පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාල…

පෙර කොටසින්
කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාලගෙ වේදනාවෙන් සතුටු වෙන කෙනෙක්. ඉතිං දෙවෙනි කොටස අවසන් වෙද්දී සමනල්ලු රොත්තක් ලග නතර වුන ලැරීට සිද්දවුන දේ ගැන හොදටම පැහැදිලි වුනා රෙඩ් ජැක්කියන්නෙ කවුද කියලා අදහසක් එන විදිහට පෙන්නුවයින් පස්සෙ.
ලැරීට වෙච්ච කිසිවක් නොදන්න නයිල්ස්ගෙ තමන්ගෙ දුව ඩොරති හදපු කෑමවේල රස විදින ගමන් ඉද්දි එයාට දැනගන්න ලැබෙනවා රෙඩ් ජැක් ගැන. ක්ලිෆ් හොදටම තරහ ගිහිං ජේන් එක්ක යන්න ගිය නිසා නයිල්ස් රීටත් එක්ක ගියා ලැරීව බේරගන්න කියලා හිතාගෙන ක්ලිෆ් ජේන්වත් එක්කගෙන ක්ලිෆ්ගෙ දුව බලන්න ගියා. නමුත් එයාගෙ දුවට ක්ලිෆ්ව අදුරගන්න බැරි වුනා වගේම ක්ලිෆ්ව ප්‍රතික්ෂේප කලා. මේ ගමන එන අතරවාරයේ ජේන් හිටියෙ එයාගෙ පාතාල ලෝකෙ ප්‍රශ්න කිරීමකට ලක් වෙලා. මේ අයට ප්‍රශ්නෙ මතුවෙලා තිබුනෙ ජේන් කේව අනතුරේ දාන්න ගිය සිද්ධීන් නිසයි.
මේ දේවල් වෙන අතරේ ලැරී හිටියෙ සීවිලිමක එල්ලලා. රීටා තමයි මෙයාව බේරගන්න ගියෙ. මේ අතරේ නයිල්ස්ව රෙඩ් ජැක්ට අහුවෙලා හිටියෙ. ක්ලිෆ් එහෙම නැත්තම් රොබට්මෑන් ලෝකය දකින විදිහට නයිල්ස්ට රෙඩ් ජැක් දිහා බලන්න වුනා ලොකු වේදානාවක් ඉවසං ඉන්න ගමන්ම. මං හිතන්නෙ එතනදී එයාට තේරුම් ගියා එයා ඇත්තටම ඔය ටිකම ක්ලිෆ්ට කරද්දී මොන තරම් වේදානාවක් වගේම දුකක් දැනෙන්නෙ ඇතිද කියලා. කොහොමහරි මේ ලැරී, රීටා වගේම නයිල්ස් ඇතුළු හැමොගෙන්ම සමනල් පිහාටු මතුවෙලා ඒවා ලොකු වෙන්න ගත්තා. ඒත් නයිල්ස් කොහොමහරි රෙඩ් ජැක් ලගට ගිහිල්ලා එයාගෙ බෙල්ලට ඇනලා මරලා දැම්මා. ඒවගේම මේ අය එහෙන් පිටවෙලා යන්න කලින් රෙඩ් ජැක්ගෙ ගොදුරු බවට පත්වෙලා හිටිය සමනල්ලු සෑහෙන දෙනෙක් රීටා වගේම ලැරී නිදහස් කලා.
මේ අතරේ ඩොරති එයාගෙ මනකල්පිත යාලුවො එක්ක ගෙදර සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ අතින් ඩැනීගෙ ගඩොල වැටිලා කැඩෙනවා. මේ ගැන ඩොරති නයිල්ස්ට කිව්වම ඒ ගැන වද වෙන්න එපා කියලා එයාම ගිහිං රොබට්මෑන් දෙවැනි සංස්කරණයට කටු සටහන අදින්න ගත්තා. ඒවගේම ජේන්ව ආපහු වතාවක් පහලට ගෙනිහිල්ලා හිර කලා. එයා නැතිකොට කවුරු පාලනයෙ ඉදීවිද කියලා ඉස්සරහට දැනගන්න ලැබෙයි.
අද කොටසින්
මතකනෙ ඩොරතිගෙ අතින් ඩැනීගෙ අවසන් ගඩොල කැඩිලා බිදිලා ගියා. ඉතිං මේක හරිගස්වන්න කියලා හිතාගෙන අද ඩැනී වාසින් එකට එකතු වෙලා සාදයක් පවත්වනවා. මේ සාදයෙන් ඩැනීට පණ ලැබෙයිද නැද්ද කියලා දැනගන්න ලැබෙයි. මේ අතරේ රීටා වෙන විදිහකින් ප්‍රාණවත් වෙන්න ගිහිං ලොකු ප්‍රශ්ණයක් ඇති කරනවා. ඒ මොකක්ද කියලා බලලම ඉන්න එහෙනම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,173 downloadsDownload Doom-Patrol-S02-E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
10 comments
උවිඳු
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
උවිඳු
පුලුවන් නම් disney ලගෙ hamilton වලට් sub දාන්නෝ
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්...
Ishan Madusha
ස්තූතියි උපසිරැසියට
සචී
Thank you for the subtitle
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Doom-Patrol-S02.jpg)



සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.