Watch Trailer

Doom Patrol [S03 : E02] Sinhala Subtitles | මදැයි නිවාඩුවකට ආවා.! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ. කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරත…

පසුගිය කොටසින්

මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ.

කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරති කොහොමහරි කැන්ඩ්ල්මේකර් එක්ක යාලු වෙනවා. මේ අතරවාරේ තමයි ටීම් ඩූම් පැට්‍රෝල්  වලට මියගිය නයිල්ස් කෝල්ඩර්ගෙ සිරුර හමුවෙන්නෙ. මුලින්ම මේ ගැන ලොකු දෙයක් පෙන්නුවේ නැති වුනාට සතියක් යද්දී එයාලට බලපානවා. නයිල්ස් මැරෙන්න කලින් රීටාට ලියුමක් එක්කලා යතුරක් ඉතිරි කරලා ගියාම මේක එයාට බරක් විදිහට දැනෙන්න අරං අවසානයේදී බී-කීපර්ගෙ චරිතයත් නැති වෙනවා.  ඒවගේම ලැරීට නෙගටිව් ස්පිරිට් එකෙන් ඒත්තු ගන්වනවා දැන් අතහැරලා යන්න කාලය ඇවිල්ලා කියලා. මේ අතරේ වික්ටර්ගෙ කෙල්ල රොනී ගොඩනැගිල්ලක් පුපුරවන්න යද්දී මැදිහත් වෙලා මේ ගැන FBI එකට දැනුම් දෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දී ක්ලිෆ්ගෙ මොකක්දෝ අවුලක් වෙලා මේකට විසදුම් හොයද්දි නයිල්ස්ගෙ ආත්මය එයාට හමුවෙනවා. ඒවගේම අන්ඩග්‍රවුන්ඩ් එකේ අවුල්ජාලයක් වෙච්ච නිසා ජේන් එයාගෙ අනික් පුද්ගලතා එක්ක එක්කාසු වෙලා එතන ප්‍රශ්ණ විසදුවා. මේ දේවල් මෙහෙම වෙද්දී මේ කතාවට එකතු වෙන ප්‍රධාන චරිතයක් එක පාරටම පොලව හාරගෙන මතු වුනා. 

ඔව් පොලව හාරගෙන මැඩම් රෝග් කියන සුපර් විලන් මතු වුනා. එයා එන්නෙත් නයිල්ස් කෝල්ඩර්ව හොයාගෙන. ආපු විදිහට නම් ඒ හැටි හොද වෙන්න නම් බැහැ.

අද කොටසින්

ඉතිං නයිල්ස්ගෙ අභාවය එක්කලා කල කිරීමෙන් ඉන්න ටීම් ඩූම් පැට්‍රෝල් එකේ අය තීරණය කරනවා නිවාඩුවක් ගත කරන්න යන්න. ඉතිං මේ නිවාඩුව විනෝදකාමී සුපිරි නිවාඩුවක් නම් වෙන්නෙ නැහැ ප්‍රශ්න වලින් අඩු නොවෙන නිසා.

එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. ඊලග කොටස රවිදු අරගෙන ඒවී.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,917 downloadsDownload Doom-Patrol-S03-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,917 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Yasanthi Dissanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි!!!

  4. udakara amaranath dewappriya

    Uba Dala Thiyenne Ep 02 Subtitle Eka eka hadahan

  5. Anonymous

    සබ්ටයිටල් එකට බොහොම ස්තූතියි...❤️❤️❤️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALNATH

    Thanks.........good luck.........