ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල…

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො.
අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල්ස් ක්ලිෆ් වෙනුවෙන් තියාන ඉන්න වැඩිදියුණු කිරීම් වගයක් ගැන. නමුත් ඒකට කල් ගත වෙන නිසා ක්ලිෆ් වික් එක්කලා යනවා වික්ගෙ තාත්තගේ උදව් අරගෙන ඒ වැඩේ කරගන්න. හැබැයි ඉතින් වික්ගෙ තාත්තා කොහෙත්ම ඒකට කැමති වෙන්නෙනම් නෑ. ඉතින් ඔය අතරේ වික් යනවා ආයෙම රොනී එක්කලා සුහද වෙන්න කියලා හිතාගෙන. ක්ලිෆ් කියලා දෙන දෙයක් නිසා ඒ වැඩේත් ගොඩ යනවා.
ඔය අතරේ නාට්‍යයක කුසලතා පරීක්‍ෂණයකට ගිහින් අසමත් වෙලා දුකෙන් ඉන්න රීටාට අවස්ථාව ලැබෙනවා ලැරී එක්කලා ලැරීගෙ පුතාගෙ ගෙදර යන්න. ලැරී යන්නෙනම් ඒ ගැන සෑහෙන සතුටකින්, ඒ වගේම ලැරීගෙ පුතාත් අකමැත්තක් පෙන්වන්නෙ නැති උනාට එයාගේ යටි අරමුණ වෙන්නෙ ලැරීව ආපහු රජයට අල්ලලා දෙන එක.ඉතින් එතැනදී ලැරීට මොන වගේ දෙයක් වෙයිද කියලා බලමුකෝ.
ඒ වගේම අද වැදගත් සිද්ධිය වෙන්නෙ බේබිඩොල් කරළියට පැමිණීම. ඉතින් නයිල්ස් බේබිඩොල්ව ඩොරතිට අදුන්නලා දෙනවා. ඉතින් බේබිඩොල්ගේ නිරන්තර කෙලිසෙල්ලම් නිසා ඩොරති බේබිඩොල්ව මග අරිනවා. ඒ වගේම නයිල්ස්ගේ ආදරේ ඩොරතිට හිමි වෙන එක ගැනත් සෑහෙන්න දුකෙන් තමා බේබිඩොල් ඉන්නෙ. කොහොමින් හෝ අන්තිමේ මේ පොඩි උන් දෙන්නාගේ සෙල්ලම ඉවරයක් වෙන්නෙ මහා විනාශයක් වෙලා තමා. එහෙනම් වෙන්නෙ මොකක්ද කියලා ඔයාලම බලාගන්න.
එහෙමනම් ඩුම් පැට්‍රෝල් 2වැනි කතාසමයේ මගේ වැඩ කොටස අවසන් වෙනවා. එහෙමනම් නැවත උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,054 downloadsDownload Doom-Patrol-S02-E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol S02
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
11 comments
Anonymous
Nuwandika Dilshan
Tnksssss
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
uvindu
සින්හල උපසිරසට බොහෝම ස්තුතියි.
Anonymous
Thanks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
YasasPerera
thanks for the sub
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/Doom-Patrol-S02-1.2.jpg)



Sub ekata thanks.puluwannam HARLEY QUINN TV SERIES ekata sub dennako.