Watch Trailer

Earth: Making of a Planet (2011) | පෘතුවියේ විකසනය…[සිංහල උපසිරැසි සමඟ]

පෘතුවිය, ඒ තමයි ඔබ මම මේ හැමෝම ජිවත් වෙන නිවහන. මේ විශ්වය තුල අප මේතාක් දුරට දන්නා ආකාරයට ජීවය පවතින්නේ අපේ ලෝකය එහෙමත් නැතිනම් පෘතුවිය තුලයි. ඉතින් එය සුවිශේෂී බව කිසිම තර්කයකින් තොරව තහවුරු වෙනවා. මෙලෙස ග්‍රහලෝක අනන්ත ප්‍රමාණයකින් ඇයි මේ පෘතුවිය මෙලෙස සුවිශේෂී වෙන්න හේතුව කියලා ඔබට කවදා හෝ ඔබට හි…

Earth Making of a Planet (2011)පෘතුවිය, ඒ තමයි ඔබ මම මේ හැමෝම ජිවත් වෙන නිවහන. මේ විශ්වය තුල අප මේතාක් දුරට දන්නා ආකාරයට ජීවය පවතින්නේ අපේ ලෝකය එහෙමත් නැතිනම් පෘතුවිය තුලයි. ඉතින් එය සුවිශේෂී බව කිසිම තර්කයකින් තොරව තහවුරු වෙනවා. මෙලෙස ග්‍රහලෝක අනන්ත ප්‍රමාණයකින් ඇයි මේ පෘතුවිය මෙලෙස සුවිශේෂී වෙන්න හේතුව කියලා ඔබට කවදා හෝ ඔබට හිතිලා තියෙනවද? හිතුනත් එහෙම උනේ කොහොමද කියලා දන්නවද? එහෙනම් මේ තියෙන්නේ ඒ විශ්මය ජනක ලෝකය ඉතා කුඩා වැලි කැටයක සිටන් වසර බිලියන ගණනක් තිස්සේ අද මේ අප පය තබා සිටින නවීන ලෝකය දක්වා ආ ගමන් මඟ කොටසින් කොටස එකතු කරමින් ඉතා විශාල කතාවක අර්ධයක් ඔබ වෙත තේරෙන සිංහලෙන් ඉදිරිපත් කරන්නයි. ඇත්තටම මේ පෘතුවියේ විකසනය මහා අරුම පුදුම කතාවක්. මම මේ අද ඉදිරිපත් කරන කතාව විද්‍යාඥයන් ඔවුන්ගේ විදු දැනුම උපයෝගී කරගෙන සහ භෞතිකමය සාක්ෂි වන පොසිල වැනි දේ වලින් හෙලිකරගත්තා වූ දේතුලින් මේ දක්වා පෘතුවිය නමැති අපේ නිවහන ගොඩනැගුන හැටි දැක්වෙන කතාවක්.

මමත් මේ කතාව පළමු වරට බැලුවේ සමහර දේවල් මමත් එහෙන මෙහෙන් දැන ගෙන හිටියත් මේ කතාවේ සම්පූර්ණ දේ ගැට ගහගන්න පුළුවන් උනේ මේ රූපවාහිනී වැඩසටහනට පින් සිද්ධ වෙන්න. මේ දේ ගැන අපි නොදන්නවානම් අපි ඇත්තටම අපි ගැන ලැජ්ජා වෙන්න ඕනේ. මොකද අපි දැනටමත් හුස්ම ගන්නා මේ වායු ගෝලය අපි ගන්න අහාර එතකොට අපි මේ භාවිතා කරන උපකරණ අඳින ඇඳුම් යාන වාහන මේ හැම දේකටම උපත ලැබුනේ මේ ලෝකයේ උපත නිසයි. කොටින්ම කියනවා නම් මිනිහා කියන සත්වයා බිහි වූ තැන තමයි පෘතුවිය. ඒ නිසා මේ කතාව අනිවාර්යෙන්ම බලන්න. මම හිතනවා පේ මේ වෙබ් පිටුවට ගොඩක් මල්ලිලා නංගිලා එනවා චිත්‍රපටි වගේම රූපවාහිනී වැඩසටහන් සිංහලෙන් බලන්න. මම කියනවට ඔයාලා මේ වෙනුවෙන් පැය එකහමාරක් වැය කරන්න. ඒ දේ ඔයාලට වගේම අනාගත පරම්පරාවට ඔයාලගේ දරුවන්ට ලොකු රුකුලක් වේවි. මම මේ කතාව බලපු එකෙන් ඇත්තටම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා වගේම සතුටක් දැනෙනවා මට පොඩි කාලේදී පැන නැගුන මේ ලෝකයේ හැදුනේ කොහොමද කියන ගැටළුවට පිළිතුර ලැබුන එකටත් ඒ ප්‍රශ්නයම මගේ පුතාට කවදාහෝ ඇති උනොත් දෙන්න පිළිතුරක් මගේ ළඟ තියෙන එකටත්.

මම මුලින්ම කිව්වා මම මේ කියන්න යන්නේ මේ කතාවෙන් අර්ධයක් ගැන කියලා. ඊට හේතුව තමයි අපේ මේ පෘතුවියට තවත් බොහෝකලක් එහෙමත් නැතිනම් වසර බිලියන 4.5ක දීර්ඝ ආයුෂ තියෙනවා. ඒ ආයුෂ අවසානයේ තමයි මේ කතාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් මම මේ කියන කතාව බින්දුවේ සිටන් එහෙමත් නැතිනම් ඒක සෛලීය ජීවියෙකුගේ පටන් අද මේ නවීන ලෝකයක් තුල ඉන්න, අභ්‍යවකාශය ජයගන්න වෙර දරන සංකීර්ණ මිනිසා නමැති සත්වයා වනතෙක් දිග හැරෙනවා. ඒ මේ පෘතුවිය තුල ඇති ජීවයේ පරිණාමය. ඊට ප්‍රධානම සාධකය උන අපේ මේ ග්‍රහලෝකයේ විකසනයත් මේ අතරේම ඔයාලට දැන ගන්න ලැබේවි.

තව දෙයක් මම මේ කතාවට උපසිරැසි යොදන්න හේතු උනේ විකියාට කෙනෙක් කරපු ඉල්ලීමක් මත. ඒ මෙම රූපවාහිනී වැඩසටහන පාසල් තුල පෙන්වීමට සිංහල උපසිරසක් ලබාදෙන ලෙසට. මම දන්නේ නැහැ ඒ සහෝදරයා කවුද කියල, එත් ඔහුටත් මම කෘතවේදී වෙනවා මොකද ඔහු කරපු ඉල්ලීම නිසා මමත් යමක් ඉගෙන ගත්තා. එහෙනම් මෙන්න ඒ සහෝදරයාටත් විවෘතයි මේ උපසිරැස ඒ උසස් කාර්යය වෙනුවෙන්.

එහෙනම් ඉක්මනටම අයෙත් මුණගැහෙමු කියන ගමන් හැමෝටම ජයෙන් ජය පතනවා..!

Earth: Making of a Planet (2011) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,140 downloadsDownload Earth-Making-of-a-Planet-2011.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

3,140 downloadsDownload Subtitles38 KB

78 comments

  1. tharanga

    පට්ටම වටිනා වැඩක් එල

    1. sumeera kasun

      niyanai a...

  2. උදාර

    සුපිරි ආයේ කියලා වැඩක් නෑ

  3. hh

    bohoma pin wadeyta

  4. ositha

    watinakama meywaye kiyla nima karanna ba tx

  5. vee

    maxxa maxxa :)

  6. quik

    thanks

  7. wow

    wow,,maru :D

  8. shann

    මේවත් දෙන්න ඕනේ අනිවා මොකද ෆිල්ම් බලලා විතරක් මදි දැනුම ගන්නත් ඕනේ ජය!!

    1. TNT

      සිරා කතාව!!!

  9. geeth

    maru machan mama nam dakka gaman download wenna damma

  10. amilatk

    jayen jaya!!!

  11. pathum

    gr8 work :)

  12. vernie

    miyamai හසන්ත

  13. fd

    sub deepu akata godak pin

  14. හර්ෂ ලහිරු

    අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් බොහොමයි
    ඉතින් ඒවායෙන් ටිකක් හරි දැනගන්න තියෙන්නෙ මේවගේ දෙයකින් තමයි
    හසන්ත සහො මේකට සබ් දුන්නැත්තම් මේක ජීවිතේටම නොදකින්න ඉඩ තිබුනා
    ෆිල්ම්,ඩ්‍රාමා ඇරුනාම මේවගේ වටිනා කියන වැඩසටහනුත්
    බයිස්කෝප් සයිට් එකෙන් දෙන එක මිල කරන්න නම් බැහැ
    බොහොම ස්තුතියි හසන්ත සහො

  15. යසස්

    මේක නම් අනිවා බලන්න ඕනේ පට්ට

  16. jeewantha

    baiscope best kiyanne nikan neme ne oyala patta

  17. was

    තවත් අනගි වැඩක් :) ජය

  18. එරංග

    එලස් සහෝ

  19. dilan

    meywage nodanna awa gana deyawal sinhalen dena aka nama patta watinawa saho

  20. Amila

    ලොවෙත් නෑ මචෝ

  21. සමීර කරුණාරත්න

    මේක බොහොම අගනා කතාවක් බව කිව්වා නෙව බුකියේත් හසන්ත අයියා. බාන්න ඕනේ ඔන්න උපසිරැසට බොහොම ස්තුතියි....

  22. waruna

    supiri wena kiyanna deyak na

  23. thusitha

    patta patta apith banawa

  24. Keshan

    ජය වේවා :D අයියට තිබ්බේ මේක A/L වලට කලින් දෙන්න නේ .. hehe geography වල පාඩමක් ..ගොඩක් ස්තුතියි අයියේ ...මේ වගේ ඉගනගන්න ඒවත් මේකෙන් දෙන ඒක නම් වටිනවා ඔන්න බානවා දැන්ම බලනවා ...:D

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    අම්මට සිරි පට්ට කතාවක්නේ අනිවා බලන්න ඕනි,දැන්ම බානවා හසන්ත වික්‍රමරත්න සහෝට බොහොම පිං.ජයවේවා.

  26. “චූටී මල්ලි”

    පට්ටම එක්ක නොවැ
    අනිවා බලන්න වෙනවා
    සබට තුති
    ඔබට ජය......

  27. supun

    thanx bro..niyamai.

  28. දිෂාන්

    මම අසම කරන ජාතියෙ වැඩක්.. අදම බලන්න ඕනි.. ජයම වේවා මහත්මයාණනි..

  29. තුෂාන් මධුසංඛ

    පට්ටම වැඩක් සහෝ. ගොඩක් පින් සිද්දවෙන වැඩක්.

  30. දිදුල Kd සිල්වා

    නියමයි හසන්ත අයියෙ..
    මැක්සා වැඩක්...
    ඉස්කෝලෙ යන කාලෙ මමහත් හරි උනන්දුයි මේවට...
    අනිවා බලන්න ඕනෙ..
    ...
    කොහෙද ඉතින් බලන්න ඕනෙයි කිව්ව කීයක් නම් තාම බලන්න බැරි වුනාද..
    ..
    කොහොම වුනත් වැඩේ උපරිමයි.
    ..
    ජය වේවා෴

  31. me

    Thanks

  32. danushka

    niyamai,,thanks,,,

  33. shani

    තෑන්ක්ස්. සාමාන්යන කතා අතරේ මේ වගේ වාර්තා වැඩසටහන් හරිම වටිනවා.

    පුළුවන් නම් BBC.Frozen.Planet.2011මේකටත් සිංහල සබ් දෙන්න.

  34. Amil

    හසන්ත අයියා ඔය දිලා තියෙන්නේ පට්ට කථාවකට සබක්. සුපිරියි. මේවගේ දැනුමට යමක් දෙනවනම් ඒක ගොඩාක් වටිනවා..

  35. Someone

    සිංහල උපසිරැසි එක්ක බලන්නේ කොහොමද?? සිංහල උපසිරැසි බාගත කරගත්තට ඒවා ඔපන් කරන්න බැහැනේ.

  36. nalaka

    මේ වගේ විශ්ව දැනුම ලබා ගන්න මෙවෙනි නිර්මාණයක් ලබා දුන්න මිතුර ඔබට ගොඩක් තුති

  37. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  38. uda

    ඕන්න ඕක තමා වැඩේ...

    කොච්චර හොද වුණත් මේවා බලන අය අඩුයි :( මමත් කලින් මේවාගේ ඒවා දුන්නා. මම හිතන්නේ මේ සයිට් එකේ වැඩිම ඒවගේ ගාණක් දීලා ඇත්තේත් මමයි බාගවිට. ඒත් ඉතින් ඔන්න ඕකයි ප්‍රශ්නේ! ඒවාම දිගටම දෙන්ඩ ගියහම ඒක හරිම අමාරු වැඩක්. අනිත් ඒවා දෙන අයට වගේ නෙමෙයි. හසන්තට එකෙන්ම එපා වුණානම් පුදුමෙකුත් නෑ...

    ඒත් මේ ගත්තු සුළු ගණන වුණත් මේක අරගෙන බලන්නේ; විෂය දැනුමට, අලුත් යමක් ඉගෙන ගන්න, නැතිනම් කුතුහලයට. ඉතින් ඒ ගණන සුළු ගණනක් වුණත් ඒ අයට ඒක බොහොම වටිනවා. නමුත් මේවාම එකදිගට දෙන්න ගියාම හැගෙන විදිහ?
    ඒක එහෙම දීලාම බලන්න වෙනවා.

    ලංකාව දියුණු නොවීමේ එක රහසක් තමා මේක! වල්පල් වලට ඉඩ වැඩියි. අපේ රටේ රූපවාහිනීවලින් කියාදෙන්නෙ මහන්නයි-උයන්නයි! නැතිනම්; උයන්නයි-මහන්නයි! ඒ ඇරුණහම දවසින් බාගයක් ටෙලිනාට්‍ය, ඉතුරු හරිය දැන්වීම්. තවත් කොහෙන්හරි ඉඩක් තිබ්බොත් මොකක්හරි එකක් රිංගෝනවා. අපේ තියෙන කැහිල්ලට පිට රට TV එකක යන මෙහෙම එකක් දුන්නත් අර "නොදියුණුබවේම ගිළීමේ" මානසිකත්වයෙන් පෙළෙන මේ රටේවුන්ට ඒවා වැඩකුත් නෑ. ඒ රටවල 'අලුත් පොත්-පත්/ කතා සංකල්ප/ චිත්‍රපට/ නව නිපැයුම්/ නව සොයාගැනීම්' පහළවීමට මේ රූපවාහිනියෙන් ලබාදෙන දායකත්වය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. මොකද ඒවයින් දෙන්නේ දැනුම! අපේ ඒවයින්? :(

    අනාගත පරපුරවත් මේවා බලලා දැනුමෙන් දියුණුවෙලා, අලුත් දෙයක් කරන්න, තව පෙරළි කරන්න මට්ටමට එනවානම් ඒක තමා එකම සතුට. නැද්ද හසන්ත? එනිසා මේ වැඩේ අගය කරනවා. අර කිවූ පාසල් දර්ශන පවත්වන්නට මූලික වූ අයටත්;(ඒ අයත් පොඩි හරි කැහිල්ලක් තියෙන කට්ටියක්) ජයෙන් ජයම වේවා! වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!

  39. waruna

    good work bro...tnks

  40. indika

    thnq

  41. kash

    thx bro,,,great work.

  42. සoජය

    බොහෝම ස්තුතියි හසන්ත සහෝ...

  43. චමී

    ඇත්තටම හසන්ත සහෝ... ඔබට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ යමක් ඉගෙන ගන්න පුළුවන් යමක් අප වෙනුවෙන් ලබාදෙනවට. අපගේ මේ ලෝකය ගැන හරිහැටි යමක් ඉගෙන ගන්න මේ සලරුව අපට අත්වැලක් වේවි. බොහොම ස්තුතියි සහෝ.. ඔබට ජය..පතමි..

  44. නලින්

    නියමයි හසන්ත අයියා. කොච්චර උනත් මෙවාගේ එකක් දිපු එක නම් මැක්සා වටිනවා කාට කාටත්..

    ජය වේවා!

  45. ශාන් විමුක්ති [විමා]

    නියමයි හසෝ
    උබට බොහොම පිං මේ කරපු වැඩේට

  46. yeshu

    ස්තූතියි.... මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන වැඩසටහන්වලට සබ් දෙන එක වටිනවා.

  47. PORA

    පට්ටම වටිනා වැඩක් එල

  48. tharindu

    meka nam balanna vatina kathavak..........jaya wevaa.....

  49. pri

    THANK YOU VERY MUCH

  50. nuwan

    thank you so much saho...

Load more comments