Watch Trailer

Duty After School (2023-) [S01: E07] Sinhala Subtitles | ජීවත් වෙන්න හැමෝම වෙනස් වෙමු [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා හැමෝටම… ඔන්න පොරොන්දු උන විදියට ඔයාලා බලන් හිටපු අළුත්ම ටීවී සීරිස් එකේ අළුත්ම කොටස අරගෙන ආවා. Duty After School කතා මාලාව මේ වෙද්දි ජනප්‍රිය වෙලා තියෙන බව අපිට ලැබෙන ඉල්ලීම් වලින් පේනවා. මේ කතාමාලාව නිකුත් උනේ පාර්ට් 1 සහ පාර්ට් 2 විදියට කියලා ඔයාලා දන්නවනේ. දැනටමත් පාර්ට් 1හි සියළුම කොට…

ආයූබෝවේවා හැමෝටම… ඔන්න පොරොන්දු උන විදියට ඔයාලා බලන් හිටපු අළුත්ම ටීවී සීරිස් එකේ අළුත්ම කොටස අරගෙන ආවා. Duty After School කතා මාලාව මේ වෙද්දි ජනප්‍රිය වෙලා තියෙන බව අපිට ලැබෙන ඉල්ලීම් වලින් පේනවා. මේ කතාමාලාව නිකුත් උනේ පාර්ට් 1 සහ පාර්ට් 2 විදියට කියලා ඔයාලා දන්නවනේ. දැනටමත් පාර්ට් 1හි සියළුම කොටස් වලට අපි උපසිරසි ලබාදුන්නා. ඊයේ දවසේ ඒ කියන්නේ අප්‍රේල් 21 මේ කතාමාලාවේ පාර්ට් 2 හි තවත් කොටස් 04ක් නිකුත් උනා. ඉතිං ඔන්න ඒ ගමන්ම පුළුවන් ඉක්මනට උපසිරසිය ඔයාලට ගෙනවා.

පසුගිය කොටස්වල සිදුවුන දේවල් ඔයාලට මතක ඇතිනේ. මීට හරියටම වසරකට කලින් ලෝකෙයේ සෑම රටකම සෑම ස්ථානයකම අහසේ යම් කිසි අද්භූත ගෝලාකාර වස්තු දර්ශනය වෙලා මුළු ලෝකෙම භීතියයට පත් උනානේ. කාලයක් යද්දි හැමෝම මේවා ගණන් නොගෙන පාඩුවේ හිටියත් එකපාරටම දකුණු කොරියාවේ එක් ස්ථානයකට මේ ස්ෆියර්ස් එකක් කඩන් වැටෙනවා. මේ වැටුන ස්ෆියර්ස් එක පරීක්ෂා කරන්න යන හමුදා නිළධාරීන් පිරිසකට ස්ෆියර්ස් කියලා හඳුන්වන අද්භූත ජීවියෙක් පහර දෙන නිසා කොරියානු රජය ඓතිහාසික තීරණයක් ගන්නවා. ඒ තමයි සෑම උසස් පාසල් ළමයෙක්ටම හමුදා පුහුණුව ලබා දෙන එක. ඉතිං ඒ තීරණය නිසා සොංග්ජින් උසස් පාසලේ ඉන්න ළමයින්ගෙත් ඉරණම නොසිතපු විදියට වෙනස් වෙනවා. අන්තිම කොටස් කීපයෙදි සිද්ධ උන මහා විනාශයන් එහෙමත් ඔයාලට මතක ඇතිනේ. ඉතිං ඊට පස්සේ ඉතුරු වෙලා ඉන්න ශිෂ්‍යයෝ සෙට් එක මොන විදියට ජීවත් වෙනවද කියලා ඔයාලට අද ඉඳන් බලාගන්න පුළුවන්.

එහෙනම් තවත් ලිපිය දික් කරන්න අදහසක් නෑ. කතා මාලාව ආරම්භයෙදී ඉඳන් කොටස් දෙකම උපසිරසි ගන්වන්න සහය උන ශාන් විමුක්ති, බිම්සර යෂාන්, දුලක්ෂ සම්පත්, නයන බුද්ධික සහෝලටත්, කතාමාලාවේ ලින්ක් හොයලා දීපු රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූවන්ත වෙනවා. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට එයාලගෙන් ඔයාලට ලැබේවී. ආපහු මේ වගේම වැඩකින් හමුවෙමු. හැමෝටම ජයවේවා !

කතාංගයේ නම – “Disagreement Among Classmates”
කතා රචනය – Yoon Soo
අධ්‍යක්ෂනය – Seong Yong-il
විකාශය වූ දිනය – 2023 අප්‍රේල් 21
IMDb අගය – 9.5
මීළඟ කතාංගය – “For Whom the Bell Tolls”


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,520 downloadsDownload Duty-After-School-E07-Updated.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,520 downloadsDownload Subtitles57 KB

6 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Anonymous

    bohoma sthuthiy upasirasata

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..