බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සහෘදයින්, එකමුතුව විශ්වාසයෙන් ආ ගමනක තවත් සුවිශේෂී කඩ ඉමක් මෙලෙසින් අප පසු කරන්නේ ඉමහත් සතුටිනි. ලිපි 2000ක් සපුරාලන මේ මොහොතේ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට තවත් දිගු ගමනක් යාම සඳහා සුභ පැතුම් ආශීර්වාද එක් කරමින් මගේ සූදානම අද අපේ විශේෂාංගයේ තුන් වන කොටස ඔබට තිලිණ කිරීමටයි…
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සහෘදයින්, එකමුතුව විශ්වාසයෙන් ආ ගමනක තවත් සුවිශේෂී කඩ ඉමක් මෙලෙසින් අප පසු කරන්නේ ඉමහත් සතුටිනි. ලිපි 2000ක් සපුරාලන මේ මොහොතේ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට තවත් දිගු ගමනක් යාම සඳහා සුභ පැතුම් ආශීර්වාද එක් කරමින් මගේ සූදානම අද අපේ විශේෂාංගයේ තුන් වන කොටස ඔබට තිලිණ කිරීමටයි. එනම් ඊජිප්තුවේ ඉතිහාසය හා එහි වැදගත් සංධිස්ථාන අලලා නිර්මාණය කරන ලද, කොටස් 6කින් යුතු කතා මාලාවේ 3වන කොටසට සිංහල උපසිරැසි ලබා දීමටයි.
මෙම කොටස පුරාම අවදානය යොමු කොට ඇත්තේ “ජොවානි බෙල්සෝනි” නම් ගවේශකයෙක් වෙතයි. ඊජිප්තු ඉතිහාසයේ විශිෂ්ටතම ගවේශකයා ලෙස නම් දරා ඇත්තේද ඔහුයි. ඉතාලියේ පාදුවා වල උපත ලද මොහු ඉතා හැඩි දැඩි සිරුරකින් (උස අඩි 6යි අඟල් 7ක්) හෙබි පුද්ගලයෙකි. මේ නිසා ඔහු සර්කස් කණ්ඩායමක අයෝමය පුරුෂයෙක් වශයෙන්ද සේවය කොට තිබෙනවා. මේ හැර ඔහු ඉංජිනේරු විද්‍යාවද හැදෑරු අයෙක්. කෙසේ හෝ අවසානයේ මේ සර්කස් කරුවා ඊජිප්තුවේ ඉතා විශිෂ්ට පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති සුවිසල් නිර්මාණ රාශියක්ම ලොවට අනාවරණය කර දීමට සමත් වෙනවා. ඔහු විසින් ඊජිප්තුවේ සුසාන ඝර, පිරමීඩ, දේවස්ථාන සහ ප්‍රතිමා ආදී අති දැවැන්ත නිමැවුම් රාශියක් සොයා ගනු ලබනවා.
ඔහු එම ගවේශණයන් සිදු කරන ආකාරය, එහිදී ඔහු මුහුණ දුන් බාධක, ඔහු විසින් සොයා ගන්නා ස්ථාන සහ ප්‍රතිමා මෙන්ම එවායේ නිධාන කතා ආදී දැනුමෙන් පොහොසත් වීමට හැකි ආකාරයේ බොහෝ තොරතුරු මෙම කොටස තුලින් ඔබට දැක බලා ගත හැකි වේවි. පුරාණ ඊජිප්තුවේ විස්මිත නිර්මාණ හා එහි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන සියලු දෙනාට සහ ඉතිහාසය හෝ චිත්‍ර කලාව හදාරන අපේ සහෝදර සහෝදරියන්ට මේ වාර්තා වැඩ සටහන සිංහලෙන් ලබා දීම ඉමහත් පිටිවහලක් වේවි යැයි අප බලාපොරොත්තු වනවා.
නැවතත් සිංහල උපසිරැසියක් සමඟින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම්.
හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
700 MB (4.2 GB) කොපිය මෙතනින් බාගන්න 2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,078 downloadsDownload Egypt-E03.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
44 comments
tharanga
rusuru | රුසිරු
ජයම වේවා!!!
RAMILA
hoda wadak machan
-HacKrisH-
එල. අද බානවා.
quik
thanks
vee
a\ l art, campus history inna kattiyata nam meyka hodatama wadagath wenawa machao, maxxxa
naleen
baiscope is best
geeth
bohoma pin anargai athi wishitai wade :)
“චූටී මල්ලි”
දෙනවා ඇඩෙන්නම
සබට තුති
ඔබට ජය....නලින්
අද නම් විශ්ෂඨ වැඩක් කරන්නේ. එක සීසන් එකක් සහෝගය ඇතුව මේ විදිහට අහාවර කරන එක නම්.
ජය වේවා.
෴
shann
ඔය තියෙන්නේ පට්ටම පට්ට
යසස්
ලොවෙත් නෑ මන් දන්නා හොදම සයිට් එක මේක පට්ටයි
wow
wow,,maru :D
හසන්ත වික්‍රමරත්න
නියමයි දිදුල මල්ලි අනෙක් එපිසෝඩ් 3 ආවම ඒක දිගට බලාගෙන යන්න පුළුවන්. එහෙනම් සබ් එකට තැන්කු වේවා!!
kalinga
නියමයි සහෝ :) දැන් නම් බලන්න අදම හිතෙනවා දකින්න දක්කින ආසාව වැඩේ වෙනවා :)
h[a]s
ලොවෙත් නෑ බයිස්කෝප් එකෙන් විතරමයි
හර්ෂ ලහිරු
ස්තුතියි දිදුල සහො
අදත් ඉතින් දවසෙම බයිස්කෝප් තමයිශාන් විමුක්ති [විමා]
සම්භාව්‍ය කොල්ලෙක් අසම්භාව්‍ය කතාවක් ගෙනත්
නියමයි Kd කොලුවෝ
චිරංජයතු බයිස්කෝප්!මුදියා / mudiya
මේකේ කතාව කියෙව්වම බලන්න ගොඩාක් ආස හිතිල තියෙන්නෙ.ලබන සතියෙ තමයි ඉතිං බලන්න වෙන්නෙ.මොනව කරන්නද.ඔන්න දිදුලටත් සුභ පැතුම්.දෙවෙනියට වැඩිම සම්පත් දායකයා මං හිතන්නෙ අපේ සයිට් එකේ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
chami
thnxxxxxxxxxxxxxxx
Sisira Hegoda
Thanks.
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි මචෝ උපසිරසට, කතා මාලාවේ භාගයක් ඉවරයි...
තව 3යි....!#ChalinduDeshan (කිනා)
එකෙන්ම පහර ඈ...
කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
ජයවේවා!Amil
බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචන් දිදුලයෝ..
මැක්සා...
අනිවා බලනවා...
ජය වේවා...කේ.යූ.ජී. උදාර
නියමයි දිදුල............
ඔයත් මේ වැඩේ කොටස්කරුවෙක් වීම හුඟක් වටිනවා.
සිංහල සබට බොහොම ස්තූතියි.දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. දැන් 100ට ලඟයි නේද?
indika
thnxxxxxxx
අමල් ප්‍රසාද්
ඊජිප්තු ශිෂ්ඨාචාරයේ රහස් දැනගන්න මම පුදුම ආසාවකින් හිටියෙ... අද මට දන්න හිංගලෙන්ම ඒ ගැන දැන ගන්න සලස්වපු ඔයගොල්ලො හැමෝටම ස්තූතියි!!!
shani
බොහෝම ස්තූතියි !
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ :P :P
Madusanka
meke sub file eka open wennet naha. e ay e? danna kenek kiyannako ay kiyala
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mindika
Thanks !!!!!!!!!
upul
bohoma pin anargai athi wishitai
Blackhole
පට්ටම මචං සුපිරිම වැඩක් !!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
වරුණ නිරෝෂණ
මේ වටිනා කතා මාලාව සිංහලින් දුන්නාට බොහෝම ස්තුතියි සහෝ......
රනිල් ශ්‍රිමාල්
මේක නම් නියමයි සහෝ..! :):):):):)
chinthaka
balanakm iwasillak neee
thankz broooooonidi
Didula, oyala kalakata pera kala niyama wedak beluwe langadi. godak thanks! niyamai! oya sub kala ewain mama belu 9th me!
Nirosha Nirosha
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Egypt [E – 03] | අසම්භාව්‍ය ගවේශකයා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Pharaoh.and_.the_.Showman.jpg)

පට්ටම මචං සුපිරිම වැඩක්