ඔන්න එහෙනම් මම අපේ බයිස්කෝප් අඩවියේ හිත මිතුරන් එක්කාසු වෙලා කරන තවත් වැඩකට දායකත්වය ලබා දුන්නා, කලින් සදහන් කරාපු විදියටම අද අපේ විබ් පලට තවත් සුවිශේෂී දවසක්. අදින් අපේ ලිපි දෙදහස සම්පූර්ණ වෙනව. පොතේගුරා සහ ඔහුගේ සහායක ගෝලයා විසින් මේ අඩවිය ආරම්බ කලේ බයිස්කෝප්පට ගැන දැනුවත් කිරීම මූලිකවම අරමුනු කර…
ඔන්න එහෙනම් මම අපේ බයිස්කෝප් අඩවියේ හිත මිතුරන් එක්කාසු වෙලා කරන තවත් වැඩකට දායකත්වය ලබා දුන්නා, කලින් සදහන් කරාපු විදියටම අද අපේ විබ් පලට තවත් සුවිශේෂී දවසක්. අදින් අපේ ලිපි දෙදහස සම්පූර්ණ වෙනව. පොතේගුරා සහ ඔහුගේ සහායක ගෝලයා විසින් මේ අඩවිය ආරම්බ කලේ බයිස්කෝප්පට ගැන දැනුවත් කිරීම මූලිකවම අරමුනු කරගෙනනෙ. ඒ නිසාම අපි කවදාවත්ම නැගපු ඉනිමගට පයින්ගහන්නෙ නෑ අපි හැම ලිපි සැමරුමක්ම මේ විදියට කරනව. ඒ වගේම කුමක් හෝ ඉතාමත් වැඩදායී සත්කාර්යක් කරනව. ඔයාලට මතක ඇතිනෙ අපේ ලිපි දහසෙ සැමරුමට අපි ලෝකෙන් වැඩිම ප්‍රේක්ෂක මනාප හිමිවූ සිනමාපට 250 එහෙම නැත්තම් “Imdb Top 250” ට සිංහල උපසිරසි සැපයීමට පටන් ගත්තා, ඉතින් අපි ඒ වගේම අද කරන්න හදන්නෙ ලෝකප්‍රකට බීබීසී නාලිකාවෙන් විකාශනය කෙරුනු ටෙලි කතා මාලාවක් පැය දෙකෙන් දෙකට එක කොටස බැගින් එකම දවසේ ලබා දීමයි. ඇත්තටම මේක වින්දනයෙන් ඔබ්බට ගිය වැඩක්. දැනුම් පිපාසවෙන් දිවයන ලෝකයක අපි ඔබට අද මේ තිළින කරන දේ ඉතාම වැඩදායී දෙයක්. මේ දේ කවදාවත්ම අහක යන එකක් නම් නෑ. එහෙමනම් ඉතින් කියෙව්වා ඇති වගේ, අරන් ආපු දේ ගැන කතා කරමු.
මේකෙ පලමුවෙනි කොටස අපේ හසා හිමිදිරි උදේන්ම දුන්නනෙ ඔයාලට. දෙවැන්න එහෙනම් මගේ ගානෙ..පලමු කොටසින් ඔයාලට අරන් ආවෙ මේ සොහොන්ඝරය හොයාගන්න විදිය සහ කැනීම් කරන විදිය, මේකෙන් කියන්නෙ ඊට පස්සෙ වෙන දේවල්. ටූටන්කාමන් කිවුවහම හැන කෙනෙක්ම දන්නවනෙ ඉතින්, 1922දි තමා මේ ටූටන්කාමන් පාරාවෝ රජුගේ නූතන ලෝකයට පැමිනීම සිදුවුනේ. එයා මිසරයේ උන්නු පාරාවෝ වරුන්ගෙන් ප්‍රසිද්දම කෙනෙක්, මිසරයයි පිරමීඩයි ඇරුනහම එයාල එක්ක බැදුනු අනිත් දේ තමයි “ශාපය”. ඒ සාප ඇත්තක්ද බොරුවක්ද කියලනම් හරියටම දන්නෙ නෑ, සමහර විට මේක ගැන සිංහල උපසිරසි සමගින් ඔයාලට අරන් ආව කියල ටූටන්කාමන්ගේ ශාපය අපේ ගෙදරටත් ඒවිද කියන්ටත් බෑ ඉතින් 😉
කොහොම උනත් මේ ටූටන් කාමන් කියන්නෙ අපූරු රහස් ගොඩක් ලෝකෙට හෙලිකරාපු කෙනෙක්. එයා තරුණ අවදියෙදිම අභිරහස් විදියට මියගිහින් තියෙනව. ඉතින් සමහර ඉතිහාසඥයින් කියන විදියට මේක කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් කියලත්, කොහොම උනත් මෙයා මියගියාම මෙයාගෙ නම ඉතිහාසයෙන් වියැකිලා යන විදියට තමයි ඊලගට පත් වෙච්ච පාරාවෝ රජු කටයුතු කරල තියෙන්නෙ. ඒ වගේම තමයි මෙයාගෙ මෘතශරීරය භූමිදාන කරල තියෙන්නෙත් අනිත් පාරාවරුන්ට වඩා බොහොම නොසැලකිලිමත් ආකරයට. ටූටන්කාමන්ගෙ මමිය හොයාගත්තෙ වෙනත් පාරාවෝ වරුන්ගෙ වගේ පිරමීඩ වල තිබිල නෙමේ, නිකම් හුදකලා නිම්නයක ගල් ගොඩක් අස්සෙ හදපු සොහොන්ඝරයක තිබිලයි ඒ වගම තමයි මෙයාගෙ සොහොන්ඝරය අනාවරනය කරපු හොවාඩ් කාටර් කියන පුරාවිදඥතුමා කවදාවත්ම දැනන් හිටියෙ නෑ එයා මේ හොයාගත්තෙ ඉතිහාසෙන් මකල දැම්ම්ත් අද වෙනකොට ලෝකෙ ඉන්න ජනප්‍රියතම පාරාවෝගෙ මමිය කියල. මේ අග්‍රගන්‍ය සොයාගැනීම කරපු එතුමා ඉතාම අඩු සැලකිලි සහිතව තමා අවසන් ගමන් ගියෙත් දෛවයේ සරදම් තමා ඉතින් ඒව. වැඩි විස්තර අද මම අරන් ආපු මේ කොටසෙ අන්තර්ගතයි. නාට්‍යානුසාරයෙන් බොහොම ආසහිතෙන විදියට මේ දේ ලෝකයට අරන් ගිහින් තියෙනව. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් එකක් මේක. එහෙනම් යාළුවනේ ඔයාලට වාසනාවන්ත ජීවිතයක් පතමින් මම ලිපිය අවසන් කරන්නම්. නැවත හමුවෙමු එහෙනම්.චිරං ජයතු බයිස්කෝප්!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත
2,032 downloadsDownload Egypt-E02.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
60 comments
-HacKrisH-
ශාන් විමුක්ති [විමා]
එකෙන්මයි ඈ ;)
g-a-n-d-u
පට්ටම තමා මචෝ :)
ප්‍රශන්න
යකෝ අරක තාම බාන ගමන් පිස්සු හදන්නද හදන්නේ
maleesha
sirawatama
ශාන් විමුක්ති [විමා]
අද ඉතින් විසේස දවසක්නෙ
මදි නොකියන්න පිස්සු වට්ටන්නයි කල්පොනාව ;)
dilan
thanks watinama wadak
ranga
loweth gannawa hode :)
quik
thanks
kalinga
මැක්සා වැඩක් මමත් පට්ටම ආසයි මේවායේ රහස් දන ගන්න සුපිරිම වැඩක් 2000 ට කරන්නේ
ශාන් විමුක්ති [විමා]
අද රහස් සේරෝම එලිවෙනව නොවැ ;)
amilatk
jayen jaya!!!
mihin ලංකා
සබ් එක ගත්තා තවම පළමු කොටස ගන්නවා එහෙනම් සේරම බාන්න දානවා දැන්
පට්ට :)dilan
thanks so much
ganidu
තැන්ක්ස් වේවා !
shann
අඩේ පට්ටනේ මචන්ලා මේක නම් මසුරන් කතා ටිකක්
madushan
jaya wewa.............mamath mewata hari asai.
zumo man
elazz thnxzzz
hh
meyka supirima katha set akak sub dena ka nam watinawa sahenna
මුදියා / mudiya
ලිපි 2000 සමරන්න කුරන සුපිරි වැඩේට දායක වුන විමාටත් සුභ පැතුම්.අයියෝ තව පෙන් එකක් තිබුනනම් මේ සෙට් එකම ඉක්මනට බාගෙන දාගෙන යන්න තිබුන.මොනව කරන්නද.ජයවේවා.බොහෝ...................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
දුක තමා ඉතින් :(
ඔහෙ කමක් නෑ අයියෝ
නිවාඩු පාඩුවේ බාගෙන බලන්ටකො ;)
tharanga
බොහොම පින් නියමයි
නලින්
නියමයි විමෝ!
ජය වේවා!
indika
thnxxxxxxxxxx
හර්ෂ ලහිරු
දෙදාහේ පටන් ගැන්මත් එක්කම
විමා කොල්ලත් වැඩපටන් අරගෙන තියෙන්නෙ
ස්තුතියි සහොශාන් විමුක්ති [විමා]
හෙහ් හේ
කවුදෝ මවාපාන මායාවකින් කලින්ම වැඩ ඇල්ලුවා කොලුවෝ ;)
“චූටී මල්ලි”
එල එල
අදම ඉවරකොරයි වගෙ
සබට තුති ඔබට ජය....................සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි විමා.
කැලුම් රණවක
මේක බලනකන් ඉවසීමක් නැතිව ඉන්නෙ දැන්..
තව දවස් 3ක් දත කට පූට්ටු කොරන් ඉන්න වෙනවාශාන් විමුක්ති [විමා]
බොටනම් හොදම වැඩේ
ගහගන් කටේ ඇලුමිනියම් හැන්දක් :P
හසන්ත වික්‍රමරත්න
මමත් මගේ කොටස බලලා හිටියා අනිත් ටික සිංහලෙන්ම බලන්න. අද ඉතින් මේ සීසන් එක ඉවරයක් කරන්න ඕනේ. තැන්කු වේවා !!!
ශාන් විමුක්ති [විමා]
මාත් ඔහොමම තමා හසෝ
අනික්වා බලන්ට ඕන අද හෙටම ;)
Cleyoni
Woohooo... keep it up !!
ශාන් විමුක්ති [විමා]
Thnnk you dr! :D
#ChalinduDeshan (කිනා)
එකෙන්ම පහර ඈ...
කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
ජයවේවා!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..Amil
බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
Thanks Vimo...ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela wimo...
මැක්සා...
අනිවා බලන්න ඕනේ එකක්...
ජය වේවා..කේ.යූ.ජී. උදාර
අද වගේ දවසක මේ වගේ වටින නිර්මාණයකට දායක වුණාට බොහොම ස්තූතියි වීමෝ...........
දිනිඳු සම්පත්
මේ ටූටන්කාමන් කියන්නේ පට්ට ඩයල් එකක් වගේ නේද විමෝ? අර කිව්වත් වගේ පොර තමයි දැනට ඉන්න ජනප්‍රියම මමියා..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!අමල් ප්‍රසාද්
මේ ලිපි මාලාව නම් මාරම ප්‍රයෝජනවත්..ඒ වගේම කරන සත්කාර්යයත් අති මහත්...මෙන්න එහෙනම් දෙවෙනි කොටසත් බෑවෙන්න දැම්ම
nalaka
තෑන්ක්ස් වීමා
shani
බොහෝම ස්තූතියි !
Akalanka
thnx a lot.
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
සචිත උදාර
සහෝ ලබාදුන්නු amelie 2001
http://subscene.com/subtitles/amelie-le-fabuleux-destin-dam…
සහෝ පුලුවන්නම් මේ සබ් ෆයිල් එකටත් ඕක යාවත්කාලීන කරන්නකෝ.
පුලුවන්නම් ලොකු උදව්වක්.ශාන් විමුක්ති [විමා]
හරි සහෝ මම කරල දෙන්නම්
මට ටික කාලයක් ලබාදෙන්නකො
මේ ටිකේ මට කාලය හරස් වෙලා තියනව
මම ඉක්මනටම කරල දෙන්නම් සහෝ
මට ඔයාගෙ විද්‍යුත් ලිපිනය හරි බුකියෙන් මැසේජ් එකක් හරි දුන්නනම් වැඩේ ලේසියිසචිත උදාර
අවුලක් නෑ සහො, කරදර වැඩක් බව දන්නවා, ඉල්ලන්නද,නොඉල්ලන්නද කියලා හිතලා ෆිල්ම් එකට ඇති කැමත්ත නිසාමයි ඉල්ලුවේ. සහෝට පුලුවන් දවසක දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [විමා]
ඕව නම් මොනාද රොයිලි අයියා
ඔයා නැත්තම් අද අපිත් නෑ නොවැ
මෙහෙම සමරන්න දේවලුත් නැතිවෙන්න තිබුනා
ඔයා නෑ කියල අපි අමනාප නෑ
හැබ්යි උන්නානම් ඉහටත් උඩින් ආ ;) :D
Madusanka
meke zip file eka open wenne nahane.
ශාන් විමුක්ති [විමා]
press alt + downlod sub file
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
ARS
නියමයි සහෝ,
දිගටම කරගෙන යමු
ජය වේවා..! :)sahan darshana
පලවෙනි එක බැලුවම පුදුම විදියට අස හිතුනා..ඇත්තටම හොද වැඩක් කරන අයට ගොඩක් ස්තුතියි ගොඩක් පින්.
chinthaka
thankz broooo
supiri eeeeeeeeenidi
Shan, godak thanks. supiri wedak oyala karala thiyenne. harima asawen beluwe! thanks!
Nirosha Nirosha
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අදම දීලා ඉවර කරනවාද?...? එල එල නියමයි.