ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතා හෙවත් නවකතා හතර අතරින් තවත් අපූරු කතාවක්. චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කරපු සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Sign of Four කියන කතාව මුළුමුනින්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත කියවපු කෙනෙකුට මේක බලනකොට ඒ පොත…
ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතා හෙවත් නවකතා හතර අතරින් තවත් අපූරු කතාවක්. චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කරපු සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Sign of Four කියන කතාව මුළුමුනින්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත කියවපු කෙනෙකුට මේක බලනකොට ඒ පොතේ විස්තර කරලා තිබුන දේවල් අපූරුවට රසවිඳින්න පුළුවන්. IMDb දර්ශකයේ 7.6/10 ක තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතාව කොනන්ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කතා අතර ප්‍රමුඛස්ථානයක් ගන්න බවත් සඳහන් වෙලා තියෙනවා. දොස්තර වොට්සන්, බේකර් වීදියේ කොලු රැල හෙවත් අවිධිමත් රහස් පරීක්ෂක කණ්ඩායම, හඩ්සන් මහත්මිය, පොලිස් නිලධාරී ඇතල්නි ජොන්ස් වගේම ටෝබි කියන දක්ෂ සුනඛයාවත් අපිට මේ කතාවෙදි හම්බවෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ෂර්ලොක් හෝම්ස්ට සුපුරුදු විදිහට තවත් අභිරහසක් විසඳන්න ලැබෙනවා මේරි මෝස්ටන් කියන තරුණ කාන්තාවගෙන්. වසර දහයකට පෙර අතුරුදහන් වූ තමන්ගෙ පියා වන කැප්ටන් මොස්ටන් ගැන සෙවීම තමයි ෂර්ලොක් හෝම්ස්ට බාර වෙන්නේ. මේරි මෝස්ටන්ගේ පියා අතුරුදහන් උන අවුරුද්දේ ඉඳලා ඇයට හැම වර්ෂයකම අපූරු තෑග්ගක් තැපෑලෙන් ලැබෙනවා. වසර නවයක්ම එක දිගට එකම දිනේකදි ලැබුන මේ තෑග්ග මේ වසරේදි ඇයට ලැබෙන්නෙ නැහැ. තෑග්ග වෙනුවට ලිපියක් තමයි ඇයට ලැබෙන්නේ. ඉතින් මෝස්ටන් මෙනවිය ෂර්ලොක් හෝම්ස් ගාවට එන්නේ මේ තෑගි වල අභිරහසත් විසඳගන්නයි.
ඉතින් යාළුවනේ.. මේරි මෝස්ටන්ට වසරක් පාසා ලැබෙන මේ අපූරු තෑග්ග මොකක්ද? මේ වසරේ ඇයි ඒක ලැබෙන්නෙ නැත්තේ? මොනවද අර ලිපියේ තියෙන්නෙ? කැප්ටන් මෝස්ටන්ට මොකද උනේ? මේ අභිරහස විසඳන්න යන ෂර්ලොක් හෝම්ස් ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝග වලටද? ඔහු ඒ අභියෝග වලට මුහුණ දීලා කොහොමද මේ අභිරහස විසඳන්නේ? මේ අභිරහස තව අභිරහස් ගණනාවක් හෙලි කරන අභිරහසක් වේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.
ප : ලි- මේ දීලා තියෙන්නේ Jeremy Brett ෂර්ලොක් හෝම්ස් ලෙස රංගනයේ නිරතවුණ රූපවාහිනි චිත්‍රපටයක්. දීර්ග කතා තියෙන්නේ වෙනම චිත්‍රපට ලෙස වුනාට ඒවාට වෙනම ටොරන්ට් නැහැ. ඔයාලා නම පටලා ගන්න නිසා දැම්මත් පසු සදහනක් එක්ක වෙනස් කරන්නේ ඔබ වෙත හරිම තොරතුරු යන්න ඕනේ නිසයි. මොකද බයිස්කෝප් තැනින් තැනින් කතා පටන් ගන්නේ නැහැ නේ. ඒ නිසා මේ දීලා තියන ටොරන්ට් එකේ The Adventures Of Sherlock Holmes – S04E01 – The Sign Of Four කියන ගොනුව විතරක් තෝරාගෙන බාගත කරගන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
15.8 GB කොපිය මෙතනින් බාගන්න 9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,959 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S04E01.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< 3rd Season All Episodes Next Episode >>
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
49 comments
Gayan
lk
meykata subs dena aka nam watinawa,sub nathuwa theyrenne na :)
yasas
bohoma pin sub akata :)
kalinga
ලොවෙත් නෑ පොත් වල මම ආසම කතාව මේක :)
ositha
marune macho
quik
thanks
venura
bohoma pin sub akata
was
සබ් නැතුව නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ මේකේ කොහොම නමුත් මේක ටි වී කතාවකට වඩා දිග ෆිල්ම් එකක් වගේ කතාවක් නේ බැස්කවිල් එකත් දෙන්න මේ වගේ ඒකත් දිග කතාවක් නේ
ජය!!
naleen
digatama sub demu ela
#ChalinduDeshan (කිනා)
පට්ට ඈ.
ෂර්ලොක්ගේ කතා හැම එකක්ම වගේ කියවලා තියෙනවා.
ඒ වගේම ටීවි සීරියස්, ෆිල්ම් හැම එක්කම.
මේකත් එහෙනම් බලන්න ගන්න වෙයි වගේ.
එල එල මචං.
ස්තූතියි.
දිගටම කරගෙන යමු එහෙනම්.
ජයවේවා!tharanga
සුපිරිම තමා මචෝ
ganidu
තැන්ක්ස් වේවා!!
dilan
bohoma thx
ccnp
Thanks
hh
patta wadak digatama demu
හර්ෂ ලහිරු
අප්පටසිරි දිදුල කොල්ලා නවත්තලා තිබුන එක......
ඒපාර දිනිදුවා ගේමට බැහැලා තියෙන්නෙ
එලකිරි සහො මේකෙන් විතරක් නවතින්න එපා හොදේ
තව දෙක තුනක්වත් දුන්නොත් තමයි සුපිරි.....
ස්තුතියි සහො මේකට සබ්දුන්නටudara
thnx Bro.......
සමීර කරුණාරත්න
අපේ දිදුල කොල්ලට පිං සිද්ධවෙන්න මම මේ සිරිස් එක ගැන දැනගත්තා. කොහොම හරි අපි මුල් එක දෙනකොට මම එක හුස්මට මේ ඔක්කොම ටික බලාගත්තා. නමුත් සමහර තැන දෙමල චිත්‍රපටයක් බැලුවා වගේ. කිසිම එකක් තේරෙන්නේ නැහැ. ඉතින් ආයේ අනිවා බලන්න ඕනේ. දැන් එකක් හරි. ඉතිරි ටිකත් බලාගන්න දිනිදු අයියා පිහිට වේවි කියලා හිතනවා. මේ උදව්වටත් බොහොම ස්තුතියි.
නලින්
නියමයි දිනුදු අයියා. දිදුල දිපු මේකේ පළමු සමය බෑවා එත් එක අවසානයක් උනේ නැහැ.
දිදුල ඉක්මනින් එකත් දෙන්නකම් මේ බලන් හිටියේ..දිනුදු අයියා කොටසක් දිපු එක වටිනවා.
ජය වේවා!
uda
මේකනම් නියම Renew කිරිල්ලක් මචන්. දිදුලයා කොච්චර දුන්නත් S01 එක ඉවර කළේ නැති එකනම් දුකක්! අපරාදේ කොල්ලා ඒකත් ඉවර කරලාම උන්නානම් තමා හොද!
මම දන්නා විදිහට මේක එකක් එක්කෙනාට බෙදා දුන්නා අපේ විකියා එක එක කතාවාර විදිහට. ඒත් ඒක හරියට කෙරුනෙ නෑ. කමක් නෑ... උඹ භාරගත් හරියවත් හරියට කරලා දෙන්ඩ හිතපු එක හොදයි. අනෙක් අයගේ අතපසු කිරීම් හින්දා උඹේ මහන්සිය අපතේ යවන්ඩ ඕනෙ නෑනේ! නැද්ද?
කොහොමවෙතත් අර උඹ කියපු බාගෙට කිරිල්ල දැන්නම් නිතරම දකිනවා අපේ සයිට් එකෙත් මම. ෂර්ලොක් හෝම්ස් ටීවී කතා දෙකක්ම අපි දෙන්ඩ ගත්තත් මේ වෙද්දි ඒ දෙකම මග. ඒත් අනිවාරයෙන්ම මේ කතා මාලාවේ අනිත් ඒවා ගැන උඹට කිසිම වගකීමක් නැති බව දන්නවා. ඒ නිසා තමන් ගත්තු ටිකවත් පිළිවෙළට දෙන එක තමා කළ හැකි එකම දේ...
ඒ දේ කරන්ඩ හිතපු එකනම් හරිම අගෙයි මචන්. බොහොම තුති! ජයවේවා!
දිනිඳු සම්පත්
මේක දාලා ගොඩක් දවස්.. පිළිවෙලට දෙන්න තමයි හිතාගෙන හිටියේ.. හැබැයි එක කොටසින් එකක් ඉවරවෙන කතා මාලාවක් නිසා අතරින් පතර දුන්නට එච්චර අවුලක් නෑ.. ෆිල්ම් එකකට සබ් දානවට වඩා මේ ටීවී සීරීස් එකට සබ් දාන එක අමාරුයි මචං.. UK English නෙ මේකෙ තියෙන්නේ.. ඒ මදිවට ප්‍රස්ථා පිරුළු, උපමා වගේ දේවලුත් මේ කතා වල සෑහෙන්න තියෙනවා..කට්ටියම පුළු පුළුවන් විදිහට සහයෝගයක් දුන්නොත් මේ කතා මාලාවත් ඉක්මනට කරලා දාන්න පුළුවන් වේවි.
Chamodya Chathuranga
ඉතුරු ටිකට sub දෙන්නකෝ ...!
Dulitha
නියමය් එල, මේපාරනම් ඔක්කොම(S7) දිගටම දෙන්න හොදෙ.මග නවත්වන්න එපා S01 කලින් දුන්නනෙ.අමතක නොකර S2,3 ත් දෙන්න.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......ශාන් විමුක්ති [විමා]
මැකසා දිනිදුවෝ
එලම කිරිදිමුතු තරංග ඉලුක්කුඹුර
මම කතා මාලාවනම් බැලුවේ නැහැ, නමුත් මේක බලන්න ඕනි,ජයවේවා.
NTH
Maxxxaaaaaaaaa.........
Frozen Heart
ela me wage ekak sub ekkama thama balanna ona
thanxmohamed
tnxs a lot brother, its awesome, I love Sherlock Holmes stories and like this web site very much, everyday visiting this site to see new updates :)
ඔබ සැමට සුබ පතනවා, ඔබලා ගෙ වටිනා කාලය අප වෙනුවෙන් කැපකරනවාටnuwan
supirima thamai thank you machoo...!
indika
thnxxxxxxxxxxxx
osh
niyamai meka danakan balagena hitiye..thanks දිනිඳු.
සoජය
එල එල හුඟ කාලෙකට පස්සෙ ශර්ලොක් හොල්ම්ස් ඇවිල්ල... මම ඒත් බැලුව මොකද එකපාරටම s04 වලින් පටන් ගන්නෙ කියල. බොහොම ස්තුතියි දිනිඳු සහෝ...
mudiya / මුදියා
කොච්චර ආසාවෙන් කියවපු පොතක්ද.නියමයි දිනිඳුවො.වෙලාවක් ලැබුන ගමන් බලනව.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
sp පියමල්
ෂර්ලොක් හෝම්ස්ගේ කතා පොත් නම් හැම එකම වගේ කියවලා තියනවා ආතර් කොනන් ඩොයිල් ලියපුවා,ඉතින් මට හිතාගන්න බෑ පොත කියවන තරම් කුතුහලයක් ෆිල්ම් එක බලද්දී ඇති වෙයිද කියලා,කෝකටත් අරගෙනම බලමු,thanks සබ් එකට
Prasanna
thank all of you!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Randy
බොහෛාම ස්තුතියි සහෝ..... Season 01 එකේ නවත්වපු තැන ඉන්දලා ඉතුරුටිකත් ඉක්මනට පළකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරවවා.... ගොඩාක් අසාවෙන් බලන කථාමාලවක්
Dilip
please saho ithuru kotas walatath sub denna. thnx
chinthaka
thanks brooooo
Amila Mudalige
Thank You
Tharindu Athukorala
පට්ටයි ආ එල :D
රොෂාන් රණවන පන්ගොඩ
මේකේ ඉතුරු ටිකටත් සබ් දෙන්නකෝ
Waruna Kamalawansha
නියම කතා මාලාව... උපසිරැසියත් නියමයි... බොහෛා්ම ස්තූතියි
Chamodya Chathuranga
කෝ තාම දුන්නේ නෑනේ ඉතුරු episode වලට sub..?
kumarapsp
Thanks Bro !!!
Thamoda Dananjaya
මේ එපිය හොයන්න සැහෙන්න අමාරු උනා ලිස්ට් එකේ පෙන්නන්නේ නෑ
ස්තුතියි සබ් වලටAnonymous
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxxa paya 1,30 ne film akak balanwa wage thama