Dupahiya Sinhala Sub ආයුබෝවන්. අද දෙවන කොටස. ඔබ දන්නවා මුල් කොටසෙන් රොශ්නිගේ කසාදෙ තීන්දු උන හැටි. රොශ්නිට මනමාලය වෙන්න හිටියෙ අයියා දුර්ලබ් උනත් රොශ්නි කැමති මල්ල්ලි කූබර්ට. හේතුව මිනිහ අයිය වගේ ගමේ ඩොටේ පොරක් නෙමෙයි ටිකක් මොඩර්න් පොරක්. ඉතිං රොශ්නිගෙ නගරෙට යාමේ සිහිනය සැබෑ කරන්න එයා කැමති වෙන්න ම…

Dupahiya Sinhala Sub

ආයුබෝවන්. අද දෙවන කොටස. ඔබ දන්නවා මුල් කොටසෙන් රොශ්නිගේ කසාදෙ තීන්දු උන හැටි. රොශ්නිට මනමාලය වෙන්න හිටියෙ අයියා දුර්ලබ් උනත් රොශ්නි කැමති මල්ල්ලි කූබර්ට. හේතුව මිනිහ අයිය වගේ ගමේ ඩොටේ පොරක් නෙමෙයි ටිකක් මොඩර්න් පොරක්. ඉතිං රොශ්නිගෙ නගරෙට යාමේ සිහිනය සැබෑ කරන්න එයා කැමති වෙන්න මල්ලිට. මනාල පාර්ශවයෙන් කුබේර්ගෙ ඉල්ලීම පිට එයා ඉල්ලන විදිහෙ අළුත්ම අළුත් බයික් එකක් දැවැද්දට ඉල්ලනවා.

කොහොම හරි තමන්ගෙ කෙල්ලගෙ සිහිනය ඉෂ්ඨ කර ගන්න සල්ලි ටික හදා ගෙන ඒක ගේන්න භූගෝල් කියන මෝඩ බාල පුතා යාළුවෙක් එක්ක නගරෙට යවනවා. බයික් එක ගත්තයි කියමු කොහොමද ඒක ගේන්නෙ මිනිහටවත් මිනිහගෙ යාළුවටවත් බයික් පදින්න බෑ. කොහොම හරි සාප්පුවෙ කොල්ලෙක් බයික් එක ගෙනත් දෙන්න පොරොන්දු වෙනවා. ඒ උනත් අතර මග ඇණයක් ඇනිල පැච් එකක් යනකල් විතරයි. මිනිහා යාළුවො දෙන්න බයික් එකත් එක්ක අතරමං කරලා ආපහු යනවා. කොහොම හරි බයික් එක ගමට එනවා, ගමේම ඇස් බයික් එක දිහාට. තාත්තා ඒ කියන්නෙ බන්වර් ජී ඉස්කෝලෙ මහත්තය බයික් එක ආරක්ෂාවට හංගන්නෙ ඉස්කෝලෙ.  ඒත් ඉතිං අපරාධ නැති දඩක්පූර් වල ආරක්ෂාවක් මොකටද?

කොහොම හරි මෝඩ මලයා භූගෝල්ගේ බොලිවුඩ් නළු පිස්සුව නිසා මහ රෑ ඉස්කෝලෙන් එලියට බයික් එක අරන් වීඩියෝවක් කරන්න ගන්න උත්සාහයේදී දඩක්පූර් වල පලවෙනි හොරකම වෙනවා. බයික් එක නැත්තම් බුලට් එක පැහැර ගත්තේ කවුද? ඉතිං අද කතාවත් බලන්න.

රොශ්නිගෙ කසාදෙට තව දින 7යි

නැවත හමු වෙමු

 BANDULA K

 

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

659 downloadsDownload Dupahiya-S01E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

659 downloadsDownload Subtitles17 KB

1 comment

  1. nisa

    sub akata thnkz...
    suzhal the vortex season 2 makata sub aka dennko