Watch Trailer

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි…

පෙර කොටසින්

හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි හිටියෙ. මේ අය පුංචියට ඉද්දි ලැරී තමයි පුංචි පෑන්කේක් හදලා දීලා මේ අයව බලාගත්තෙ. මේ අතරේ ක්ලිෆ් එහෙම සෑහෙන තරහවකින් හිටියෙ චීෆ් එක්ක. මතක ඇතිනෙ මේ විකෘතිකයන් හැමෝටම මේ දේවල් සිද්දවුනෙ චිෆ් හිතාමතා කරපු දේවල් නිසා කියලා. වික් නපුරු හින වගයක් දකින ගමන් අපහසුතාවයට ලක් වෙලා හිටියෙ. ජේන් එයාගෙ පාතාල ලෝකෙ ඉන්නෙ වෙනින් අනන්‍යතාවයන් එක්ක ආරවුලකින් හිටියෙ. ඒවගේම ඒ අයව යටපත් කරන්න ඕන කරන සිරම් එකකුත් එයා ලග තිබුනා. මේ අතරේ රීටා තමන්ගෙ බලයන් පාලනය කරගන්න උත්සහ කරගනිමින් හිටියෙ.

එතකොට චීෆ්ගෙ රිලා මූනක් තියෙන වගේම තමන්ගෙ මනකල්පිත යාළුවන්ව සැබෑ ලෝකෙට ගේන්න හැකියාව පවා තියෙන දුව ඩොරති ගැන කතා කලොත් එයා හුගක් හුරතල් වගේම හොද ළමයෙක්. හැබැයි එක්තරා විදිහකට එපා කරවන විදිහෙ කෙනෙක්. මතකනෙ චීෆ් එයාගෙ දුව ඩොරතිව ඩැනී වීදීයෙ (Danny The Street) වල හංගලා තිබ්බෙ එයාව ආරක්ෂා කරන්න කියලා හිතාගෙනයි. ඒත් පස්සෙ එයාව හොයාගෙන යන ගමනට උදව්වක් කරගන්න තමයි චීෆ් ඩූම් පැට්‍රොල්වලසුපිරි වීර චරිතවල සාමාන්‍ය ජීවීතේ එයාලගෙන් උදුරගත්තෙ. කොටස පටන් ගද්දිම දකින්න ඇතිනෙ ඩොරතිට අත්වෙලා තිබුණු ඉරණම මොන වගේ එකක්ද කියලා. එයාගෙ විකෘතිභාවය නිසා මිනිස්සු එයාට විහිළු කලා, රාක්ෂයෙක් ගානට දාලා අනංමනං වලින් දමලා ගැහුවා. එයාට ඇහෙන හරිම ගුප්ත කටහඩවල් තමයි එයාගෙ මනකල්පිත පවුල. ඩොරති එයාලට ඇහුන්කන් දෙනවා. විශේෂයෙන්ම ඩොරතිගෙ බලයන් වැඩ කරන්නෙ එයා බයවෙලා ඉන්න වෙලාවට. විශේෂයෙන්ම අනතුරකට ලක් වෙන්න ගියාම.

චීෆ් එයාගෙ පරණ යාලුවා විලෝබි කැදෙව්වා උදව් ඉල්ලගන්න කියලා. ඒත් එයා කියපු විදිහට විලෝබි ලග ඒ තරම් බලයක් තිබුනෙ නැහැ. ඒත් අයිස්මන්ට පුලුවන් කියලා කියනවා. කොහොමහරි ඩොරති දකින්න සුදුසු නැති සිද්දියක් දැකලා සෑහෙන කලබල වෙන්න ගන්නවා. මේ එක්කම එයාගෙ මනකල්පිත යාලුවො සේරම ආපහු එලියට එන්න ගත්තා. චීෆ් කොහොමහරි ඒක නවත්තලා ආපහු වතාවක් මේ අය සාමාන්‍ය ප්‍රමාණයට ලොකු වුනා. රීටා තමන්ගෙ බලයන් පාලනය කරන්න ඉගෙන ගත්තත් පස්සෙ එයාම ගිහිං බලද්දී වික්ටර් එයාගෙ කාමරේ හිටියෙ නැහැ.

අද කොටසින්

නයිල්ස් වයසට යන එක නවත්තන්න විසදුමක් හොයාගෙන ඩොක්ටර් ටයිම් කියලා කෙනෙකුත් හොයාගෙන යන ගමන අද කොටසින් දැකගන්න ලැබේවි. ඒ වගේම පලමු කොටස අවසන් වෙද්දී ගිහිල්ලා තිබුණු වික්ටර් කොහෙද ගියෙ කියලත් මේ කොටසින් දැකගන්න ලැබේවි. එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

ගිහිං එන්නම්. ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,103 downloadsDownload Doom-Patrol-S02E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,103 downloadsDownload Subtitles32 KB

11 comments

  1. Anonymous

    සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  4. Nuwandika Dilshan

    Thankss

  5. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  6. sachin

    tnax bro, supiri wadak

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. සචී

    Thank you for the subtitle

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    Thanks