයි දෙන්නම රිය අනතුරකින් මැරෙන කොටස. ඒකෙන් වාරීගේ අම්මා ගොඩක් මානසිකව වැටෙනවා වගේම තමන්ගේ බිම්මහළේ පරීක්ෂණාගාරයක් හදලා වෝම් හෝල් එක යොදාගෙන වාරී මියගිය අවුරුද්ද වෙන 1991න් වාරීව ගෙන්න ගන්න උත්සහ කරනවා. එතකොට මේ වෝම් හෝල් එකෙන් කාලයේ නැම්මක් ඇතිවෙලා වාරීගේ දුව මින් 1992 වසරට කාල තරණය කරනවා. ඒකෙන් අපිට ප්‍රශ්න රැසක් නිරාකරණය උනා වගේම තව ප්‍රශ්න කීපයකුත් ඇති වෙනවා. එතකොට අතීතයේ ඉන්න මින් තමයි වෙස්මූණ දාගත්ත ළමයා විදියට වාරී දැක්කේ. වාරීගේ අම්මා ආපහු වෝම් හෝල් එක ක්‍රියාත්මක කරපු නිසා මේ වතාවේ වාරී කාල තරණය කරපු බවත් අපි අන්තිමට දැක්කා.
අද කොටසේ නම තමයි “1992” ඒ තමයි මින් සහ වාරී දෙන්නම කාල තරණය කරලා අතීතයට යන අවුරුද්ද. දැන් දැන්නම් අපිට මේ පටලැවිලි ලිහිගෙන යන බවක් පේනවා. ඇත්තටම 1992දී මොකද උනේ? වාරීට මොකක් වෙයිද? මින් කියන්නේ කවුද? වාරීගේ අම්මා මේ තත්වයට කොහොම මූණ දෙයිද කියලා අද ඔයාලට බලාගන්න පුළුවන්. අවසාන කොටසින් ඔයාලව හම්බෙන්න තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
Don’t Come Home (2024) Sinhala Subtitlesකතාංගයේ නම – “1992”
කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset
අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 31
IMDb අගය – 7.6
අවසාන කතාංගය – “Don’t Come Home”
Don’t Come Home (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
907 downloadsDownload Dont-Come-Home-S01-E05-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Don’t Come Home Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Don't Come Home
- #Don't Come Home Sinhala Sub
- #Don't Come Home Sinhala Subtitles
- #Don't Come Home subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Nadeesha
Superb
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි යුරාන් සහෝ උපසිරැසියට