ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ, ද බෝයිස් තුන් වෙනි කතා සමයෙ අන්තිම කොටස. මේ වෙනකොට මේ කතාමාලාවට IMDb 8.7 සහ කුණු තක්කාලි 93% ඉතාම ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ කොටස අවසානයක් නෙවෙයි තවත් අළුත් ආරම්භයක් කියලත් කියන්න පුළුවන්, මොකද මේකෙ හතර වෙනි කතා සමයක් එනව කියලා නිල වශයෙන් ත…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ, ද බෝයිස් තුන් වෙනි කතා සමයෙ අන්තිම කොටස. මේ වෙනකොට මේ කතාමාලාවට IMDb 8.7 සහ කුණු තක්කාලි 93% ඉතාම ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම මේ කොටස අවසානයක් නෙවෙයි තවත් අළුත් ආරම්භයක් කියලත් කියන්න පුළුවන්, මොකද මේකෙ හතර වෙනි කතා සමයක් එනව කියලා නිල වශයෙන් තහවුරු කරලා ඉවරයි. ඒ වගේම හතරවෙනි කතා සමයෙ රූපගත කිරීම් ගිය අගෝස්තු මාසෙ පටන් ගත්තා සහ අපිට 2023 අග හරිය වෙනකොට ඒ කතා සමයත් බලාගන්න හැකිවෙයි. එහෙනම් අපි මේ කොටස ගැන මතක් කරන් ඉමු,
ඔයාලට මතක ඇති කියල හිතනවා කලින් කොටස් වල වුණ දේවල්, කෙසේ හෝ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ වෝට් එකෙන් හදනවා ටෙම්පරි කම්පවුන්ඩ් වී එකක්. ඒකෙන් හැකිවෙනවා කෙටි කාලෙකට සූප් කෙනෙක් බවට පත්වෙන්න. ඒක හියුඊ සහ බුචර් පාවිච්චි කරනවා සූප්ල එක්ක හැප්පෙන්න. ඒත් පසුවයි මෙයාල දැනගන්නේ මේ ටෙම්ප් වී එකේ අතුරු ප්‍රතිපල තියෙනව කියලා. එනම් ඒකෙන් සාමාන්‍ය මිනිහෙක්ගෙ මොලය ටිකෙන් ටික විනාශ වෙනවා කියන එක. ඒක දැනගන්නකොටත් මෙයාල ටෙම්ප් වී කීප සැරයක්ම පාවිච්චි කරලා හමාරයි. ඒත් පසුව බුචර් තීරණේ කරනවා හියුඊව මේවගෙන් ඈත් කරන්න.
ඒ අනුව ඔයාලට මේ කොටසෙන් දැකගන්න පුළුවන් වෙනවා, සෝල්ජර් බෝයි කියන්නේ හෝම්ලෑන්ඩර්ගෙ තාත්ත. ඉතින් සෝල්ජ බෝයි හෝම්ලෑන්ඩර්ව විනාශ කරන එක ගැන දෙපාරක් හිතන්න ගන්නවා. ඒත් බුචර් නම් සෝල්ජ බෝයිට හිත වෙනස් කරගන්න දෙන්නෑ. ඒවගේම මේව් මේ දෙන්නට එකතු වෙනවා හෝම්ලෑන්ඩර්ට විරුද්දව සටන් කරන්න. මේ අතරෙදි ස්ටාලයිට් ඇතුලු අනෙකුත් කට්ටිය මේ වෙන්න යන මහා විනාශෙ නවත්තන්න උත්සහ කරනවා. මොකද මේ සටන යන්න තියෙන්නේ වෝට් එක ඇතුලෙ, ඒ කුළුනෙ තමා හෝම්ලෑන්ඩර් ඉන්නෙ. ඒත් එතන මේ සටන ගියොත් හිරොගැසම් එකේ වුණා වගේ ලොකු විනාශයක් වෙලා ජීවිත බරගානක් නැතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ෆ්‍රැන්චි එන්නතක් හොයාගන්නවා සෝල්ජ බෝයිව ආයෙත් නින්දට යවන්න පුළුවන් ජාතියේ. බුචර් ඇතුලු සෝල්ජර් බෝයි ටීම් එකට හැකිවෙයිද හෝම්ලෑන්ඩර්ව විනාශ කරන්න? ස්ටාර්ලයිට් ඇතුලු ටීම් එකට හැකිවෙයිද මේ විනාශ නතර කරලා සෝල්ජ බෝයිව ආයෙත් නින්දට යවන්න? මේ කොටස බලලාම ඒව දැනගන්න වෙනවා. ඒ විතරක් නෙවේ මේ කොටසින් ඔයාලට හොඳ ක්‍රියාදාම ටිකකුත් බලාගන්න හැකි වෙයි.
එහෙනම් ඔය කතාව ගැන කිව්ව ඇතිනේ. මේ කොටස නිකුත් වෙන්නේ 2022 ජූලි මාසෙ 8 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 8.2 අගයක් මේ කොටසට ගන්න හැකි වෙලත් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනෙ මේ වැඩේට සහභාගී වුණ, සචින්ත බෙනට් / යුරාන් ධනුක / සන්ජන චමෝද් / දිනිදු සම්පත් / රොෂාන් ශමීර / නිර්මාල් විමුක්ති / සුභාෂිණී මල්ලව ආරච්චි / චාමිකර විදානගේ / මයුර සුරාජ් යන සහෝදර සහෝදරියන්ව. එහෙනම් ඊලඟ කතා සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,177 downloadsDownload The.Boys_.S03E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys S03 Sinhala subtitles
- #The Boys Season 3 Sinhala subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
8 comments
Nuwan
Anuja Lakshitha
thanks ayye sub ekt
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
4 වෙනි සීසන් එකෙන් හමු වෙමුEdmond
ස්තුතියි උපසිරැසියට..
Thilinda Randeera
බොහෝම ස්තූතියි උපසිරැසි ලබාදුන් සැමට ❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Bimsara saho sub ekata
Advertisement
![The Boys (2019-2022) [S03: E08] Sinhala Subtitles | මහා විනාශයකට මුලපුරණ සටනක් [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-3-1.1.jpg)


Carnival raw last epiya nadda tama