ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම Mini Series එක Dracula අරගෙන ආවා, හුගක් අය සබ් දෙනකල් බලාගෙන හිටිය කතාමාලවක් කිව්වොත් හරිනේ. ඒත් ඉතින් ටිකක් කල් ගියා අරගෙන එන්න, වැඩ රාජකාරි නිසා. බලමුකෝ එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන. ටිවී සීරීස් ක්ෂ්‍රේත්‍රයේ යෝධයින් දෙදෙනෙක් වන BBC සහ Netflix සමාගම…

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම Mini Series එක Dracula අරගෙන ආවා, හුගක් අය සබ් දෙනකල් බලාගෙන හිටිය කතාමාලවක් කිව්වොත් හරිනේ. ඒත් ඉතින් ටිකක් කල් ගියා අරගෙන එන්න, වැඩ රාජකාරි නිසා. බලමුකෝ එහෙනම් වැඩි කතාවක් නැතුව කතාව ගැන.
ටිවී සීරීස් ක්ෂ්‍රේත්‍රයේ යෝධයින් දෙදෙනෙක් වන BBC සහ Netflix සමාගම් දෙක එකතු වෙලා තමයි මේක අරගෙන එන්නේ. නිශ්පාදන කටයුතු සිදු කරන්නේ BBC එකෙන්, Netflix එකට ප්‍රචාරන අයිතිය හිමිවෙලා තියෙනවා BBC එකත් එක්කම. කෝමහරි කොටින්ම කිව්වොත් සුපිරියක්. කොටස් තුනයි. සදහටම කතාව ඉවරයි. එක කොටසක් පැය එක හමාරක් විතර තියෙනවා, ඉතින් ඇත්තම කිව්වොත් ටීවී සිරීස් එකක් නෙමෙයි තුන් ඇඳුතු ෆිල්ම් එකක් බලනවා වගේ බැලිල්ලක් තමා තියෙන්නේ, බැලුවා කියලා පාඩුවක් නම් වෙන්නේ නෑ සත්තයි.
2020 වර්ශයේ හා හා පුරා කියලා ජනවාරි මාසේ පලවෙනිදා සිට දවස් තුනට කොටස් තුන ලෙස අන්තර්ජාලයට කතාව නිකුත් වුනා. මේ වෙනකොට IDMb දර්ශකයේ 17,000+ අධික මනාප සංඛ්‍යාවකින් 6.9ක ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 73% අගයකුත් ගූගල් පරිශීලකයින්ගේ 88% අගයකුත් මේ කතාවට ලැබෙනවා. මේ කතාවට පාදක වෙන්නේ Bram Stoker විසින් ලියපු Dracula නමැති නව කතාව.
Jonny Campbell, Damon Thomas, Paul McGuigan තිදෙනාගේ අධ්‍යක්ෂණයෙන්, Mark Gatiss, Steven Moffat යන දෙදෙනාගේ රචනයෙන් සහ Claes Bang, Dolly Wells, John Heffernan ඇතුළු තවත් රංගන ශිල්පීන්ගෙන් හැඩ වෙනවා මේ අමුතු කතාව. මේකේ ඩ්‍රැකියුලාට රඟපාන Claes Bang ගේ රංගනය නම් ප්‍රශංසනීයයි, එය කිව යුතුමයි. තව ටිකක් කිව්වොත් මේ කතාව Sherlock කතාමාලව අරගෙන ආපු ටීම් එකෙම අයගේ වැඩක් කිව්වොත් හරි, ඒ වගේම Drama සහ Horror කාණ්ඩයට අයත් වෙන මේ කතාව ඔබව අමුතුම ලෝකෙකට ගෙන යාවි.
අරගෙන බලන්න වෙනස්ම කතාවක්, අපි දන්න ඩ්‍රැකියුලාට වඩා වෙනස් කෙනෙක්. කුතුහලය, භීතිය කැටි කරගත්ත කතාවක්. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි. 1897 වෙනකොට ට්‍රාන්ස්ලවේනියාවේ ඉන්න කවුන්ට් ඩ්‍රැකියුලාට ඕන වෙනවා එංගලන්තයට සංචාරය කරලා එහේ මිනිස්සුන්ගේ ලේ බොන්න, ඒත් නිකන්ම එහාට යන්න බැරි නිසා මෙයා එහේ ගෙයක් මිලදී ගන්නව, ඒ ගෙදර වැඩ කටයුතු කතා කරගන්න ඩ්‍රැකියුලාගේ මන්දිරයට ජොනතන් හාර්කර් නමැති නීතීඥයා එනවා. ඒ එනකොට ඩ්‍රැකියුලා සෑහෙන වයසයි, නමුත් නොසිතු විරූ ලෙස ජොනතන්ට මෙහේ හිරවෙන්න වෙනවා. ඒ එක්කම දවසින් දවස ගෙවෙනකොට ඩ්‍රැකියුලා එන්න තරුණ වෙනවා. ඉතින් ජොනතන්ට මොකක් වෙයිද? මේ බංගලාවේ සැගවුන රහස් මොනවද? ඩ්‍රැකියුලාගේ එංගලන්ත ගමන මොකක් වෙයිද? මේ ඔක්කම බලාගන්න කතාව අරගන්න එහෙනම්. ඒනම් ඉතිරි කොටස් දෙකත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි. ඒනම් මම ගිහින් එන්නම්. අදහසක් කියාගෙනම යන්න. ජය වේවා..
**The Legend Gets Some Fresh Blood**
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,882 downloadsDownload Dracula-S01-E01.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
35 comments
Ishan
malithmadhushan45
අම්මෝ මලේ බොහොම ස්තුතියි සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට සහෝ
Samitha.sandaruwan
Ela bro...thanks sub ekata
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි මල්ලී
ජය වේවා !!!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඉතුරු කොටස් 2ටත් ඉක්මනට සබ් එක දෙමු එහෙනම් :)
ජය වේවා.!Suranjan
Thanks jayawewa.....!
Sandarunimsara
Sub ekata tnx bro
geeganagamage
බොහොම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටිය එකක්
Dads
අඩේ මචන් තැන්ක් යු වේවා.... මන් සැරම වැම්පයර් ෆෑන් කෙනෙක්..පට්ටම සීරිස් එක. පලවෙනි කොටස සබ් එක දාල බැලුවා... පට්ටම පට්ට... ඉක්මනට අනිත් කොටස් දෙකත් දේපන් කොල්ලො
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේක ආපු දවස් වලම ගත්තා....
සබ් එක්කම බලන්න පුළුවන් දැන්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...uditha1596
ANITH 1 TH IKMANATA DENNOOOOOOOOOOOOO
THANK YOU MCN.. GREAT WORK
Dads
අඩේ මන් පිස්සු වැටිලා ඉන්නෙ බන් කතාවට.... දැන් නම් ඊලග කොටසේ වෙන්නෙ මොකද්ද කියල දැනගන්නකන් ඔන්න බැරියෝඕ. ඉක්මනට සබ් ටික දීපියෝඔ :D :D මන් ඔක්කොම කොටස් ටික අරන් ඉන්නෙ. දැන් සබ් එක නැතුව බලන් ඉන්නෙ.
sachinyasoda
Draculata erehiwa Sherlock Holmes Pothe Storya wge tikk.
Ashen Weerasinghe
thank you sub ekata patta ts eak
Pasindu16022
Thanks for the sub bro..
Dads
අනේ මන් උදේ ඉඳන් බලන් ඉන්නෙ බන් දෙවෙනි කොටස එනකන්
Gihan@dias
ඊළඟ එක දෙන්නකෝ ඉක්මන්ට,පට්ට සබ් එක,,,,
කතාවත් සුපිරි...ඊයේ ඉඳලා බලන් ඉන්නේ බ්‍රෝsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙමු
ජය1998@dhanu
sub ekata godak sathuuthi , ilanga kotasata denavanam hodai
Gihan@dias
ඉතුරු කොටස් 2ක නැතුව කොල්ලෝ වේලෙනවා බ්‍රෝ...
ඉක්මන්ට දීපන්කෝ බං.davinci demons එකට පස්සේ sick හැදුන එකම කතාව බ්‍රෝ මේක..ඉතුරු කොටස් දෙක බාලා බලන් ඉන්නේ සබ් එක එනකන්..Dads
ඔව් බන්
wajira
Thank for sub
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa..........!!!!!!!!!!!!!!Gayan sadishka
Thank you for Subs. Great job. Please update other 2 fils because this series is superb
lucifer
supiri bro anith epi 2 one
Dads
ඇයි බයිස්කෝප් ඔයා අපිට මෙහෙම කරන්නේ... සික් එක හදලා ඉතුරු ටිකේ සබ් නෑ... දුක නැද්ද බ්‍රෝ
Hiran Eranda
thanks
Asitha.pramoth
ස්තූතියි
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ...................good luck ...................
podda
thanks !!!!!!!!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
viraj
thanks..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


වෙන එකකට සබ් ගන්න ආවම මේක දැක්කෙ.
සීරිස් එකනන් පට්ටම පට්ට. කාලෙකින් බලපු හොඳම එක මට. ම්පුමනන් දවස්වලම බැලුවා.
මේකට සබ් දුන්න එක ගොඩක් හොඳ දෙයක් කොහොමත්. ස්තූතියි