ඔන්න එහෙමනම් අරගෙන ආවා DOOM PATROL තුන්වැනි කතාමාලාවේ පළවැනි කොටහා. DC කොමික්වල සාර්ථකත්වයට පත් අතළොස්සක් කතාමාලාවන්ගෙන් එකක් විදිහට ඉතින් මේකත් හදුන්වන්න පුළුවන්. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.. මතකයිනෙ කලින් කතාමාලාවේ අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා. ජේන්ගෙ පෞරුෂත්ව ටි…

ඔන්න එහෙමනම් අරගෙන ආවා DOOM PATROL තුන්වැනි කතාමාලාවේ පළවැනි කොටහා. DC කොමික්වල සාර්ථකත්වයට පත් අතළොස්සක් කතාමාලාවන්ගෙන් එකක් විදිහට ඉතින් මේකත් හදුන්වන්න පුළුවන්. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා..
මතකයිනෙ කලින් කතාමාලාවේ අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා. ජේන්ගෙ පෞරුෂත්ව ටික අර කේ කෙල්ලගෙ ළිද ඇතුලෙ මැරිලා ඉන්නවා හම්බ වෙනවා. තමන්ගෙම ලෝකේ තමන්ටම හොරා තමන්ටම වඩා බලවත් කෙනෙක් තමන්ට වැඩ කරලා තියෙනවා කියලා දැනගත්තු ජේන් ඇත්තෙන්ම මොනවා කරයිද? පාතාල ලෝකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? හැබෑටම ඉතින් මේ දේවල් කළේ කවුද? කියලා දැක්කානෙ. එතකොට ඩොරති, කතාවේ ලොකුම දුෂ්ටයා වෙච්ච කැන්ඩ්ල්මේකර් එක්කලා මුහුණට මුහුණ සටන් කරන්න ගියා. අතිශය බලවත් කැන්ඩ්ල් මේකර් එක්ක සටන් කරන්න උනත් ඩොරති තෝරාගත්තේ වෙනස්ම ක්‍රමයක් හැබැයි ඒ වගේම අනිත් අයටත් ලොකු ලොකු දේවල් ටිකක් සිද්ධ වුනා. කෝල්ඩර්ට පවා අත් උනේ අවාසනාවන්ත ඉරණමක් කිව්වොත් නිවැරදියි.
අද කොටසින් ඔන්න ජේන් පාතාලයේ හිර වෙලා නිසා ඉන්නෙ සිහියක් නැතුව. එතකොට ඩොරති ජේන්ට සිහිය එනකම් කෝල්ඩර්ගෙ දේහය ආදාහනය නොකර තියාගෙන ඉන්නයි කල්පනාව. ක්ලිෆ් ඉන්නෙ සෑහෙන්න ලොකු තරහකින් එයාගෙ යාන්ත්‍රික ඇගේ අබලන් තත්වේ නිසා. ඒ වගේම තමයි ලැරි සහ රීටා දෙන්නා, මේ දෙන්නාත් ඉන්නෙ ලොකු අවුලකින්. කොහොමින් හෝ මේ අවුල නිසාම රීටාට තමන්ගෙ නාට්‍යය පවා අහිමි වෙනවා. ඒ වගේම ලැරිත් තීරණයක් ගන්න බැරුව ලත වෙනවා යම් දෙයක් ගැන. ඒ වගේම ඉතින් වෙනදා වගේම අද කොටසෙනුත් අළුත් චරිතයක් කඩා පාත් වෙනවා.. ඒ වෙන කවුරුවත් නෙවේ Madame Rouge කියන චරිතය. Doom Patrol #86 වෙනි කලාපයෙන් 1964 තමා මුල්වරට මේ මැඩම් රෝග්ව හදුන්වා දීලා තියෙන්නෙ.

ඉතින් මේ මැඩම් රෝග්ටත් තියෙන බලය තමයි තමන්ගෙ ශරීරය කැමති හැඩයක් අනුව වෙනස් කරගන්න තියෙන හැකියාව. ඒ වගේම වෙස් වලාගන්න තියෙන හැකියාව. තමන් කැමති පෙනුමක් ඇයට දරන්න හැකියාවක් තියෙනවා.
ඉතින් අපි බලමු මේ වගේ කෙනෙක් එක්ක DOOM PATROL සෙට් එකට හැප්පෙන්න වෙන්නෙ කොයි විදිහටද කියලා… හොදයි එහෙමනම් කට්ටියටම බලන්න කියලා ආරාධනා කරමින් මං සමුගන්නවා.. දෙවැනි කොටස චාමර සම්පත් සහෝ විසින් අරගෙන එයි…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,507 downloadsDownload Doom-Patrol-S03-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #Abigail Shapiro
- #Alan Tudyk
- #April Bowlby
- #Brendan Fraser
- #DC
- #DC Comics
- #DC Universe
- #Diane Guerrero
- #Doom Patrol
- #Doom Patrol S03
- #Editor's Pick
- #Joivan Wade
- #Mark Sheppard
- #Matt Bomer
- #Matthew Zuk
- #MaxxA
- #Offbeat
- #Riley Shanahan
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Timothy Dalton
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
8 comments
sachintha
JonDoe297
Thank you සහොදරයා.
lisuka
thank you bro
Foundation 1 sub denne naddaAyan
star girl series ekt sub denko
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Yasanthi Dissanayake
උපසිරැසියට බොහොම ස්තූතියි!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.........good luck..........
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ